IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලාෆ් ගෑස් මිල ඉහළට

(යොහාන් භාසුර)

ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ ගියේය.

රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

 



අදහස් (36)

ලාෆ් ගෑස් මිල ඉහළට

Sunil Thursday, 12 August 2021 11:44 AM

පවතින ලෝක මිල ගණන් හමුවේ මෙය කල යුතුව තිබුන දෙයක් .කෝ දැන් ආර්ථික විශේෂාංගනයාගේ බොරු බූරු කතා ?දන්න දේකුත් නැත .න්‍යාය කරපින්නා ගෙන ජනතාවට දුක් දෙන එක තමයි ඔහුගේ කාරිය .කිරි පිටි ,පොහොර ,සීනි සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලටත් ලැබෙන්නේ ඔය කලදවසම තමයි

:       7       524

senaFriday, 13 August 2021 02:35 AM

ලංකාවේ කිසිදු වෙළඳපල තරගකරිත්වයක් නොමැත. සමාගම් කිහිපයක් එක්ව දේශපාලකයන් සමග එක්ව ඔවුන්ට කැමති ආකාරයට මිල උච්ඡාවචනය කිරීම නිසා රටේ ජනතව නොයෙක් ආකාරයේ පිඩාවන්ට පත්වෙමින් සිටි. රටේ අනාගතය පිළිබද කිසිදු සැලසුමක් හෝ තිබෙන බවක් පෙනෙන්නට නැත . රට තුල අවංක නවකයන්ගෙන් සැදුම් ලත් රාජ්‍ය පරිපාලන සේවයක් ස්ථාපිත කලයුතු වේ. දැනට සිටින 20 වන ශතවර්ෂයේ කණඩායමට අනගතයක් ගැන සිතීමට අවශ්‍ය නොමැත. ඔවුන්ගෙන් රටේ තීන්දු තීරණ ගන්න බොහෝ දෙනෙකු විශ්‍රාම ගොස් නැවත සේවයට පැමිණි නිලධාරින්වේ. රටට වෙනසක් කිරීමට අවශ්‍ය ව ඇත. සැබෑ වෙනසක් සදහා ජනතාවටද ප්‍රබල අවශ්‍යතාවක් තිබේ. මේ .වන විට රටේ බලවත් කිසිවකු ජනතවට ඇහුන්කම් දීමක් හෝ නොකරන තත්වයක් මේවන විට රට තුල පත්ව ඇත. එම නිසා කවුරුන්හෝ පැමිණ අපව බේරා ගන්නා මෙන් රටේ ජනතාව ඉල්ලා සිටින දිනය වැඩි ඇතක නොවේ.

:       59       4

saman Thursday, 12 August 2021 11:45 AM

ඔව් අපි තමා හොඳටෝම කලේ

:       244       329

K PereraThursday, 12 August 2021 04:50 PM

සමන් ,ඔයාගේ අදහස මේ විදියට නිවැරදි උනොතින් නේද හොඳ ."අපි තමා දැන් හොඳටම රටට කෙලින්නේ"

:       0       0

ranjan Thursday, 12 August 2021 11:46 AM

ඕකට තමා කෙකර ගෑවේ .ජනතාව නේ තරම් කොරෝනා උවදුරෙන් බැට කද්දී ජනතා සංවේදී පියවරද මේ ?

:       220       274

ගමරාළSaturday, 14 August 2021 04:13 PM

කෙකර කෙකර ... ගගා දැම්ම බිත්තරේ... ඒක ඇතුලෙ තියෙනවා බං බයිලා සාස්තරේ...

:       0       0

මහසෙන් Thursday, 12 August 2021 11:48 AM

මෙච්චර දවස් තැටමුවේ ඕකට තමා.කරන එක නම් දැන් හොදම එකෙන්ම කරනවා.හරිම සනීපයක් දැනෙනවා සර්

:       253       294

Tharindu Perera Thursday, 12 August 2021 11:52 AM

ආණ්ඩුව ආයෙත් රිවස් පාරක් ගැහුවා එහෙනම්!

:       146       177

පප්ප Thursday, 12 August 2021 11:57 AM

දැන් සැපද කොල්ලනි කෙල්ලනි

:       175       212

laya Thursday, 12 August 2021 11:59 AM

69 ලක්ශෙ බලාපොරොත්තු උන වෙනස .දැන් සනීප ඇති

:       332       449

kamal Thursday, 12 August 2021 12:06 PM

මම පොහොට්ටු විරෝධී පුද්ගලයෙක් .69 ලක්ෂය ඇතුලේ නැහැ .නමුත් පවතින ලෝක ආර්ථික පරිහානිය යටතේ මෙම මිල වැඩිවීම සාධාරණයි .පවතින මිල ගණන් යටතේ 600 කින් වත් මිල වැඩි කල යුතු අවස්ථාවක මෙවැනි අඩු මුදලකින් මිල වැඩි කිරීම පිළිබඳව මා රජයට ස්තුති කරනවා .69 ලක්ෂයක් වූ චන්ද දායකයින්ටද එම ස්තුතිය මේ මොහොතේ පුද කල යුතුයි

