IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංවිම සේවකයන්ගේ ණය ගැන තොරතුරු ඇමතිවරයා ඉල්ලයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය එහි ස්ථිර සේවකයන්ට දෙන පෞද්ගලික ණය වෙනුවෙන් ආරම්භයේ සිට දරා ඇති වියදම් සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

ලංවිමට සේවකයන් බඳවාගැනීම අත්හිටුවා ඇති මේ අවස්ථාවේ පිය පුතු පදනම මත සේවකයන් බඳවාගැනීමට සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඇති බවත් එම පදනම මත වර්තමානයේ බඳවාගෙන ඇති සේවකයන් පිළිබඳ වාර්තාවක් ද සපයන ලෙස එම ලිපියෙන් අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින අවස්ථාවක විදුලිබල අමාත්‍යංශයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගැනීම නොකළ යුතු බව ද අමාත්‍යවරයා කියයි.  

ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් අඩුකරමින් ජනතාවට සහනදායි මිලකට විදුලිය සැපයීමේ ආයතනයක් බවට පත්කිරීම සඳහා ප්‍රසාද දීමනා සහ වෙනත් දීමනා අත්හිටුවීමේ ක්‍රියාවලියේ දිගුවක් ණය පිළිබඳව සොයා ලබන බවත් ලංවිම ණය වෙනුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනයවලට ගෙවන පොලී අනුපාතවල පරස්පරයක් ඇතැයි වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ. 



අදහස් (10)

ලංවිම සේවකයන්ගේ ණය ගැන තොරතුරු ඇමතිවරයා ඉල්ලයි

මරිසිපාල Sunday, 07 January 2024 12:19 PM

පිය පුතු පදනමෙන් බඳවා ගන්නවා කියන්නේ රටේ අනෙක් අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. මණ්ඩලය කියන්නේ ඔවුන්ගේ පුද්ගලික බූදලයක් නොවෙයි... කොහොම වුණත් පියපුතු පදනමෙන් බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි...

:       1       43

LakmalSunday, 07 January 2024 02:25 PM

ඒක පුළුවන් දේශපාලනයට විතරද?

:       7       14

Bamunuarachchi Sunday, 07 January 2024 07:31 PM

Lakmal, දේශපාලක පියාගෙන් පුතාට මන්ත්‍රීකම යන එක අනුමත කරන්නේ ජනතාව...!

:       4       7

Lakmal Sunday, 07 January 2024 02:51 PM

මට හිතාගන්න බැහැ. රටට මෙච්චර විනාශයක් කෙරුවා මේ වගේ රැළක් පස්සේ යන, ඔවුන්ට බත්බැලයින් රැළක් තවත් ඉන්නවානේ...!

:       5       15

Lal Sunday, 07 January 2024 04:52 PM

CEB කියන්නේ පින් පඩි කාරයෝ ඉන්න ලෝක හොර ගුහාවක්...‍ ඕක පුද්ගලීකරණය කරලා දාන්න ඉක්මනටම... ජෙප්පෝ විතරයි ඉන්නේ ඕවායේ..!

:       7       16

Siripala Sunday, 07 January 2024 06:24 PM

මේ වගේ ලජ්ජා නැති රාජ්ය සේවකයන් පිරිසක් ද විදුලි බලේ ඉන්නේ? තමන්ගේ බඩ ගෝස්තරේ ගැන විතරමද මේ මිනස්සු හිතන්නේ? මේ වගේ කාලකන්නි ඉන්න රටක් හැදෙන්නේ කොහොමද? රටේ මිනිස්සුන්ගේ සහයෝගයක් තවදුරටත් මුන්ට තියෙන බවක් පෙන්න නෑ. ලං ගම පුද්ගලීකරණය කරන එක හොඳයි. නැත්තං අපිට මුන්ගෙන් ගැලවීමක් නැත

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 07:33 PM

පනත පුච්චපු අහවලාගේ පුතාට වැඩේ දෙන්නයි හදන්නේ...!

:       2       6

Bamunuarachchi Sunday, 07 January 2024 07:35 PM

නියමයි, ඇමැතිතුමා දෙන්න මොවුන්ට බැෂ්ටිය. අපේ මොරල් සපෝට් එක ලැබෙනවා.

:       4       10

සල්ලි Monday, 08 January 2024 08:10 AM

කාංචනත් පිය පුතු නේද ? උඩ ඉදලාම අසාධාරණේ.

:       0       5

Bamunuarachchi Tuesday, 09 January 2024 11:16 AM

කාංචනපියපුතු අනුමත කලේ රටේ ජනතාව එකට‍ ඔහේගේ කැමැත්ත ඕනේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 138 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 169 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 300 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 113 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1113 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2515 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site