(අජන්ත කුමාර අගලකඩ)
බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.
සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවිතෙල් ප්‍රමාණය විදුලිබල මණඩලයට නිකුත් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී දැනුම් දී ඇත.
සංස්ථාවද බරපතළ ඩොලර් අර්බුදයකට ලක්ව තිබෙන නමුත් විදුලිය අර්බුදය කළමානාකරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් වුවද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කර ඇත. මේ අතර එම සති දෙකෙන් පසුව මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ගෙන්වා දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී එකගතවා පළ කර ඇත.
ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලින් එම ඉන්ධන ගෙන්වා ගත්නා බවද ඇමැති රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත.
මේ අතර මණ්ඩලයට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලිය කප්පාදුවක් නොකර පවත්වාගෙන යා හැකි බව විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් එහිදී ප්‍රකාශ කළ බව වාර්තාවේ.මේ අතර ඩොලර් නොමැතිවීම හේතුවෙන් මුහුදේ නැංගුරම්ලා ඇති ඩීසල් හා පෙට්‍රල් නැවි දෙක කඩිනමින් නිදහස් කරදීමේ වගකීම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම සාකච්ඡාවේදී බාරගෙන ඇත. මෙවැනි තත්ත්වයක් තිබේ නම් එය කල්වේලා ඇතිව තමට දැනුම්දෙන්නැයි මහ බැංකු අධිපතිවරයා ඛනිජ තෙල් සංස්ථාවෙන් එහිදී ඉල්ලා තිබේ.
අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද (25) සිට දිවා කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය එකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබිණි.
එම තත්ත්වය වළක්වා ගනිමින් විදුලිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (24) සාකච්ඡාව කැඳවනු ලැබීය.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන
Kumara Tuesday, 25 January 2022 12:40 AM
ඉන්දන, ආහාර, ඖෂධ ආදී භාණ්ඩ ගෙන්වීමට ණය ගන්න සිදුවීම මුළු රටේම අභාගයක්. කවදා උන දේවල්ද?
Hafeel Tuesday, 25 January 2022 08:24 AM
එතකොට ගම්මන්පිල මහ ලොකුවට සද්ද දෙම්ම ඩොලර් නැතුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්න නැහැ කියල. ගම්මන්පිල නමට තමයි ඇමති. තීන්දු තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශයෙන්.
Mahesh Tuesday, 25 January 2022 03:00 PM
බැයිද කාට හරි මුහුද යටිං ගිහිල්ල, ඔය නැන්ගුරන් දෙක කපල, නැව් දෙක මෙහාට ඇදන් එන්න. නිකමට ඇහුවෙ. සර් ෆේල් සර්.