ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන්
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්, ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත.
ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානයේ පියාපත් අඩි 383 ක් වීම නිසා එය ලොව විශාලතම ගුවන් යානය ලෙස නම් කර තිබේ.
මෙය රොක් ගුවන් යානයේ 8 වෙනි පියාසැරිය වුවත් ටැලොන් හයිපර්සොනික් යානයක් සමග ගුවන්ගත ගත වූ ප්‍රථම අවස්ථාව විය. රොක් ගුවන් යානයේ පියාපත් මධ්‍යයේ ඇති කුළුණකට ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානය සවි වී තිබුණි.ටැලොන් යානය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වඩා වේගයෙන් ගමන් කළ හැකි භාණ්ඩ රැගෙන යාමට නිර්මාණය කර ඇති යානාවක් වන අතර එය දියත් කර යුත්තේ උඩු ගුවනේදීය.
මොහාවි කාන්තාරයට අඩි 23000 ක් ඉහළ අහසේ පැය 5 මිනිත්තු 6 ක කාලයක් ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය පියාසර කර ඇත. මෙම සාර්ථක පියාසැරියත් සමග ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වූ අරමුණු ඉටුකරගැනීමට හැකි වෙතැයි විශ්වාසයක් ඇති වූ බවත් මෙය ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවත් දොස්තර සැකරි ක්‍රෙවර් ප්‍රකාශ කර ඇත.
මෙම සන්ධිස්ථානයත් සමඟ මීළඟ පියවර ටැලොන් යානය උඩු ගුවනේදී දියත් කිරීම අත්හදා බැලීම බව දොස්තර සැකරි ක්‍රෙවර් පැවසුවේය.
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි
wimal Wednesday, 02 November 2022 02:32 PM
විශිෂ්ඨයි, මෙවැනි දේවල් නිර්මාණය කරන මිනිස්සුන් තමයි අතිවිශිෂ්ඨයින් මේ ලෝකේ... හැබැයි තව ටික දවසකින් කියයි ලංකාවේ කෙනෙක් තමයි මේකේ රෝදයට නට් එක තද කළේ කියලා...
sharm warnWednesday, 02 November 2022 04:43 PM
ලංකාවේ අයගේ තාක්ෂණ දැනුම පහත් කරලා මොට කරලා විදේශිකයන්ගේ වැඩ ලොකු කරලා පෙන්වන ගොඩට එකතු වෙන්න එපා. නට් තද කරනවට වඩා වැදගත් දේවල් ලංකාවේ මිනිස්සු කරනවා. වැරද්ද තියෙන්නේ අපේ ජඩ මාධ්‍ය වලින් උලුප්පා ප්‍රසිද්ධ කරන්නේ පාදඩ දේශපාලුවන්ගේ තට්ටු දෙකේ පම්පොරි විතරයි.
SanthuThursday, 03 November 2022 12:34 AM
sharm warn ඔබ නිවැරදියි .එහෙම කියන්නෙ ඇයි. කෙතරම් ඉතාම උසස් ශ්‍රී ලාංකික ව්ද්වතුන් ලෝ පුරා විසිරී ඉන්නවද
Bempi Thursday, 03 November 2022 07:08 AM
උඹ ලංකාවේ උන්ට මෙහෙම ගරහන්න එපා. අපේ මිනිස්සුන්ගේ මොලේට ගහන්න මොළ මේ ලොවෙත් නෑ. පිටරටකට ගිය කෙනෙක් දන්නවා අපේ කට්ටියගේ තරම. ඕනෙම තැනක ඉහලම තැනක වැඩ් වශයෙන් ඉන්නේ ශ්‍රීලංකිකයෙක්. අපේ අයට වැඩක් කරන්න බැරි ලොකුම හේතුව ආර්ථික ප්‍රශ්න.
Ratawasiyek Wednesday, 02 November 2022 10:02 PM
අපේ අයගේ හැකියාවට මේ වනතෙක් කිසිම රජයකින් වටිනාකමක් දීලා නෑ. ලෝකේ ඉන්න මිනිස්සු අතරින් විශේෂ හැකියාවල් තියෙන වැඩි පිරිසක් ලංකාවේ ඉන්නවා.
පම්පෝරි සයිමා Friday, 04 November 2022 01:54 AM
කවුද අපේ මිනිස්සු කියන්නේ. ඔය "අපේ මිනිස්සු" කියන ජාතියේ අයට මනුස්ස සන්හතියේ අනිකුත් මිනිස්සුන්ට නැති විශේෂ ජාන තියෙනවාද අමුතු බුද්ධියක් ලැබෙන? දියුණු රටවල රැකියාවකට මිනිහෙක් ගන්නේ interview එකක් කරලා සුදුසුකම් බලලා. එකට ඒ මිනිස්සු රට, ජාතිය, සංස්කෘතිය සහ ආගම කියන දේවල් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. ඔයා ඔය කියන විදියට අපේ මිනිස්සුන්ගේ මොලේට ගහන්න මොළ මේ ලොවෙත් නැත්තම් interview එකක් අවශ්‍ය නැහැ. මොකද කෙලින්ම job එකට ගන්නවා මොළේ තරමට. මම දන්නා තරමින් මේ රටවල interview නොකර කවවත් රැකියාවකට ගන්නේ නැහැ. ඒක හින්දා ලොකු විවිදත්වයක් තියෙනවා මෙහෙ රැකියා ස්ථාන වල වැඩ කරන මිනිස්සුන්ගේ. විශේෂ, අමුතු හෝ ලොකු මිනිස්සු නැහැ.