(දයාරත්න ඇඹෝගම)
‘මේ වන විට වී මිල විශාල වශයෙන් පහළ වැටීමෙන් ගොවි ජනතාව අන්ත අසරණ වෙලා රජයට මේ වී මිලදී ගැනීමට කිසිම වැඩ පිළිවෙළක් නැහැ‘ යැයි ශ්‍රි ලංකා ගොවි ජන පෙරමුණේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසිය.
රජය වහාම මේ වී මිල ප්‍රශ්නය විසදීමට කටයුතු නොකළහොත් සමස්ත ගොවිජනතාව සමඟ එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා යැයිද මන්ත්‍රීවරයි පැවසීය.
‘ යැයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද (17 )දින පෙරවරුවේදි අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී දින දෙකක් තුළ ගොවියට පොහොර සහනාධාරය ලබා දීමට පියවර ගත්තා .මේ නිසා වසර හතරකට පසු සාර්ථක වී අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
අද අම්පාරේ මේවන විට වී කිලෝවක් රුපියල් 28 යි 29 යි. ත්‍රිකුණාමලයේ වි කිලොවක් රුපියල් 28 යි .මම ජිවත්වන අනුරාධපුරයෙත් රුපියල් 29 යි .අපේ ආණ්ඩුව කාලයේදී වී මණ්ඩලය හරහා වී මිලදී ගත්තා.
පසුගියදා ජනධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළා වී මිල දී ගැනීමට රුපියල් කෝටි සියයක් වෙන් කලා කියල නමුත් තාම ඒ පිළිබදව සුදානමක්වත් නැහැ.
අපි ඉල්ලා සිටින්නේ මේ රටේ අව්වට වේලෙන වැස්සට තෙමෙමින් දහඩිය වගුරවමින් දුක් විදිමින් රටට බත සපයන ගොවිජනතාව අසරණ කරන්න එපා කියලයි.
සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ගොවියා අඩපණ කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවද කියල අපට බරපතල සැකයක් තිබෙනවා .වී මෝල් තුන් දාහක් පමන වසා දාල. ජනාධිපති තුමා කියල තිබුණ කුඩා වී මෝල් හිමියන් ශක්තිමත් කරනවා කියලා.
වී කිලෝවක් රුපියල් තිහනම වී කිලෝ තුනකින් පුළුවන් හාල් කිලෝ දෙකක් නිෂ්පාදනය කරන්න.
නිෂ්පාදන වියදම රුපියල් දහයක් ගියත් හාල් කිලෝවක් රුපියල් පනස් පහකට දෙන්න පුළුවන් නමුත් අද පාරිභෝගිකය හාල් කිලෝවක් මිලදීල ගන්නේ රුපියල් සියට, එකසිය දහයට. මේ කෙන් පේනවා වෙළදුන් කෝටි ගණන් උපයන බව පාරිභෝගිකය අසරණ වෙලා එම නිසා වහාම ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරන ලෙස අපි රජයට බල කරනවා යයිද හෙතෙම මෙහිදි පැවසිය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වී මිලදී ගැනීමට රජයේ කිසිඳු වැඩපිළිවෙළක් නැහැ‘-එස්.එම් චන්ද්‍රෙස්න