IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලොව පුරා තාක්ෂණික බිද වැටීම්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙතෙක් වාර්තාවූ ලොව ප්‍රබලතම තොරතුරු තාක්ෂණ බිඳ වැටීම සිදුවූ අතර ක්‍රවුඩ්ස්ට්‍රයික් නම් අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංග සපයන සමාගම එහි වගකීම බාර ගත්තේය.

ලොව පුරා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිත කරන රෝහල්, ගුවන් තොටුපොළවල්, බැංකු, දුරකතන සේවා සපයන සමාගම්, මාධ්‍ය ආයතන, පොලිසිය, දුම්රිය ඇතුළු බොහෝ සේවා ස්ථානවල පරිගණක පද්ධතීන් හදිසියේ බිඳ වැටීම හේතුවෙන් මෙම තොරතුරු තාක්ෂණ බිඳ වැටීම සිදුවූ අතර ඉන් සේවා රැසක් අඩපණ වූවේය.

බිඳ වැටීම හේතුවෙන් ඇමෙරිකානු කොටස් වෙළඳපොළද බිඳ වැටුණු අතර ඇතැම් රටවල්වල විද්‍යුත් නාලිකාවල ප්‍රවෘත්ති විකාශයන්ද අතරමග නතර විය.

පරිගණක ලෝකය තුළ "බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත්" ලෙස හැඳින්වෙන මෙම දෝෂය නිසා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණක පද්ධතීන් ලොව පුරා බිඳ වැටුණේය."බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත්" දෝෂය හටගත් විට පරිගණකයට මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

ලොව පුරා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිත කරන පරිගණක පද්ධතීන් බිඳ වැටීමත් සමඟ ක්‍රවුඩ්ස්ට්‍රයික් අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංග සමාගම ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ අතර එම විමර්ශනයේදී "බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත්" දෝෂය හට ගැනීමට හේතුවී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් නොවන බවට හෙළි විය. එයට හේතුවවී ඇත්තේ ඔවුන්ගේම ආරක්ෂණ මෘදුකාංගය සඳහා ලබාදුන් යාවත්කාලීන කිරීමක් බව ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගම අනාවරණය කළේය.

ක්‍රවුඩ්ස්ට්‍රයික් යනු සේවා ස්ථානවල පරිගණක පද්ධතීන් සඳහා ආරක්ෂණ මෘදුකාංග ලබාදෙන සමාගමකි.

තාක්ෂණික බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් 1000 ක් පමණ අවලංගු වූ අතර බොහෝ ගුවන් ගමන් ප්‍රමාද විය. ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වූ හාර්ට්ෆීල්ඩ් ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගීන් පරික්ෂා කරනු ලබන ස්වයංක්‍රිය පද්ධතියද මෙම බිඳ වැටීම හේතුවෙන් ක්‍රියා විරහිත වූ අතර එම ගුවන් තොටුපොළට පැමිණි මගීන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් වරකට එක් අයකු බැගින් යන්ත්‍ර නොමැතිව පරික්ෂා කිරීමට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට සිදුවිය.

මගීන් කලබල වීම හේතුවෙන් බොහෝ ගුවන් තොටුපොළවල් මගීන්ට ඉවසීමෙන් සහ සන්සුන්ව කටයුතු කරන ලෙස කාරුණික ඉල්ලීමක් නිකුත් කිරීමටද අමතක නොකළේය.

ගුවන් තොටුපොළ සේවා පමණක් නොව වෛද්‍ය සේවා, ගමනාගමන සේවා සහ පොලිස් සේවා වලටද මෙම තොරතුරු තාක්ෂණ බිඳ වැටීම බලපෑ අතර මේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල රාජකාරී කටයුතු රැසක් අඩපණ වූවේය. දෝෂය හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට මයික්‍රොසොෆ්ට් සමාගම සහ ක්‍රවුඩ්ස්ට්‍රයික් ආරම්භ කර තිබිණි.

මින් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ ජපානය විය. යුරෝපයටද මින් විශාල බලපෑමක් එල්ල විය. ඇමෙරිකාවේ රෝහල් කීපයක සේවා මෙම බිඳ වැටීම හේතුවෙන් අඩපණ වූ බවට එරට මාධ්‍ය වාර්තා කළේය.   



අදහස් (0)

ලොව පුරා තාක්ෂණික බිද වැටීම්

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1463 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1303 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2047 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2375 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1134 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35891 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site