IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලොව ලොකුම මැණික වෙන්දේසියට සූදානම්

(සුජිත් හේවාජුලිගේ)

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

වෙන්දේසියේ විකිණීමට ප්‍රථම පළමුවෙන්ම එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

චීනයේ මැණික් වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමි වන බවද ඔහු කීවේය.

රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.

මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.

 



අදහස් (20)

ලොව ලොකුම මැණික වෙන්දේසියට සූදානම්

aruna Wednesday, 28 July 2021 12:15 PM

හොදයි

:       0       2

sachith Wednesday, 28 July 2021 12:21 PM

"චීනයේ මැණික් වෙන්දේසිය...." මේකට ලැබෙන්න ඕනි වටිනාකමයි , ලැබෙන වටිනාකමයි හිතා ගන්න පුළුවන්නේ ඉතින් .

:       0       27

බද්රානි Wednesday, 28 July 2021 01:37 PM

මම අහලා තියනවා ලංකාව වැනි රටක හමුවෙන "තක්කඩි මැණිකකට" කළු සල්ලි සුදු කිරීමේ හැකියාවකුත් තියනවා කියලා. චීනයේ පැවැත්වෙන ඒ මැණික් වෙන්දේසියට කොන්ඩේ බැඳපු චීන්නුත් සමග අපේ ඩේසි ආච්චිත් එනවා කියල තමයි ආරංචිය??

:       0       21

Tiran Wednesday, 28 July 2021 02:32 PM

මෙතන පොඩි ඩ්‍රාමා එකක් යන්නේ කියල හිතෙන්නේ මට විතරද?

:       0       22

Malika Wednesday, 28 July 2021 03:42 PM

මේක චීන වෙන්දේසියේ දාන එක නම් සෑහෙන්න හිතන්න ඕනේ කරුණක්... බටහිර යුරෝපයේ, ඇමරිකාවේ වෙන්දේසිවලට යවන්න බැරිද? නැත්නම් අඩු ගාණට ඕක වෙන්දේසියෙන් අරන් ඩේසි ආච්චිගේ මැණික් මල්ලට එකතු වෙනවා ෂුවර්...

:       0       26

Weerasingha Wednesday, 28 July 2021 04:12 PM

ඕක විකුණලා ලැබෙන මුදලිනුත් අර කට්ටිය කුට්ටියක් ගහගනීවිද පුරුදු විදිහට...?

:       29       539

ගමේ එකාලාThursday, 29 July 2021 04:48 AM

ඩේසි ආච්චිගේ මැණික් මල්ල තියෙන්නේ ?

:       0       23

jagath Wednesday, 28 July 2021 04:54 PM

සාටක කාරයින්ගෙන් පරිස්සම් වුණොත් හොඳයි දැන්ම...

:       33       867

Nishantha Samaraweera Wednesday, 28 July 2021 06:11 PM

තවත් චූඩා මාණික්‍යය වගේ ගේමක් මේක... අහිංසක මිනිහා එළවලා දාලා කරන වැඩක්... ඒ ඉඩම් වලින් ගොඩගත්තු ඒවා තමයි. ඊළඟ ජනාධිපතිවරණයට පාර කපනවා.

:       18       210

dhamneth Wednesday, 28 July 2021 06:18 PM

මැණික විකුණුවට පසු ආණ්ඩුවට පුළුවන් මේ මැණික් මුදලාලිගෙන් ඩොලර් ණයට ගන්න...

:       10       71

RangaWednesday, 28 July 2021 08:02 PM

මෙහෙම කරන්නත් පුලුවන්.. මුදලාලිට රුපියල් දීලා ඩොලර් ඔක්කොම ආණ්ඩුවට ගන්නත් පුලුවන්...

:       1       76

chandimaThursday, 29 July 2021 04:23 AM

මොන පිස්සුද ? ණයට ගන්නේ නැහැ කුට්ටිය පිටින්ම ගන්නවා .අරන් අර කියපු විදියට රුපියල් දෙනවා .දීලා සතියකින් රුපියලේ අගය අඩු කරනවා .අන්තිමට ගල අයිතිකාරයාට හුලන් තමයි .