:       782       1051

NuwanThursday, 12 August 2021 12:21 PM

කොයි ලෝකෙද මිනිහෝ ගෑස් මිල වැඩි වුනේ එක පාරටම

:       614       574

kamalThursday, 12 August 2021 12:42 PM

හැම දෙයකටම ආණ්ඩුවට බනින්න එපා .ලෝකයම මුහුණ දීලා තියන ආර්ථික ගැටලුව ගැන සිතන්න

:       527       270

Sarath Ariyarathna Thursday, 12 August 2021 12:21 PM

පලයන් බයියෝ යන්න .තොගේ පොහොට්ටු විරෝධය .තෝ සර්ගේ තවත් බත් බැලයෙක් විතරයි

:       819       973

kamalThursday, 12 August 2021 12:43 PM

එහෙම කියන්න එපා .මේ මොහොතේ ලංකාවේ අනික් මිනිස්සු වගේම ලාෆ් සමාගමත් ආර්ථික අර්බුධයකට මුහුණ දීල තියෙන්නේ .ඒ නිසා මේ වෙලාවේ ඔවුන්ට සහාය වන්න

:       297       68

fairoosThursday, 12 August 2021 12:55 PM

කමල් පොඩ්ඩක් මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳයි

:       153       219

aseThursday, 12 August 2021 01:27 PM

69 ලක්ෂයම පුදුම කරවීමක් කරලා තියෙන්නේ හ..හ හා ලාෆ් ගෑස් මිල ඉහළට.

:       0       0

VithanaThursday, 12 August 2021 01:32 PM

ආණ්ඩු පිහිටුවලා අපේක්ෂා බංගත්වය නිසා පිස්සු වැටිලා. මැති ඇමතිලත් ඉන්නවා දැන් ඔය තත්වෙට පත් වෙච්ච. එතනින් ඉහල අය ගැන නම් තවම සාක්ෂි නෑ.

:       0       0

දොලේවත්තThursday, 12 August 2021 02:04 PM

ඔයා බත් කන කට තියෙන්නේ උඩින්ද පහළින් ද..? පුරාජේරුව ගගහා වහල් කම් කරනවා

:       123       207

Hafeel Thursday, 12 August 2021 02:41 PM

ඒ වුණාට ලෝක වැළඳ පොලේ ගැස් හෝ තෙල් මිළ අඩුවුණාට මෙහෙ අඩු කරන්න නැහැ නේ.

:       0       0

Eranda Thursday, 12 August 2021 12:13 PM

අනන්තයට යන පාර දිගේ ... ඒ ...ඒ සර් එනවා ... ආ ...ආ

:       151       184

Rata Perata Thursday, 12 August 2021 12:23 PM

අවධානයෙන් ඉන්න. කොරෝනා ව්‍යාප්ත කරලා පවුලේ ගිණුම් වැඩි කරගන්න වැඩපිළිවෙළක් දැන් යන්නේ. කොලඹ වරායේ අක්කර 13 ක 70% ක් චීන සමාගමකට දෙන්න යනවා. කරුණාකර අවදිවන්න. අපේ රට අපට නැති කරන්න ඉඩ දෙන්න එපා. රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අන්ත අසාර්ථක පාලනය නවත්වන්න එක්වන්න.

:       266       378

Chamara Thursday, 12 August 2021 12:29 PM

ලාෆ් එකේ පියදාස කුඩාබාලගෙ ( සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂක) කියන්නෙ ...... ල වෙනුවෙන් හිරේ ගිය මිනිහෙක්.ලාෆ් එක ආන්ඩුවෙන් ණය අරන් අරන් ගෙවාගන්න බැරිව ඉන්නෙ.කොහොමද කට්ටිය එකතු වෙලා අන්තිමට ඔක්කොමගෙ වැරදි ජනතාවට ගෙවන්න හදපු ලස්සන විතරක්.ඊට පස්සේ ලිට්‍රො ගැස් වලත් මිල වැඩි කරයි ලැජ්ජ නැතිව.

