(ඩයනා උදයංගනී)
වික්ටෝරියා වේල්ල අවට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වේල්ල ආසන්නයේ මීටර් 100ක් තුළ විශාල මට්ටමින් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන තුනක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බව එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසීය.
වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ සුළු භූ චලනයන්ට හේතුව ලෙස ඒ අවට ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කැණීම් ස්ථාන බවට තහවුරුවීම හේතුවෙන් මෙම පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය.
පසුගිය කාලයේ ඒ අවටින් වාර්තා වූ භූ චලනයන්ට හේතු සොයාබැලීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් පත්කළ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුව වික්ටෝරියා ජලාශයේ ආරක්ෂාව සඳහා වහාම ගත යුතු පියවර දක්වා තිබූ බවත් ඒ අනුව මෙම පියවර ගත් බවත් ඔහු කීවේය.
වික්ටෝරියා ජලාශය අවට සුළු භූ කම්පන තත්වයන්ට හේතුව එම ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ සිදුවන හුණුගල් තට්ටු බිද වැටීම් බවත්, හුණුගල් කැණීම් ස්ථානවල සිදුවන පිපිරවීම් නිසා ඇතිවන කම්පන ද අභ්‍යන්තර හුණුගල් තට්ටු බිඳ වැටීම්වලට හේතුව බවත් එහි සඳහන්ව තිබිණි යැයි හෙතෙම පැවසීය.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වික්ටෝරියා වේල්ල අවට හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කරයි