IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලොරි මාරයාට බිලි වූ කථිකාචාර්ය සුරංගනාවිය

(කේ. බුද්ධික කුමාරසිරි)

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇය ලොරියේ හැපී ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇති පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වෙද්දීය.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ලක්මිණි බෝගමුව නමැති 24 හැවිරිදි කථිකාචාර්යවරියයි.

ඇය රැකියාවට යෑම සඳහා වික්‍රමසිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරුවීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී ඇති බවත් ඒ අවස්ථාවේදීම ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

‘‘2017 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යව වෙච්ච ලස්සන ගෑනු ළමය කවුද කියල එදා හැමෝම කතා වුණා. හැමදේටම දක්ෂ ඔයා කොහොමද මේ විදියට අපිව තනි කරලා ගියේ”‍ යනුවෙන් ඇය වෙනුවෙන් ලියපු වදන් වලින් මුහුණු පොත පිරී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක වූ ලක්මිණි චූලෝත්තමා බෝගමුව (27) අද නිසලව පෙට්ටියක් මත උඩුකුරුව සිටින ආකාරය දැක ඇයගේ සමීපතමයෝ කිසිවක් සිතාගත නොහැකිව කඳුළු සලති.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යානාංශයේ සහකාර කථිකාචාර්යවරිය වූ ලක්මිණි බෝගමුව (27) දියණිය බත්තරමුල්ල, වික්‍රමසිංහපුර මංසන්ධිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම දෙනෙත් පියාගෙන අවසන්ය.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබා දුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමට ද ඇය සමත් වූවාය.

තමන් සමග එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද නොමද ආදරය දිනාගත් තරුණියක වූ ලක්මිණි බෝගමුවට මුහුණ දීමට සිදු වූ හදිසි අනතුර සම්බන්ධව සියලු‍ දෙනා සිටින්නේ දැඩි ශෝකයෙනි.

කෙසේ වුවද දැන් ඇය ජීවිතය හැරගොස් අවසානය. ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් 10 පටුමග වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී සිදුකර අවසන් කටයුතු අද (21) සවස 5 ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.



අදහස් (10)

ලොරි මාරයාට බිලි වූ කථිකාචාර්ය සුරංගනාවිය

සමන් Tuesday, 20 February 2024 10:48 PM

නිවන් සුව ලැබේවා!!!

:       0       0

Ruwan Tuesday, 20 February 2024 11:17 PM

දවසකට රිය අනතුරු නිසා වගේම නොයෙකුත් අනතුරු වලින් තරුණියන් මිය යනවා.ඒ අය වෙනුවෙන් මේ වගේ ප්‍රවෘත්ති පල නොවෙන්නේ ඔවුන් කොළඹ අය නොවන නිසාද ?නැත්තන් ඒ අයට උපාධි නැති නිසාද?නැත්තන් ඒ අයගේ පියවරුන් කථිකාචාර්යවරුන් නොවන නිසාද?

:       0       0

Nimal Wednesday, 21 February 2024 08:19 AM

කරුණාකර උදේ පාන්දරම මේ ප්‍රවෘත්ති තමයි අහන්න වෙන්නේ.

:       0       0

Pradeep Kumara Wednesday, 21 February 2024 09:28 AM

මතු උපදින කිසිඳු භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා. ඔබගේ භව ගමන දුර වැඩි නොවේවා..!!

:       0       15

Rohana Wednesday, 21 February 2024 11:51 AM

නොහික්මුණ ලොරි රියැදුරකු නිසා දීප්තිමත් අනාගතයකට හිමිකම් ලැබූ ලක්මිණී දියණිය අකාලයේ මිලිනවිය. මෙවන් විපත් කිසිවෙකුට සිදුනොවේවා !

