මෙවර යල කන්නයේ අස්වනු අඩුවී සහල් මිල ඉහළයාමක් හා සහල් හිඟයක් ඇතිවනු ඇති බවට පවතින සැකය හේතුවෙන් මේ වන විට බොහෝ දෙනා වී තොග එක්රැස් කරමින් සිටීම නිසා වී මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඇතැම් ප්‍රදේශවල වී කිලෝවක් රුපියල් 165 සිට 260 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවත්, ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සහල් කිලෝවක මිල ද රුපියල් 300ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ.
වී මිල ඉහළයාමත් සමඟ ඇතැමුන් බිත්තර වී සහල් බවට පත් කිරීම හේතුවෙන් ඉදිරි කන්නවල වගාව සඳහා අවශ්‍ය බිත්තර වී ලබාගැනීම ද ගැටලු සහගත විය හැකි බව වී ගොවීහු පවසති.
මේ වන විට බිත්තර වී කිලෝවක මිල ද රුපියල් 85 සිට රුපියල් 220ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය හේතුවෙන් බියට පත් ජනතාව වී තොග රැස්කරමින් සිටින බවත්, ඉහළ මිලක් ලැබීම හේතුවෙන් ගොවීන් ද යල කන්නයේ මඩ ගොවිතැන කිරීම සදහා මෙන්ම තම පරිභෝජනය සදහා තබාගෙන සිටි වී ද මොවුන්ට ලබාදෙමින් සිටින බවත් ගොවීහු සඳහන් කරති.
වී වගා කෙරෙන ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශ දක්වා දුම්රියෙන් විශාල වී ප්‍රවාහනය ද මේ වන විට ඉහළ ගොස් ඇත.
වී සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් සහල් මිලද ඉහළ ගොස් ඇති අතර රජය විසින් දේශීය සහල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ද වෙළෙන්දන් එම මිල ගණන් ඉක්මවා සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
මේ වන විට සතොස සහ සුපිරි වෙළඳසැල්වල සහල් හිගයක් ද පැවතීම හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
ඇඹිලිපිටිය මහවැලි අධිකාරි බලප්‍රදේශයට අයත් ඇඹිලිපිටිය, කුටිටිගල තෝරගල වැනි ප්‍රදේශවලට දුර බැහැර සිට වාහනවලින් පැමිනෙන පිරිස් පවතින සහල් මිලටම වී මිලදී ගන්නා බව එම ප්‍රදේශවල ගොවීහු පවසති.
මෙවැනි ඉහළ මිලකට වී මිලදී ගත් අවස්ථාවක් මීට පෙර තිබී නැතැයි ද ඔවුහු සඳහන් කරති.
වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන දිසානායක මහතා පැවසුවේ පසුගිය වසරේ වී මෝල් හිමියන් වී මිලට ගත්තේ රුපියල් 58 / 60 වැනි මිල ගණන් යටතේ බවත් පසුගිය මැයි මාසයේදී එය රුපියල් 150ක් පමණ දක්වා ඉහළ ගිය අතර, මේ වනවිට පිට පළාත්වලින් පැමිණෙන පිරිස් වී කිලෝවක් රුපියල් 250/ 260 වැනි මිලකට මිලදී ගන්නා බවයි.
පොළොන්නරුව ඇතුළු මහවැලි බී, හා සී, කලාපවල මහා පරිමාණ වී සහ සහල් ව්‍යාපාරිකයන් ගොවීන්ගේ නිවෙස් වෙත ගොස් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 150 කට මිලට ගනිමින් සිටිති,
රජරට ප්‍රදේශවල වී කිලෝවක මිල රුපියල් 175 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස් කන්නය අවසන්වන විට රුපියල් 70ට තිබු නාඩු වී කිලෝවක් මේ වන විට රුපියල් 165 දක්වාත් රුපියල් 72කට තිබු සම්බා වී කිලෝව රුපියල් 170ක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි වී ගොවියෝ පවසති.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පැවසුවේ වී කිලෝ 64 ක මිටියක මිල මේ වන විට රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ වනවිට කුඩා වී මෝල් හිමියන් සතුව වී තොග නොමැති බව සදහන් කළ සභාපතිවරයා, බොහෝ දෙනා වී රැස්කිරීම හේතුවෙන් නාඩු සහ සම්බා වී මිල ඉහළ ගොස් ඇති බවත්, වී මිටියක් මරදගහමුලට ලැබෙන විට රුපියල් 10,350 ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.
මෙම තත්වය අනුව රජයේ පාලන මිලට සහල් ලබාදීම කළ නොහැකි බවත්, මේ හේතුවෙන් නාඩු සහල් කිලෝවක් රුපියල් 290 ක තොග මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවද සභාපතිවරයා කීවේය.
රට තුල සහල් හිගයක් ඇති වීමට හේතුවක් නොමැති බවත් ඉදිරි මාස තුනක කාලය සඳහා අවශ්‍ය තරම් සහල් තොග පවතින බවත් කී රංජිත් මහතා අතර යල කන්නයේ අස්වැන්නද ඉදිරියේදී ලැබෙන බැවින් බියවිය යුතු තත්වයක් නොමැති බවද පැවසීය.
