IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලැව් ගිනි නිවන යානා තුනක් රත්මලානට

(රේඛා තරංගනී ෆොන්සේකා)

ලොව පුරා ඇතිවන ලැව් ගිනි නිවන ගුවන් ගිනි රථ තුනක් අද (17) රත්මලාන තොටුපලට පැමිණ තිබිණි.

ඕස්ට්‍රේලියාවේ සිට ගමන් අරඹන මෙම ගුවන් යානා සේවා පහසුකම් ලබා ගැනීම සඳහා මෙසේ රත්මලාන ගුවන් තොටුපොළට පැමිණෙන අතර යුරෝපා රටවල්වල ඇති වන්නා වූ ලැව්ගිනි  නිවා දැමීමට ජලය රැගෙන යෑම මෙහි විශේෂත්වයකි.

Fireboss 208 Airtractors මෙවැනි ගුවන් රථ රත්මලාන ගුවන් තොටුපළෙන් සේවා පහසුකම් ලබා ගැනීම හේතුවෙන් මාසික ආදායම ඉහල යන බව එහි කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී අප වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රත්මලාන ගුවන් තොටුපලේ අභ්‍යන්තර ගුවන් සේවා සහ ජාත්‍යන්තර ගුවන් සේවා මේ වන විට කොවිඩ් වාතාවරණයෙන් පසුව ඉතා හොඳ අතට හැරෙමින් පවතින බවය.

වර්තමානයේ තත්වය සලකා බැලීමේදී ගුවන් යානා නැවතුම් ස්ථාන දේශීය සමාගම්වලට ලබාදීම තුළින් ද සැලකිය යුතු ආදායමක් ඉපයිමට හැකියාව ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

ලැව් ගිනි නිවන යානා තුනක් රත්මලානට

chandima Thursday, 18 May 2023 12:34 AM

ඔස්ට්‍රේලියාවේ ඉඳන් යුරෝපෙට ලැව් ගිනි නිවන්න යනවා කියන්නේ ළඟදීම යුක්‍රේන් යුද්ධයට යුරෝපෙත් හවුල් වෙන්නවත් යනවද?

:       1       0

Bunny Preena Thursday, 18 May 2023 09:34 AM

පුලුවන්නම් අපේ රටටත් එකක් නිකන් ඉල්ලා ගන්න බැරිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2179 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2300 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 851 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2275 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 254 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1502 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site