IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි

(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින්  මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී  ඇති  දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන්  රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා  ඇත.

එම මූල්‍ය ආයතනවලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා   ලබාගැනීම  පළමු මෙහෙයුම බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද  මේ දිනවල විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවද  බුද්ධි අංශ සඳහන් කරයි.

මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස  ක්‍රියාත්මක වන බව පවසන එම ආරංචි මාර්ග යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම්  ඒවා  ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කරයි.

දේශපාලනඥයන් ඇතුළු විවිධ පිරිස් විදේශයන්හි සඟවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී  ඇතැම් වේදිකාවල නිතර සඳහන් විය.



අදහස් (26)

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි

සුරේන් Saturday, 12 October 2024 06:15 PM

ඇයි අප්පා ඔච්චර මහන්සි වෙන්නේ? දඟලන්න එපා වසන්ත සමරසින්හ සහෝදරයාගෙන් අහන්න එයා ඔක්කෝම දන්නවානේ...!

:       7       9

පුරවැසියා Saturday, 12 October 2024 06:16 PM

එතකොට අර හිස් ෆයිල් තියාගෙනද වේදිකාවලදී හොරු ඇල්ලුවේ. අප රැවටුණා නෙමෙයි විශ්වාස කළා.

:       144       75

අමල් Saturday, 12 October 2024 06:29 PM

තඹුත්තේගම අනුරගේ පුන්චිඅම්මාගේ අයර්ලන්තේ ගෙදරත් ඔය විදේශ වත්කම් විමර්ශනයට අයිතිවෙනවාද?

:       168       71

බකල ජයාSaturday, 12 October 2024 07:23 PM

හිත රිද්දගන්න එපා දැම්මම... තවම අමාරු කාලේ ආවේ නෑ. හිතහදාගෙන මේවාට මූණ දෙන්න. යාලු බළලෙක් කිව්වා කුම්බලා මාලු කනකොට රහයි කියලා...!

:       3       11

truthSunday, 13 October 2024 10:16 AM

පැමිණිල්ලක් දාන්න කියමු හන්දි ගානේ ළිඳවල් ළඟ කියවන්නේ නැතුව. එහෙම එකක් තියෙනවා නම් ඔප්පු කරන්න පුළුවන් එතකොට...!

:       2       7

Asela Saturday, 12 October 2024 06:35 PM

ජයවේවා. මාගේ කතිරය ගැන මම ආඩම්බර වෙමි...

:       44       171

Kulasooriya Saturday, 12 October 2024 06:45 PM

හොඳ වැඩක්...! 

:       0       7

Amal Saturday, 12 October 2024 06:52 PM

කියලා කරනකොට තියාගෙනම ඉඳියි. මේවා මාධ්‍යයට දෙන්න අවශ්‍ය නෑ අල්ලලා පෙන්වන්න..

:       5       5

ජගත් ලියනගේ Saturday, 12 October 2024 07:04 PM

එය අමාරු කාර්යයක් වුණත් කළ යුතුමයි...

:       0       7

සෙනෙවිරත්න Saturday, 12 October 2024 07:38 PM

පුරවැසියෝ, තමුන්නැහැලා වගේ අය කවදාවත් මාලිමාවට ඡන්දේ දුන්නෙත් දෙන්නෙත් නැහැ.. ෆයිල් හිස් නැහැ. ඒවායේ විස්තර තහවුරු කරන්න තමයි ඕවා විමර්ශනය කරන්නේ... මෙච්චර මෝඩ මිනිස්සු එක්ක මේ රටේ මොනවත් කරන්න බැරිවෙයි...

:       3       4

සෙනෙවිරත්න Saturday, 12 October 2024 07:43 PM

අමල්, කරුණාකරලා මෙතන මඩ කරියෙක් වෙන්න එපා... ඔය සමාජ මාධ්‍ය වල... රුපියල් පන්සියේ පඩියට මඩ ගහන අය දමන්න එපා... අනෙක එතුමා රටේ ජනාධිපති... මඩ ජනතාව පිළිගත්තේ නැහැ.. තවත් ඔය මඩ ගහලා වැඩක් නැහැ...

:       4       7

අමල්Sunday, 13 October 2024 02:37 PM

ඇයි සෙනෙවිරත්න, මාලිමාවේ පාට ඉත්තෑවෙක්වත් ළඟින් ගියාද උදේ බහිශ්‍රාවිය කරනකොට...?

:       4       4

සෙනෙවිරත්න Saturday, 12 October 2024 07:51 PM

මමත් මගේ කතිරය ගැන ආඩම්බර වෙමි... මෙම කතිරයේ ප්‍රතිඵල ඡන්දය පසුදාත්, ඊට පසු දිනපතාත් ලැබේ. මෙම කතිරයේ බලයෙන් රාජපක්ෂවරු බිත්තියට හේත්තු වී අසරණ වීම විශ්මිතයි...

:       5       5

අමල්Sunday, 13 October 2024 03:02 PM

ඒයි සෙනෙවිරත්න, ඔන්න ඔහේ දීපු කතිරේ ප්‍රතිඵල දැන්මම ලැබිලා ! මෙච්චරකල් දුප්පත් දරුවන්ට නොමිලේ දුන්නු ත්‍රිපෝෂ හදන කොම්පැනිය වහලා..!