මාතර, හක්මන ප්‍රදේශයේ සහල් කිලෝවක් රුපියල් 300 කට පමණ අලෙවි කරන බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ ඇතැම් හාල් මෝල් හිමියන් පාරිභෝගිකයනට හාල් නිකුත් කිරීම කිලෝ 5කට සිමා කර ඇති නමුත් වෙළෙදසැල් සදහා නිකුත් කිරිමට සීමාවක් පනවා නැති බවත්, ගොවියාගෙන් රුපියල් 100 කට පමණ ලබාගත් වී සහල් කර මෝල් හිමියන් අසීමිත ලාභයක් ලබන බවත් ජනතාව පවසති.
වීමෝල් හිමියන් මෝල්වල තිබූ වී තොග තම නිවෙස්වල සහ හිතවතුනගේ නිවෙස්වල සඟවා තබා විටින් විට සුළු ප්‍රමාණ රැගෙන විත් සහල් කරන ජාවාරමක්ද සිදුකරන බවට ද වාර්තාවේ.
ඇතැම් මෝල් හිමියන් වී නොමැති බවට වී මෝල් වසා පසුදින විශාල සහල් තොග සහිතව ඒවා විවෘත කර සහල් කිලෝවක් රුපියල් 270 සිට 300 දක්වා දක්වා මිල ගණන් යටතේ අලෙවිකරන බවද පාරිභෝගිකයෝ පවසති.
කතරගම, සෙල්ලකතරගම ආදී ප්‍රදේශයන්හි කැකුළු සහල් කිලෝවක් රුපියල් 300 දක්වා ඉහළ ගොස් ඇත.
මාතලේ නගරයේ වෙළද සැල්වල ද සහල් කිලෝවක මිල රුපියල් 40 කින් 50කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව රුපියල් 220ක්ව පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 270 ක් දක්වාත්, රුපියල් 240 ක් වූ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 290ක් දක්වා සහ රුපියල් 210ක්ව පැවති කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 250ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
විශාල වශයෙන් වී වගා කෙරෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාඩු සහල් කිලෝව රුපියල් 230ක්, සම්බා සහල් කිලෝව රුපියල් 280ක් 300 ත් අතර මිලකට මෙන්ම කීරි සම්බා කිලෝවක් රුපියල් 300, 320 ත් අතර මිලකට අලෙවි කෙරෙන බව වාර්තා වේ.
ගම්පහ ප්‍රදේශයෙහි රතු කැකුළු කිලෝවක් රුපියල් 240 ක්, නාඩු සහල් සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 250 ක්, සම්බා කිලෝවක් රුපියල් 260 ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 280 ක් වශයෙන් අලෙවි වේ.
සහල් වෙළෙඳුන් පවසන්නේ රජයේ පාලන මිල ගණන් යටතේ අලෙවි කිරීමට සහල් තොග නොලැබෙන බවත්, වැඩි මිලට සහල් අලෙවි කිරීම මත නීතියේ රැහැනට හසුවීමට නොහැකි නිසා සහල් අලෙවියෙන් ඉවත්වීම හැර වෙනත් කළ හැක්කක් නොමැති බවත්ය.
ආණමඩුව හා පුත්තලම ඇතුළු නගර රැසක වෙළෙඳුන් ද සහල් ඉතා ඉහළ මිලකට අලෙවි කරන බවත්, පසුගිය සතියේ රුපියල් 220 කට අලෙවි වූ නාඩු සහල් කිලෝව රුපියල් 280 දක්වාත්, පසුගිය සතියේ රුපියල් 240 ක් වූ සම්බා කිලෝව රුපියල් 300 දක්වාත් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඇතැම් ප්‍රසිද්ධ සහල් නාමයන් සහිත නාඩු සහල් කිලෝව රුපියල් 220 ලෙස ඇසුරුම්වල සටහන් කර තිබුනද එම සහල් තමන්ට එම අලෙවි කරන ලෙස ලබාදී ඇත්තේ රුපියල් 270 කට බව ද වෙළඳුන් පවසති.
මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයන් රුපියල් 55 ට 60, ලබාගත් වී තොග සහල් බවට පත් කර සහල් කිලෝවක් රුපියල් 220 ට, 250 ක් වැනි මිල ගණන් වලට තොග වශයෙන් අලෙවි කරමින් අධික ලාභයක් උපයන බව ඔවුහු සඳහන් කරති.
ඉදිරි මාස කිහිපය ඇතුළත හාල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ යනු ඇති බව කුඩා සහල් නිෂ්පාදකයින් පවසයි.
(ඩයනා උදයංගනී, රෝහණ සමරවීර, තිලකරත්න දිසානායක, එම්.කේ.නන්දසේන, යසන්ත ආරියසේන, නිමල් ජයරත්න, ඇම්.ඩබ්ලිව් සෝමරත්න, නුවන් කුමාර, හිරාන් ප්‍රියංකර ජයසිංහ, උපේන්ද්‍රා ප්රිලයංකර ජාතුංගම, තුසිත කුමාර ද සිල්වා)
(ඡායාරූප: බන්දුල පී. පතිරන)
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වී මිල ඉහළට
පුරවැසියා.... Monday, 13 June 2022 12:39 PM
මහා පරිමාණයෙන් ගබඩා කොට ඇති වී තොග රජයට පවරාගෙන රටේ ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීමට රජයේ බලධාරින් ක්‍රියාකළ යුතුයි. ඥාති හිතමිත්රකම් පසෙකලා වී තොග එළියට ගැනීමට වගබලාගත යුතුයි...
fairoos Monday, 13 June 2022 02:16 PM
මේ අය එකතුවෙලා රටට කරපු විනාශයට හෙණ 7ම වදිනවා.