(චන්ද්‍රසේන ගමගේ)
වී මල්ලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් තම වැඩිමහල් සහෝදරයා ගේ නිවසට ගොස් ගැටුමකට සම්බන්ධ වූ බාල සහෝදරයා එල්ල කරන ලද පිහි පහරකින් වැඩි මහල් සහෝදරයාගේ වැඩි මහල් පුත්‍රයා මිය ගොස් තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
තම බාප්පාගේ පිහි පහරින් බරපතල තුවාල ලබා මිය ගොස් තිබුණේ බෙලිඅත්ත තාරපේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 වැනි වියේ පසු වූ මද්දුම කංකාණම්ගේ සචීන් රවීෂ නම් තරුණයෙකි.
මිය ගිය තරුණයා අසල තිබූ වැඩපළක සේවය කර නිවසට එන අතර තුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
මිය ගිය තරුණයාගේ පියා සමඟ ඔහුගේ බාල සොහොයුරා ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් ඒ අතර තුරදී බාප්පා විසින් එල්ල කරන ලද පිහි පහරවල් වලින් තරුණයා බිම වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි .තුවාල ලැබූ තරුණයා රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.
මිය ගිය තරුණයාගේ සිරුර බෙලිඅත්ත දිසා රෝහලේ තැන්පත් කර තිබුණු අතර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සදහා සිරුර තංගල්ල මූලික රෝහලට යැවීමට නියමිතව තිබුණි.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (9) දහවල් සිදු කිරීමට නියමිතව තිබුණි.
සැකකාර බාප්පා බෙලිඅත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර ගැටුම අතර තුරදී ඔහුට සිදුව තිබූ සුළු තුවාල කිහිපයකට ප්‍රතිකාර ලබා දීම සදහා සැකකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග
ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස
ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.
මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
වී මල්ලට කළහ කළ බාප්පාගේ පිහි පහරින් ඥාති පුතා මරුට
sam Tuesday, 09 March 2021 07:19 AM
ගම බෙලිඅත්ත, තංගල්ල නම් රස්සාවකටවත් ගන්න එපා වැඩකට නැති අය තමයි ඉන්නේ..
Dilshan Tuesday, 09 March 2021 10:35 AM
ප්‍රවෘත්තිය දහසක් දේ පවසයි. ගම බෙලිඅත්ත. වී මල්ලකට රණ්ඩු වෙන්න තරම් දෙයක් වුණේ ඔය ගමෙන් රට කරපු රජ පවුලට පිං සිද්ධ වෙන්න. තරුණ ජීවිතයක් අපරාදේ.
kapila Tuesday, 09 March 2021 10:55 AM
මේ අර දකුණේ උදවියනේ. ඕකේ මොනවද පුදුම වෙන්ට තියෙන්නේ?
විපරමා Tuesday, 09 March 2021 11:15 AM
කිසිම හිතක්, පපුවක් නැති ,ඉවසීමක් ගෑවිලාවත් නැති මෝඩ මිනිස්සු .