IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලංවීම වැඩකට නැති විදුලි ජනන යන්ත්‍ර 50 මිලට අරන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310 ක් වැයකර වැඩ නොකරන( ක්‍රියාකාරී නොවන ) විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගෙන කර ඇතැයි පැවසෙන දූෂණයක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව ) දැඩි අප්‍රසාදය පළවී ඇත.

කෝප් කමිටුවේ දී හෙළිවී ඇති තොරතුරු අනුව මෙම ක්‍රියාකාරී නොවන විදුලි ජනන  යන්ත්‍ර 50 මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ 2018 සහ 2019 කාලවලදීය.

මේ තොරතුරු අනාවරණය වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ ආයතනයේ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (10) වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විට ඒවා ක්‍රියාකාරී තත්වයේ නොපැවතුණ බව කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු පැවසූහ.

මේ නිසා මෙම මිලදී ගැනීම්වලදී තත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ ඒ සඳහා වියදම් වූ මිල ගණන් සම්බන්ධයෙන් ඔවුහු විදුලි බලමණ්ඩලයේ නිලධාරින්ගෙන් කරුණු විමසුහ.

මෙහිදී මණ්ඩලයේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙම මිලදීගැනීම්වලදී නිලධාරීන් විසින් පරීක්ෂාවක් කරනු ලැබ ඇති වැදගත්කම නම් බවයි.

කෙසේ වෙතත් අද වන විට මෙම ජනක යන්ත්‍ර ක්‍රියාකාරීව පවතින බවද ඔවුන් සඳහන් කර ඇත.

මෙම යන්ත්‍ර දැන් ක්‍රියාත්මක වන්නේ විශාල වියදමක් දරා කළ අලුත්වැඩියාවකින් පසුව හෙයින් ක්‍රියාකාරී නොවන යන්ත්‍ර මිලදී ගත්තේ ඇයි දැයි විධිමත් විමර්ශනයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් සති 2 ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩල ප්‍රධානීන්ට නිර්දේශ කළේය.

 



අදහස් (13)

ලංවීම වැඩකට නැති විදුලි ජනන යන්ත්‍ර 50 මිලට අරන්

යෝගා Sunday, 12 June 2022 01:58 PM

පිනට ඉගෙන ගත්තා නම් රටට සේවයක් කරනවා වෙනුවට විදුලි ඉංජිනේරු මාෆියා කල්ලිය රටට කරන විනාශය නම් බරපතලයි. අරගලය මේ අයට විරුද්ධවත් කළ යුතුයි...

:       2       47

[email protected] Sunday, 12 June 2022 02:44 PM

බලපු හැම තැනකම පෝලිමට හොර වැඩ. වාර්තා ඉදිරිපත් වෙනවා. මොන සාපයක්ද? ඒ ඒක හොරෙකුටවත් නීතිය ක්‍රියාත්මක වීමක් නම් කවදාවත් කෙරෙනවා නම් පේන්න නැහැ. සිංගප්පූරුවේ නම් ඔහොම කරපු තක්කඩි සෙට් එකකට මරණ දඬුවම් දුන්නාලු... එහෙම නැතුව රටක් හදන්න බැහැ...!

:       0       33

කිරි පුතා Sunday, 12 June 2022 02:50 PM

ඉංජිනේරු මහත්හොරු ආකාර දෙකකින් සාක්කු පුරවා ගන්නවා. 1.වැඩ නොකරන යන්ත්‍රවලට ගෙවලා කොමිස් ගන්නවා. 2. විදුලිය මදි නිසා පෞද්ගලික බලාගාරවලින් මිලදීගෙන නැවත සාක්කු පුරවා ගන්නවා ඉතින් මේ පිරෙන ජලාශ මේ හිඳෙනවා..!

:       0       34

ranjith Sunday, 12 June 2022 02:52 PM

විදුලි බිල වැඩිකරන එක ගැන කතාකරන වෙලාවේ මේ වගේ CEB එකේ නිලධාරීන් එක්ක කරලා තියෙන වංචාවන් ගැන සොයාබලා එම පාඩුව වගකිව යුතු අයගෙන් අයකර ගන්න CEB එක පුදුම නාස්තියක් කරන්නේ... මොන තරම් පුද්ගලික ගොඩනැගිලි අධික මුදලට කුලියට අරන් තියෙනවද?