:       0       32

සමරකෝන් Wednesday, 21 February 2024 02:56 PM

තලවතුගොඩ ගනේලන්ද විහාරයේ දහම් පාසල් ආචාරවරියක් ලෙස දරුවන්හට කළ සේවය ද සදා අමරණීයයි. ඔබට නිවන් සුව අත්වේවායි අප පතමු.

:       0       8

බද්රානි Wednesday, 21 February 2024 03:55 PM

දැන් මෙතන බොරුවට ගුණකථන කරලා වැඩක් නැහැ... වටිනා ජීවිතයක් මාරයා බිලිගෙන හමාරයි... මහපාරේ අඩියෙන් අඩිය පොලිසිය හිටියත් නොහික්මුණු රියැදුරන් ඉබාගාතේ රිය ධාවනය කරන එක සුලභ දර්ශනයක්... රියදුරු පුහුණු පාසල් වල මහපාරේ ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කරනවාද..? මහපාරේ වාහන වලට වඩා, මගියාට ප්‍රමුඛත්වය දීමයි සිදුවිය යුත්තේ... ත්‍රී වීලර් රථ රියදුරන් මෙන්ම සුඛෝපබෝගී වාහන පදවන්නන් දක්වා තිබෙන්නේ..., පුදුම නොහික්මුණු කඩි කුලප්පුවක්... ඊට හේතුව, ලාංකික මනුස්සයින්ගේ තියන අවිනීතකම හා අශිෂ්ඨ කමයි. හීනමානයෙන් යුත් ලාංකික ජනතාවට වාහනයක් අතට ගත් සැනින් ලොකුකම ඉහට ගහනවා... ඇයි මේ විකුර්ති ජාන සහිත මිනිසුන් ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය තුළ කතා නොකරන්නේ..? විශේෂයෙන්ම ලංකාවේ පෞද්ගලික බස්රථ ප්‍රවාහනය නම්, තහනම් කළ යුතුමයි.

:       0       10

සච්ච ගවේසි.Wednesday, 21 February 2024 05:50 PM

"ලාංකික මනුස්සයින්ගේ තියන අවිනීතකම හා අශිෂ්ඨකමයි. හීනමානයෙන් යුත් ලාංකික ජනතාවට වාහනයක් අතට ගත් සැනින් ලොකුකම ඉහට ගහනවා... ඇයි මේ විකුර්ති ජාන සහිත මිනිසුන් ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය තුළ කතා නොකරන්නේ..? " භද්‍රාණි සොයුරිය, ඔබ පවසන්නේ තිත්ත තිත්තම, ඇත්ත ඇත්තමය. ජය වේවා!!!

:       0       1

kam Wednesday, 21 February 2024 04:31 PM

භද්‍රානි කියන දේ හරියටම හරි. ආගමට, සාරධර්මවලට, ගුණධර්මවලට මිනිස්සු හික්මවන්න බැහැ. මිනිස්සු ඒවාට බිය නැහැ. තිබිය යුත්තේ දැඩි නීතිය වන අතර එය සැමට සමානද විය යුතුයි.

:       0       1

චන්දිම ෆොන්සේකා Wednesday, 21 February 2024 05:11 PM

බොහෝ දෙනෙකුගේ වාහනවල කැමරා සවිකර තිබෙනවා. නොහික්මුණු රියැදුරන් පාරේ නීති නොතකා රථ ධාවනය කරන හැටි ඕනෑතරම් අපි කාගේත් කැමරාවල සටහන් වෙනවා. සමහර බස් ලොරි රියැදුරන් සීමා ඉරි ඉතා පැහැදිලිවම කපාගෙන පාර ඔවුන්ට රිසි පරිදි, අසාධාරණ ලෙස අපගේ ඇඟට කපාගෙන එන හැටි ඕනෑතරම් අපේ කැමරා ඇසට හසු වෙනවා. දැන්වත් මේ දෘශ්‍ය තොරතුරු පොලිසිවලට ලබාදීමට ක්‍රමයක් තියෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 954 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 140 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 141 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 136 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 420 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1077 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38765 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 294 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 995 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site