(අංජුල මහික වීරරත්න)
වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවසීය.
ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘වී සහ එළවළුවලට රසායනික පොහොර ගෙන්නේ නෑ‘‘
Soma dubayi Sunday, 21 November 2021 06:49 PM
රුහුණෙන් බිහි වූ නායකයාණෙනි අපි ඔබතුමාගේ සෞභාග්‍යයේ වැඩපිළිවෙලට ආශීර්වාද කරනවා.
සෙනෙවිරත්න Monday, 22 November 2021 02:37 PM
විහිළුවට නේද? එහෙම කරන වෙලාවක් නොවෙයි මේ.
යෝගා Sunday, 21 November 2021 07:01 PM
ලේකම්තුමාගෙ කතාව දැකලා ජනාධිපතිතුමා ඇමතිට අමතලා වගේ. පොහොර මාෆියාව මොනවා කරත් තීරණය ආපහු හරවන්න එපා. උතුරේ ගොවීන්ගෙන් ආදර්ශයක් ගන්න. ඒගොල්ලො සාර්ථකව වැඩ. යුද්ධය කාලයේත් යූරියා නැතුව හොඳ අස්වැන්නක් ගත්තා.
සෙනෙවිරත්න Monday, 22 November 2021 02:43 PM
ඔබ තුමා සිහියෙන්ද කතා කරන්නෙ? කාබනික පොහොර නැනො පොහොර වල ගනුදෙනු ඉතාම පැහැදිලිව විනිවිද භාවයෙන් යුක්තව කෙරෙනව නේද? උතුරෙ ජනතාව මොනව හිතනව ඇතිද තනි සිංහල ආණ්ඩුවට මේ වගේ දෙයක් කළමනාකරණය කරන්න නොහැකිවීම ගැන.
ajith Sunday, 21 November 2021 07:52 PM
නත්තලට, නවවසරට මෙන්ම සිංහල අලුත් අවුරුද්දට සහල්, එළවළු පිටරටින් ගෙන්වමු...
pradeepa Sunday, 21 November 2021 08:31 PM
අපි තමයි හොඳටම තණකොළ වගා කළේ...
de silva Sunday, 21 November 2021 08:57 PM
ආණ්ඩුවට ගෙදර යන්න මෙපමණ හදිස්සිද.?
සඳුන් Sunday, 21 November 2021 09:56 PM
අර පාර්ලිමේන්තුවේ ඇසුණු රෝගය බෝවෙන වර්ගයට අයිති එකක්ද ?
Ratnayeke Monday, 22 November 2021 01:16 AM
කට කලමනාකරණ කරගන්න උත්සාහ කරන්න කටට එන එන දේ කියවන්නේ නැතුව.
samansiri Monday, 22 November 2021 04:14 AM
රසායනික පොහොර එපා ශාක පොහොර ගේන්න උගත් ඇමතිතුමෝ...
nalin Monday, 22 November 2021 05:54 AM
කාබනික පොහොර මගඩිය පටන්ගන තියෙන්නෙ ජනතාවගෙ සුබ සිද්දිය උදෙසා නෙමෙයි. ගසාකෑම උදෙසා. ජනතාවගෙ සුබ සිද්දිය උදෙසා කියල ගසා කනව අම්බානකට. පුදුම පිලිල තමයි .
Lalith M Monday, 22 November 2021 06:55 AM
තව ටික දවසයි. නුඹලාට යන්න රටක් සොයාගෙන ඇති කියල හිතෙනව. ඔහොම යමු.
Hafeel Monday, 22 November 2021 07:15 AM
කොහොම හරි මෙයාත්, බන්දුලත්, සරත් වීරසේකරත් කයිවාරු ගහ ගහා ඉන්නවා මිස ප්‍රායෝගික මොකුත් කරලා නැහැ.
Dewa Monday, 22 November 2021 07:46 AM
ඉතිරි කාලයත් ඔය මන්ත්‍රය මතුර මතුරා ඉන්න ඇමතිතුමා.
Sunil Monday, 22 November 2021 07:47 AM
බොහෝ වගා ඉඩම් වල දැන් සරුවට වැඩෙන්නේ එක දෙයයි. ඒ තණකොළ.