:       241       460

prem Thursday, 12 August 2021 12:44 PM

ජනතාවට මේ තරම් දුක් ගැහැට ලබා දුන් ආණ්ඩුවක් තිබිලා නෑ .බොරුවෙන් රට කරන්නේ කොවිඩ් අස්සේ එයාලා කීප දෙනෙකුගේ ඕනේ එපාකම් ඉටුකරගන්නවා වැරදි කරපු උන් සුද්ද කරගන්නවා

:       384       474

බද්රානි Thursday, 12 August 2021 01:12 PM

ගෑස් ලිපේ උයන කිරිබත් වගේ නෙමේ, දර ලිපේ උයන කිරිබත්..හරිම රසයි. අනික දර ලිපේ උයන කෑම කාපුවාම ඇඟේ තෙල දාන්නෙත් නැහැ. රබන් ගගහා වෙඩි පත්තු කරමින් දඟලන්න හිතෙන්නෙත් නැහැ. අනික දර ලිපේ හදන කොත්තු වලට වඳ වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම බැලුවාම ගෑස් මිල වැඩිකරපු එක හරිම ෂෝක් නේ.. ඔහොම වෙලා මදි උඹලට!!

:       167       235

kamal Thursday, 12 August 2021 01:21 PM

69 බයියෝ ටිකට විතරක් වැඩි කලා නම් නේද සාධාරණ

:       127       204

ganegoda Thursday, 12 August 2021 02:06 PM

ගෑස් සිලින්ඩරයක් පිටේ බැඳගෙන දියවන්නාවට පනින්න තමයි දැන් සිද්ද වෙලා තියෙන්නේ

:       79       90

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 August 2021 02:19 PM

නියමයි වැඩේ .. අප දන්නවා මෙහෙම වෙන බව. ඇමති එකක් කිව්වා. නි.ඇමති ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කිව්වා. ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. හෙමීට වෙනත් ප්‍රශ්නයක් මවා ඉතිරි ගෑස් වර්ගයෙත් මිල ඉහළ දමාවි. බලාගෙන ගියාම නරින්ටත් කපටිකම් උගන්නලා තියෙන්නේ මේ අය වාගෙයි පේන්නේ ...

:       0       0

Vira Thursday, 12 August 2021 02:37 PM

මේ කලබල අස්සේ දෙවෙනි පුතා ගෑස් වෙළඳාමක් පටන්ගන්න යනවා කියලත් කියනවා. දැන් රටේ වෙන වැඩ ගැන පරණ කතාවක් අලුත් කරලා "ගොනා ඇන්න මිනිහ ගහෙනුත් වැටුනා වගේ" කියලත් කියනවා ඔන්න. මේගොල්ලෝ ආවදා ඉඳලම රටටනන් ඉතින් "අභාග්‍යය" විතරක්ම තමා.

:       0       0

Hafeel Thursday, 12 August 2021 02:39 PM

දැන් 69 ලක්ෂය සතුටු කරන්න අපේ බන්දුල ගුණවර්ධන මේ සමාගමට විරුද්ධව නඩු දානවයි කියල කියාවි. ඔහොම මේ සංදර්ශනය ඉවරයි. ජනතාවට පාඩු සහ ලාෆ් සමාගම දිනුම්.

:       0       0

Bamunuarachchi Thursday, 12 August 2021 02:43 PM

මේ වෙලාවේ ගෑස් ඉහල දැමිය යුතුයි රජයට මුදල් අවශ්‍යයි.

:       0       0

samantha Thursday, 12 August 2021 02:52 PM

ලෝක වෙළද පොලේ ඉන්ධන මිල ඉහල යන විට ලංකාවෙත් මිල ඉහල දමන්න වෙනවා නම් ලංකාව පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා එදා අහපු විමල් දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ නෙවිද? එතුමා කියන දේවල් සටන් පාඨ විතරක්ද? ප්‍රායෝගික නැතිද?

:       0       0

saman Thursday, 12 August 2021 05:56 PM

බන්දුලාණෙනි, රටටම ඇහෙන්ට ආර්ථික විද්‍යාව දේශනා කරනු මැනවි... ! ඒ දේශනාවට සවන් දීමෙන් අපේ බඩ පිරෙනවා ඇති...

:       42       1

WCA Thursday, 12 August 2021 05:58 PM

දැන් හොර පාරෙන් ෂෙල් එකත් වැඩිකරයි..

:       0       13

Rohana Thursday, 12 August 2021 07:13 PM

යහපාලන ආණ්ඩුව කාලෙ මේවගෙම ගෑස් හිගයක් ඇතිවුනාම වර්තමාන ආණ්ඩුව කරන ඇත්තෝ ‘ ගෑස්ටික දෙන්ඩ බැරි ආණඩුවක් මොකටද’ කියල වේදිකා දෙවනත්කලා මතකයි. කාගෙ කාගෙත් වැරදි අඩුපාඩු උවමනාවට වඩා පුම්බල පෙන්නන්නෙ ඡන්ද ටික ලබාගන්න මිස තමන් බලයට ආවම ඒක හරියට කරන්න නොවන බව කවුරුත් තේරුම් ගතයුතුයි.

:       42       18

විජේ Friday, 13 August 2021 10:20 PM

පාණ්ඩුවක් මේක නම්...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 177 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 167 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 689 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 809 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 487 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 401 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site