:       0       23

චින්තක Sunday, 12 June 2022 03:09 PM

විදුලි බල මණ්ඩලය විශාල ලෙසට පාඩු ලබනවා කියන්නේ මෙහෙම වැඩත් කරලා නේද? වැටුප් වැඩිවීම ගෙවීමට වරින්වර ගාස්තු වැඩිකරනවා. එයින් පාරිභෝගිකයින් පීඩාවට පත්වෙනවා.. ඇත්තටම විදුලිබල මණ්ඩලය පුද්ගලිකරණය කළොත් මෙහෙම අනවශ්‍ය වියදම් කරාවිද? මෙහෙම ජනතා මුදල් වංචා කරනවා නම් මෙම ආයතනය පුද්ගලික කිරීම සුදුසුයි..

:       0       26

ravin Sunday, 12 June 2022 03:35 PM

මේක ටිකක් පරණ පුවතක් වගේ මතකයි.. මතකය නිවැරැදි නම් මේවා විදුලි ජනක යන්ත්‍ර නොවේ. ට්‍රාන්ස්ෆෝමර් කියන විදුලිය බෙදා හැරීමේදී භාවිතා කරන උපකරණයකි.. පොඩ්ඩක් විමසලා බලන්නකෝ..!

:       10       3

Nihal Sunday, 12 June 2022 03:55 PM

දඬුවම අප්‍රසාදය නම්? මොකටද ඔහෙලා ඕවා හොයන්නේ? හොරුම තමයි.

:       0       9

KumaraMonday, 13 June 2022 09:43 AM

කෝප් කමිටුව කියන්නේ ජනතාවගේ ලේ කෝප කරන කමිටුවක්. හොරකම් ප්‍රසිද්ධ කරලා ජනතාවගේ කලකිරීම වැඩි කළාට ඕකෙන් ගන්නා ක්‍රියාමාර්ගයන් නම් නැහැ. ඕකෙන් අල්ලපු හොරෙකුත් නැහැ දුන්නු දඬුවමකුත් නැහැ. සල්ලි නාස්තියක්...

:       0       5

sam Sunday, 12 June 2022 03:57 PM

මෙන්න මේ වගේ වැඩවලින් මහාපරිමාණ කොමිස් ගහලා තමයි ඔය කාලකණ්ණි දේශපාලකයෝ ඔවුන්ගේ ගිනිතියපු කොමිස් මන්දිර හැදුවේ. ඕවාට සම්බන්ධ නිලධාරීන් එල්ලුම්ගස් යැවිය යුතුයි. බැසිල්ගේ කට්ටිය වෙන්න ඇති.

:       5       16

darme Sunday, 12 June 2022 05:27 PM

විදුලිබල මණ්ඩලේ ඉන්න ඉංජිනේරුවන් පුදුමාකාර සල්ලි පෙරේතයින් හැත්තක්... මේ රටට සාපයක්. 26000ක් සේවකයින්. හැමදාම බ්රේක් ඩවුන්. ඉංජිනේරුවන් ලෝක හොරු. ඒක මුළුරටම දන්නවා. හැබැයි පාලකයින් දන්නේ නැහැ. මොන ආණ්ඩුවක් තිබ්බත්. අප්‍රසාදයද එතකොට දඬුවම. මොවුන්ට දඬුවම් කරන්න නීතිය ක්‍රියාත්මක කරවන්න තරම් කොන්දක් මේ ජනාධිපතිට නැහැ. ඒක දන්නා හින්දා තව මේවා කරාවි...!

:       1       17

Piyal Sunday, 12 June 2022 07:44 PM

ලංකාවේ තියෙන දූෂණ නවත්තන්න තමයි සම්පූර්ණ බලය දීලා නන්දසේනව පත්කර ගත්තේ... නමුත් ඊට වඩා පල් හොර වැඩ තමයි කරන්නේ... ඉතින් කොහොමද ලංවීම එකේ දූෂණ නවත්තන්නේ?

:       2       12

rohan meegawatte Sunday, 12 June 2022 08:37 PM

කරුණාකර ඔවුන් දෙපාර්තමේන්තුවෙන් අස්කර දැමීමට පියවරක් ගන්න. දැන් තමයි හරිම වෙලාව...

:       0       10

Ursula Monday, 13 June 2022 06:16 PM

ඔය ඔක්කොම වැදගත් හොරු. දුප්පත් මිනිහාට විතරයි හැම දඬුවමක්ම... පෙන්ෂන් ගිය අයත් ඉන්නවා මේවාට වගකියන්න ඕනෑ අය..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 317 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1516 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 26 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1205 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 639 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site