(රොෂාන් තුෂාර)
හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය සම්බන්ධව තවදුරටත් සැක සහිත බැවින් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ ලේඛන පරීක්ෂා කිරීමේදී මරණයට පත් වූ වේලාවන් තුනක් සටහන්ව ඇති බවට පෙනී යන බවද,පොලිසිය කළ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තවදුරටත් විමර්ශන කිරීමට නියෝග කරන ලෙසද හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
පොලිසිය විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් පොලිස්පතිවරයාට පැමිණිලි කළ හැකි බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ තැන්පත්කාර ජුඩ් මාර්කෝ පෙරේරා මහතා කියා සිටියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මරණ පරීක්ෂණ සටහන් අනුව මධ්‍යම රාත්‍රී 00.58 ට කොතලාවල මහතා මියගිය බවට සටහන් වුවද පොලිස් වාර්තාවේ මරණය සිදුවූ වේලාව උදෑසන 3.55 ලෙස සටහන් කර ඇති බවය.
තවත් අධිකරණ ලේඛනයක වෙනත් වේලාවක් සටහන් කර ඇති බවද පැවසීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයි
රංබොඩ Tuesday, 11 June 2024 09:31 AM
දැන් එතකොට එයා මැරිලා නෑ කියලද ඔප්පු කරන්න හදන්නේ ?
Lal Tuesday, 11 June 2024 09:53 AM
සෝම හාමුදුරුවන්ට කරපුවා පල දුන්න හැටි. අද හාමුදුරුවන්ට බැන බැන ධර්මයට ගරහමින් යන අයටත් ඉතින් ඔය සෙතේම තමයි.
RuwanTuesday, 11 June 2024 10:54 AM
සෝම හාමුදුරුවන්ගේ මරණය ස්වභාවික මරණයක්.හැබැයි හාමුදුරුවෝ උන්න නම් රාජපක්ෂලා විකුණන් කාපු හැටියට ලැජ්ජාවේ පණ ගිහින් තමයි මැරෙන්න වෙන්නේ.
රංබොඩTuesday, 11 June 2024 11:09 AM
ගොඩක් අය මේ සිද්ධිය දන්නෙ නෑ. කොතලාවල උන්නැහේ ආගම මාරු කළා විතරක් නෙවෙයි බුදු දහමට වෛර කළා. දැන් ඉපදුන තැනක විඳවනවා ඇති
Nihal Tuesday, 11 June 2024 11:43 AM
මැරිච්ච අයට දෙයියන්ට පණ තියෙනවානම් පණ දෙන්න පුලුවන්