IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වකුගඩු ගැලවූ දරුවා ගැන පියවරක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හන්දි  නමැති  තුන් හැවිරිදි දරුවා කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලේදී වකුගඩු දෙක  ඉවත් කිරීමෙන් පසු  මියයෑම  සම්බන්ධයෙන් එම  සිද්ධියවී   වසරකට ආසන්න කාලයක් ගතවී  ඇතත් මෙතෙක්  කිසිම පියවරක්  ගෙන  නැතැයි  පත් කළ මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා  පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.

අඩු තරමින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් හෝ ලැබී නැති බව ඔහු කීවේය. මන්ත්‍රීවරයා  මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රහුමන් මහතා මෙසේද සඳහන් කළේය.

දරුවා මැරිලා අවුරුද්දක් වෙනවා. ඒ ශල්‍යකර්මය කරපු වෛද්‍ය  දොස්තර නලින් විජේකෝන්   ස්කෑන්   කරපු වෛද්‍ය නුවන් හේරත්  රට හැර ගිහිල්ලා. ඒකට සම්බන්ධ වෙච්ච දෙන්නම . ඒ වගේම  ඒ වකුගඩු දෙකත් රෝහලේ අද  නැහැ. වකුගඩු අයින් කළා නම් ඒක රෝහලේ තියෙන්න  එපැයි. අවුරුද්දක් ගත වෙලත්  තාම වාර්තාව ලැබිලා  නෑ.  මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තු පියවර මොකක්ද.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ මහතා:

මගේ ළඟ තවමත් මේ ගැන පිළිතුරක් නැහැ. වාර්තාවක් ලබාගෙන  ලබන සතියේ  පිළිතුරක් දෙන්නම්.



අදහස් (6)

වකුගඩු ගැලවූ දරුවා ගැන පියවරක් නෑ

dhanushka Tuesday, 23 July 2024 01:59 PM

ලංකාවේ දොස්තරල අතින් නැති වුණ පලවෙනි ජීවිතය නෙවෙයි මේ. නීති සිසුවියකගේ වැරදි අත කැපුව. කිසිම දෙයක් සිද්ද වුණේ නෑ. සාදාරනයක් ඉටු උනෙත් නෑ. දොස්තරට දඩුවමක් ලැබුනෙත් නැ. දොස්තරවරියක් බීමතින් ගිහින් පොලිස් නිලධාරියෙක්ව හප්පල මැරුවා. කිසි දෙයක් වුණේ නෑ. මෑතකදි රාගම රෝහලේ දොස්තර කලා මලා අතින් නැති වුණ ජීවිත කීපයක්ම හෙළි වුණා. දොස්තර තාමත් නිදැල්ලේ. සංගමයත් නිහඬයි

:       2       48

gamage Tuesday, 23 July 2024 02:20 PM

හැම එකටම මාධ්‍ය හමු, වැඩවර්ජන තියන ජිඑම්ඕඒ නඩය මේකට සද්ද නැත්තේ ඇයි දන්නෙ නෑ

:       2       30

akeesha Tuesday, 23 July 2024 02:36 PM

ජිඑම්ඕඒ එක හැමදාම රූපවාහිනියෙයි පත්තරවලටයි කියන, අඩු වැටුප් නිසා රට ගිය දොස්තරල ගාණට මේ දෙන්නවත් ගනන් කරල ඇති

:       0       0

Chathuri Tuesday, 23 July 2024 02:37 PM

මේවාට එකම විසදුම තොපිව සේරම එකට දාලා පනපිටින් පුච්චන්න ඕන

:       0       0

Ruwan De Silva Tuesday, 23 July 2024 04:41 PM

ලංකාවේ වෛද්‍යවරුන් හරියට ඉන්නේ ඉස්සර රදළයෝ වගේ, කරන වැරැදි වලට දඬුවම් නෑ.

:       0       1

DMS Karunaratne Wednesday, 24 July 2024 06:29 AM

අදාල ඩොක්ටර් ගේ රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න මෙඩිකල් කවුන්සිල් එකට අපහසු ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 298 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 23 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1372 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 83 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1634 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35262 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24059 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site