:       0       2

As Aran Wednesday, 28 July 2021 07:36 PM

අර කැලණියේ වගේ ගුණ්ඩුවක්ද මේ..? ඔය මැණික් පස්සේ ලොකු නාගයෙක් ඉන්න පුළුවන් රජ වෙන්න බලාගෙන...

:       31       504

Perera Thursday, 29 July 2021 12:41 AM

හරකුන්ට පුන්නක්කු...

:       0       4

විජිත් Thursday, 29 July 2021 06:21 AM

මම හොඳට හඳුනන රත්නපුරේ මැණික් වෙළඳාමේ යෙදෙන මගේ හිතවතෙකුගෙන් මේ ගැන විමසුවා.ඔහුගේ මතය අනුවනම් මේ ගල ඔය කියන තරම් වටිනාකමක් ඇති එකක් නොවෙයි. වැඩිම වුනොත් රුපියල් ලක්ෂ දෙක තුනක් වෙයි " කියලයි ඔහු මට පැවසුවේ. අපි බලාගෙන ඉමු දැන් " සාටක කට්ටිය මොකාටද " එන්නේ කියලා.

:       0       111

Kamal Koyrala Thursday, 29 July 2021 04:33 PM

මැණික ගෙනියන්නේ ලොකු අප්පච්චිලා රටට. ලෝක මැණික් වෙන්දේසිය ඒ රටේ තියෙනවා කියලා ඉතිහාසයටම ඇහුවාමයි ... සමහර වෙලාවට ගත්තු ණයට හිලව් කරගන්න බැරි නැහැ.

:       0       271

සමන්ත Thursday, 29 July 2021 05:31 PM

මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් කරන පට්ට පල් බොරුවක් බවත්, මේ පිටුපස වෙනත් වටිනා මැණික් රටින් පැන්නීමේ වැඩ පිළිවෙලක් ඇති බවත්, මෙය මියගිය මැණික් සහිත ගලක් බවත්, ඕනෑ නම් කෞතුකාගාරයක් සඳහා ලක්‍ෂ 10 කට විකිණිය හැකි බවත් රජයේම තක්සේරුකරුවන් පවසන බව වාර්තා වේ.

:       1       313

ව්පරමාThursday, 29 July 2021 06:48 PM

ඩේසි ආච්චි දුන්නයි කියපු මැණික් මල්ල වෙන්න ඇති...

:       1       124

සමිත සේනක අලුත්ගමගේ.Friday, 30 July 2021 08:19 AM

ඔබතුමාගේ අදහස් හා එකඟයි.රත්න විද්‍යාව පිළිබඳ උගතෙකු හා මැණික් කර්මාන්තය ගැන විශාල ප්‍රායෝගික දැනුමක් ඇති අයෙකු පැවසුවේ මේ මැණික රු.ලක්ෂ 10 ක් පමණ වටිනා බවය.විදේශිකයන් මේ ගැන දරන්නේ වෙනත් මතයක් බවත් ඔහුගේ කතාවෙන් වටහා ගන්නට හැකිවිය.මේ වෙලාවේ රටේ අගහිඟ කම් වලට මේ මැණික උපරිම මිලකට විකිණෙනවානම්,අපි සතුටු වන්නෙමු.ඒත් මේ රටේ සිදුවෙන කපටි කෛරාටික වැඩ ගැන කල්පනා කොට බැලීමේදී,කිසියම් සැකයක්ද මතුවේ.කෙසේ වෙතත් රටට වාසනාවක් වන්නේ නම්, යහපතකි.

:       0       33

සන්තෝෂී Saturday, 31 July 2021 09:43 PM

69 ලක්ෂය සතුටින් හුරේ තියන මේ මොහොතේ කැලේ ගස් සහ කොළඹ ඉඩම් වගේද මේ වගේ මැණික්..?. සෞභාග්‍යය දිනෙන් දින අත් විඳින්නේ දෙවියන්ට හෝ කාට හෝ පින්සිදු වන්නටනේ... හැමෝම ගොඩ දැන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 564 0

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 265 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 420 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 425 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3903 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 661 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 742 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site