IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ලස්සන වෙන බේත් හිතුමතේ බෑ

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් දුන්නේ.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පත්වීම් ලිපි ප්‍රදානය  රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්විණි.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය, දේශීය ඖෂධ වෙළෙදසැල්, දේශීය වෛද්‍ය උපකරණ, දේශීය වෛද්‍ය රූපලාවන්‍ය නිෂ්පාදනය, දේශීය ඖෂධ ආනයනය සහ අපනයනය, දේශීය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සහ දේශීය ඖෂධ කර්මාන්තයට අදාළ ඔසු වගාව යන අංශවල නියාමනය සඳහා වූ නීති ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව යටතේ ආවරණය වේ.



අදහස් (2)

ලස්සන වෙන බේත් හිතුමතේ බෑ

ලක්විදු Monday, 03 February 2025 07:56 AM

බොහෝ සිංහල බෙහෙත් කඩවල බෙහෙත් ගබඩා කිරීම අන්තිමයි. පරණ ගෝනි වල පුස් කාල, දූවිලි වැදිල, ගුල්ලො ගහලා, කැරපොත්තෝ මීයො කාලා….., මේවා නිසා නැති ලෙඩ හැදෙනවා. විශේෂයෙන්ම පුස් කෑම නිසා ඇෆ්ල ටොක්සින් සෑදී අක්මාව විනාශවෙනවා.

:       1       5

රම්සි Monday, 03 February 2025 08:02 AM

දැං බයියො ටික කියාවි ජෙප්පො ලස්සන වෙනවටත් ඉරිසියයි කියල.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 396 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 204 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 330 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 264 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 340 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1302 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 855 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site