IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලොව දෙවැනි විශාලතම දියමන්තිය හමුවෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් පතලකින් හමුවූ බව කැනේඩියානු දියමන්ති සමාගමක් වන ලුකාරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැරට් 2492 ක් වන මෙම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවූ විශාලතම දියමන්තියද වන බව එම සමාගම පැවැසුවේය.

මෙම දියමන්තිය එක්ස්-රේ තාක්ෂණය භාවිත කරමින් මෙම දියමන්තිය සොයාගත් බවත් ඊසානදිග බොට්ස්වානා පළාතේ කරෝවේ දියමන්ති පත්ලෙන් දියමන්තිය හමුවූ බවත් ලුකාරා දියමන්ති සමාගම ප්‍රකාශ කළේය. ලුකාරා සමාගම මෙම දියමන්තියට වටිනාකමක් ලබාදී නොමැති අතර මෙම දියමන්තිය දෙවැනි වන්නේ 1905 වසරේ සොයාගත් කැරට් 3016 ක්වූ කලිනන් දියමන්තියට පමණක් බව එම සමාගම පැවැසුවේය.

කෙසේ නමුත් මෙම දියමන්තිය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1207 ක් පමණ) පමණ වන බව දියමන්තිකරුවන් ඇස්තමේන්තු කර තිබේ.

ලුකාරා දියමන්ති සමාගම මෙම දියමන්තිය ඊයේ (22) දින බොට්ස්වානා ජනාධිපති මොක්ග්විට්සි මසීසිට පෙන්වා ඇති අතර බොට්ස්වානා රජය එම දියමන්තිය ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බව පිළිගෙන ඇත.



අදහස් (6)

ලොව දෙවැනි විශාලතම දියමන්තිය හමුවෙලා

අරවින්ද මොනරවිල Friday, 23 August 2024 08:05 AM

සෑර්ගේ කාලයේ අපිටත් හම්බ වුණේ මිල කළ නොහැකි ලෝකයේ විශාලතම මැණික් පොකුර, ඒකට මොකක්ද අප්පා සිද්ද වුනේ...! 

:       2       17

Lalla Friday, 23 August 2024 08:15 AM

රටට අහිමි සම්පත්. අපිට අනාගතේ වෙන්නෙත් මෙහෙම බලාගෙන ඉන්න. 1956න් ආරම්භ වූ ණයට කන නිකමුන්ගේ සහ හොරාකාලා බඩ පුරවගන්න දේශපාලන සංස්කෘතියට පින්සිද්ධ වෙන්න. අවසානයේ හොරු පවුලක් රටම බංකොළොත් කලා. ඒත් අපේ මෝඩ හැත්ත තාම බොරු පොරොන්දුවලට ඡන්ද දෙනවා....

:       2       8

Perera Friday, 23 August 2024 08:34 AM

අර රත්නපුරෙන් හමුවූ ලොව විශාලතම නිල් මැණික කවුද ගත්තේ?

:       1       6

ලසන්ත Friday, 23 August 2024 10:20 AM

හරිනම් මේ වෙනකොට, මේ වගේ එකක් ලංකාවෙනුත් හම්බවෙන්න ඔන්න මෙන්න තියෙන්න ඕනේ! මන්නාරමෙන් තෙල් ලැබෙන්න ඔන්න මෙන්න ආව වගේ .

:       1       20

ගමේ එකාලා Friday, 23 August 2024 06:10 PM

ඔහොම දෙයක් මේ රටේ වුණා නම් කෙළින්ම මැදමූලනේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වැටෙනවා...!

:       0       1

Pissa Friday, 23 August 2024 07:43 PM

අනේ මන්දා හරි නම් මේ වගේ එකක් ලංකාවෙත් හම්බවෙන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 272 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 290 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7349 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2880 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3573 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6040 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19246 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 148 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site