(යොහාන් භාසුර)
වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි.
වීවලට සාධාරණ මිලක් නොදුන හොත් ගෝඨාභය මහත්මයාගේ කාලයේ මෙන් හතු පිපෙනවා මෙන් පාරවල්වල ජනතාව පිරෙනු ඇති බවත් එදාට ආණ්ඩුවට පොලියත් සමඟ උත්තර දීමට සිදුවනු ඇති බවත් ගොවි සංවිධානය සඳහන් කළේය.
නැගෙනහිර සහ උතුරු මැද පළාතේ බොහෝ ස්ථානවල මහ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර පෞද්ගලික ව්‍යාපාරිකයන් වී කිලෝවක් රුපියල් 95 ට 100 ට මිලදී ගනිමින් සිටින බවත් එම මිලට වී අළෙවි කිරීමෙන් ගෙවීන්ට වියදම හෝ ආවරණය කරගැනීමේ හැකියාව නොමැති බවත් ගොවි සංවිධාන සඳහන් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලයට වී මිලදී ගැනිමෛන් පසුව ආණ්ඩුව වී සඳහා සහතික මිලක් පැනවීමෙන් ඵලක් නොමැති බව කියන ගොවි සංවිධාන ඒ සඳහා ආණ්ඩුව මීට වඩා කාර්යක්‍ෂම වියයුතු බව ද සඳහන් කරයි.
ගොවි අරගල ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධායක පී. කේ. ඩී. විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ගොවීන් ළගට ගොස් වී තුට්ටු දෙකට ගනිමින් සිටින බවත් අඩු මුලි වී ගත්ත ද ඔවුන් හාල් කිලෝවක් රුපියල් 230 ට අළෙවි නොකරන බවත්ය.
වී කිලෝවක මිල කඩිනමින් තී්රණය කළ යුතු බවත් අවම වශයෙන් වී තිලෝවක මිල රුපියල් 120 ක ඉක්මවිය යුතු බව කී විජේරත්න මහතා එවැනි මිලක් ලැබුණොත් පමණක් ගොවියාට සාධාරණයක් වන බව ද කීය.
පෞද්ගලික ව්‍යාපාරිකයන් වී මිලදීගත් පසු ආණ්ඩුව වී මිල තීරණය කළ හොත් ඉන් ඵලක් නොවන බව ද පී. කේ. ඩී. විජේරත්න මහතා සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා පැවුසවේ වී කිලෝවකට රුපියල් 140 ක් ඉල්ලා සිටීම අසාධාරණ යැයි ගෙවීන්ට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටි වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බවත් ඔහු ගොවියාගේ දායකත්වය ප්‍රශ්න කිීමට ගැටලුසහගත බවත්ය.
නාමල් සහෝදරයා ඇමති තනතුර ගැනීමට පෙර ගොවියාගේ නිෂ්පාදන වියදම රුපියල් 154 ක් බවත් රනිල් වික්‍රමසිංහ එය රුපියල් 100 ක් දක්වා බස්සා ඇතැයි චොද්නා කළ බවත් පුංචිරාළ රත්නායක මහතා කීය.
ගොවීන්ගේ සටන් සඟයාව සිටි නාමල් කරුණාරත්න ගොවියා ගෙදර සිටියත් බුලත්විට කනවා, තේ බොන නිසා එවැනි වියදම් වී මිලට එකතු කිරීම අසාධාරණ බව ද රත්නායක මහතා සඳහන් කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි
karolis Monday, 27 January 2025 05:48 PM
කෝ මේ නාමල් කරුණාරත්න? ඡන්දෙට කලින් ගොවියගේ දෙවියා වගේ නේද කයිවාරු ගැහුවේ...?
Kamal Koyrala Monday, 27 January 2025 06:27 PM
රජය බාලගිරි අද නොවේ හෙට වගේ... වි සඳහා මිල නියම කරන්න. එනමුත් මුදල් හදිස්සියට වී දෙනවා නම් ඔවුන්ගේ වග සහනාධාර ගැනත් රජය වගබලාගත යුතුයි.
අකිල Monday, 27 January 2025 07:25 PM
ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නෙට මූලිකත්වය දීලා කටයුතු කළොත් හොඳයි. වසන්තට මෙම ඇමැති ධුරය කරන්න බැහැ වගේ පෙනෙනවා. ඒක නිසා වෙනත් කාර්ය සූර්ය කෙනෙක්ට බාරදුන්නොත් නරකද?
යෝගා Tuesday, 28 January 2025 06:39 AM
එහෙම සහතික මිලක් දැම්මහම ඩඩ්ලි ඡන්දෙට පැලවත්තට පොම්ප කරපු කෝටි ගණනට කෙළෙහිගුණ සලකන්න බෑනේ. එයාට ඕන ගානට වී ටික ගත්තට පස්සේ නාමල් කරුණාරත්න පූස් පැටියා අවම මිලක් කියයි. එයා දන්නව මේ අසාධාරණයට විරුද්ධව පොල් ගහන්නවත් බෑ කියලා. පොලුත් නෑනේ.