:       2       5

Sama Saturday, 12 October 2024 08:06 PM

පිටරට බැංකු ඔය තොරතුරු ඔහොම දේවිද? ඔවුන්ගේ ගනුදෙනු කරුවන්ගේ විස්තර සුරක්ෂිතව තබා ගන්න ඔවුන් බැඳී සිටිනවා. ගන්න වෙන්නේ ඒ ගිණුම් තිබෙන රටේ උසාවි නියෝගයක් මත පමණයි. ඒවා සූක්ෂම ලෙස කරනවා කියලා හොරට තොරතුරු පන්නලා අහුවුනොත් ඒ තොරතුරු හොරකම් කරපු අයව ඒ රටවල හිරේ දාන්න පවා බොහෝ විට ඉඩ තියෙනවා. අනික ඔය වැඩේ රාජිතත් කරන්න ගිහින් බැරිවුණා. අන්තිමට මේකත් මහ මැතිවරණයේදී ඡන්දය ගන්න කියන කතාවක් වෙයිද?

:       3       3

පොඩිඑකා Saturday, 12 October 2024 09:34 PM

පුරවැස්සියාට සහ අමල්ට කියන්නෙ, ඔහෙලාගෙ එවුං මෙහෙමවත් කලාද? ඉවසල ඉන්න, තවම ෂෝ එකේ කමිං විතරයි..!

:       6       2

අමල්Sunday, 13 October 2024 02:57 PM

අන්න පොඩි එකෝ, තඹුත්තේගම අනුරගේ ෂෝ එකේ කමින් වලදීම දුප්පත් දරුවන්ට නොමිලේ දුන්නු ත්‍රිපෝෂ හදන කොම්පැනිය වහලා...!

:       3       7

Siri Sunday, 13 October 2024 12:56 AM

නව රජයට ගෞරවය. තවත් ඉදිරියට. දැනට සිටින බොහෝ දේශපාලනඥයන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම සිත්ගන්නා කරුණකි. ඒකේඩි ට ඡන්දය දුන් ජනතාවට තොපි. අපි එකතුවෙලා අපේ ජාතිය ගොඩනගන්න පුළුවන්.

:       2       3

Nishan Sunday, 13 October 2024 05:58 AM

ඡන්ද ප්‍රචාරයට මාලිමාවට බිලියන් ගණන් සල්ලි ආපු හැටිත් ඔය ගමන්ම හෙලි කරන්න

:       14       13

අරවින්ද මොනරවිල Sunday, 13 October 2024 07:11 AM

හොරුන්ටත් වැඩිය කලබල වෙලා තියෙන්නේ උන්ට කඩේ යන එවුන්නේ.

:       6       21

Suresh Sunday, 13 October 2024 09:43 AM

මෙතැන ප්‍රතිචාර දක්වපු පිරිසක් හිතන්නේ පෙන්නපු files විතරයි files කියලා, දුක් වෙන්න එපා.. ඔක්කෝම අදියි හිතවතුන් සමහර විටෙක තමනුත් හසුවෙන්න පුළුවන්...!

:       4       2

විජේවීර Sunday, 13 October 2024 10:34 AM

ඇයි අරවින්ද, මාලිමාවට යන්නේ සුපර් මාර්කට්ද?

:       3       4

සරෝජ් ලියනගේ Sunday, 13 October 2024 10:53 AM

වියයුතු දේ සිදු කරමින් ඇති අතර බය භිරන්ත වූවෝ සහ ඔවුන්ගේ සුවච කීකරු සුනඛයින් කලබලයට පත්ව නන් බුරමින් සහ ඔබමොබ දුවමින් කල් අරිමින් ඇත.

:       5       2

Roland Kuranage Sunday, 13 October 2024 10:59 AM

මෙක. නිෂ්පල උත්සාහක්. ලෝකයේ කිසිදු ආයතනක් බැංකු රහස් හෙළි කරන්නෙ නැත . මෙගොල්ල නොදන්න නිසා ජනතාව නොමග යවන්න කරන බොරුවක්.

:       3       8

Kazi Shajahan Sunday, 13 October 2024 11:22 AM

ඕක කලින් කියන්නේ නැතුව, හොරු අල්ලන්නම කිව්වා නම් කොච්චර හොද ද?

:       2       4

Nandalal DE SILVA - France Sunday, 13 October 2024 02:24 PM

බලයට පත්වන හැම රජයක් වගේම, මාලිමාවේ රතු කට්ටත් දැන් නියම මහජන සංදර්ශන රට පුරාම පවත්වනවා. ඊයෙත් හරිනි නෝනත් කකුල් දෙකේ පිහිටෙන්, මීටර් කීපයක්ම ඇවිදගෙන ගියා. මාර හිනාවක් එයාගේ මුහුණේ තිබ්බේ. මාලිමාවට ඡන්ද දායකයන් කතිරේ ගැහුවේ... මහ පාරේ සංදර්ශන බලන්න නෙවෙයි. බැකෝ දමලා කෝටි ගණන් වැයකරලා කෝටි ගණන් වැයකරලා රාජ්‍ය නායකලාගේ ආරක්ෂක කුටි බිමට සමතලා කරනවා බලන්නත් නෙවෙයි. තණකොළ හා පුන්නක්කු බාල්දිවලට රැවටුණු අය දැන් ඉවරයි...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 7 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 20 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 81 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 305 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1974 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3712 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1379 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site