(යොහාන් භාසුර)
ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක මුදලක් විදයම් කිරීමේ චෝදනාවට අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයට අද (21) කැඳවන බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ විශ්‍රාම ලත් විනිසුරුවයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවට අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය කැඳවා ඇති බවත් එහිදී චෝදනාවට අදාල සපත්තු කුට්ටම සහ බෑගය රැගෙන එන ලෙස දන්වා ඇති බවත් එම නිලධාරියා කීය.
අදාල නිලධාරිනිය ප්‍රංශ සවාරිය අවසන් කර පැමිණීමෙන් පසුව අතිරේක සාමාන්‍යාධිකාරි ව්‍යාපෘති තනතුරෙන් ඉවත් කර සාමාන්‍යාධිකාරී කාර්යාලයට ස්ථාන මාරු කිරීමට ද එම මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පියවර ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක් ගෙවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.
‘ලංවිම ලොක්කියක - හැටතුන්දාහට ගත් සපත්තු - බෑග් බිල මණ්ඩලයෙන් ගෙවලා’ යන ශීර්ෂය යටතේ එම සිද්ධිය පසුගිය නොවැම්බර් මස 24 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතේ පළවූ අතර අදාල සිද්ධිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා දැනුවත් වීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ඇරඹීය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංවීම නමනට සපත්තු-බෑග් ගත් ලොක්කී පරීක්ෂණයකට
Ruwan Thursday, 21 December 2023 07:36 AM
අධ්‍යාපන චාරිකාවෙන් ඉගෙන ගත්තේ මොනවද කියලත් බැලුවානම් හොඳයි
චිරන්ත Thursday, 21 December 2023 12:31 PM
හරිනම් චාරිකාව අවසන්ව පැමිණ සම්පූර්ණ වාර්තාවක් තමන්ගෙ ආයතනයට ඉදිරිපත් කරන්න ඕන එහෙම නොකලානම් ගෙවූ මුදල් හා අයකර ගැනීමට කටයුතු කරන්න ඕන
පැරකුම් Thursday, 21 December 2023 09:57 AM
දේශපාලුවො අපේ බදු සල්ලි කන හැටියට ඕක මොකක්ද පුලුවන් කෙනෙක් ඉන්නවනම් අන්න ඒවට නිසි පියවර ගන්න
රංබොඩ Thursday, 21 December 2023 10:31 AM
මාධ්‍යයෙන් ඇද්දෙ නැත්නම් වැඩේ යට යනවා. පස්සෙත්.ඉතින් ඒකම තමයා වෙන්නෙ
Tissa Thursday, 21 December 2023 10:50 AM
ඒගොල්ලෝ business management , customer care හොඳට කරලා තියෙන්නේ. වැරදි කරන්නේ බේරෙන ක්‍රම දන්නා නිසා. මේක සාමාන්‍ය දෙයක්.
Latha Thursday, 21 December 2023 11:04 AM
කමක් නැහැ. තව බිල වැඩි කරන්න.
පුරවැසියෙක්... Thursday, 21 December 2023 11:27 AM
රටේ ඇතැම් දේශපාලනඥයින්ට වඩා හොර , දුෂිත සහ වංචාවන්හි නිරතව සිටින නිලධාරීන් පිරිසක් සිටින බැවින් මොවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගතයුතුය. රජයේ මුදල් වැය කරමින් අධ්‍යන චාරිකාවල නිරතවන උසස් නිලධාරීන් වැඩි දෙනා ඒවා රට වෙනුවෙන් නොව ඔවුන්ගේ පෞද්ගලික සංචාරයන් බවට පත් කරගෙන ඇත. මේ ගැනද සොයා බැලිය යුතු අතර අධ්‍යයනයෙන් ලබාගත් දැනුම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීම වර්තමානයේ සිදු නොවන්නේද ?
මංජුල Thursday, 21 December 2023 02:03 PM
රටේ සිදුවුණු වංචා අනුව නම් මේක සුවිපින් කේස් එකක්...
ගමේ එකාලා Thursday, 21 December 2023 02:25 PM
කෝටි ගණන් හොර වැඩ කරන අය පැත්තක.. කිසිම අවුලක් නැහැ.
Bamunuarachchi Thursday, 21 December 2023 09:54 PM
මේ නෝනාගේ එකුසේ උපන් බෑනා, ගමේ එකා, ඔය කථා කොරන්නේ. මේ උන්දැ සපත්තු, බෑග් ගත්තැයි කියන විදිහටම ඔබත් කෝටි ගණන් හොර වැඩ පෙන්නල පැමිණිල්ලක් දමන්න. එතකොට ඒ අයගැනත් පරීක්ෂණ සිද්ද වේවි. නිකන් තැන් තැන් වල කියෝලා වැඩක් නැහැ.
supun Thursday, 21 December 2023 05:00 PM
ඔය AGM ලා ඔක්කෝම ඉංජිනේරු සංගමේ අය. මාෆියා සංගමෙන් ඕකත් යටගහයි.