(අංජුල මහික වීරරත්න)
කෘමි හානි තුනක් මේ දිනවල වී වගාව ආශ්‍රිතව පැතිර යන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
White Back Plant Hopper හෙවත් සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා (Grey Plant Hopper) සහ කොළ හකුළුවන දළඹුවා ( Leaf Curl worm) යන කෘමි විශේෂ තුන මගින් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවේ හෙක්ටයාර් 22,000ක් පමණ බලපෑමට ලක් ව තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කුඹුරුවල මෙම කෘමින් සිටී නම් වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙසත්, කෘෂිකර්ම උපදේශකවරුන් විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළයුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.
මෙම කෘමි හානි සියල්ලම වලක්වා ගත හැකි අතර මේ වනවිට සියලු ප්‍රදේශවල සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. එමෙන්ම කෘෂිකර්ම විශේෂ කණ්ඩායම් ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා යොදවා අතැයි ද පරසුරාමන් මහත්මිය පැවසුවාය.
තත්ත්වයෙන් බාල කෘමි නාශක යෙදීම හෝ දැනුමක් නොමැති අය විසින් කරන නිර්දේශ අනුව කටයුතු නොකළ යුතු යැයිද කෘමිනාශක තවත් වර්ග සමග මිශ්‍ර කිරීම නොකළ යුතු අතර එමගින් හානිකර කෘමින් රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති නිසා (Chemical Resistance) කෘමිනාශක යෙදීමෙන් නිසි ප්‍රතිපල අත්කර ගත නොහැකි වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය.
අවුරුදුට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද (15) සිට ලබන 21 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංගම නියෝ
අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.
ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වී වගාවට තුන් බියක්