(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විකිණූ වාහනයට ලෝබ සිතී අලෙවියෙන් මාස දෙකකට පසුව හොර රහසේ පැමිණ රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා වෑන් රථයක් සොරාගෙන පලාගිය එහි මුල් හිමිකරු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිහුල් ඔය ප්‍රදේශයේ පදිංචි (52) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර තමාට අයත් වෑන් රථයක් රුපියල් ලක්ෂ 18 මුදලකට අතුරුගිරිය හොරහේන ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුට අළෙවි කර තිබේ.
එහෙත් මාස කිගිපයක් යද්දී සිය වෑන් රථය අලෙවි කිරීම පිළිබඳ ලෝභ සිතක් පහළ වූ සැකකරු මීට දින කිහිපයකට පෙර රාත්‍රී කාලයේ වෑන් රථය මිලදී ගත් ව්‍යාපාරිකයා පදිංචි අතුරුගිරිය හොරහේන ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ එහි අතුරු මාර්ගයක යතුරුපැදිය සඟවා බස්රථ ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වේ මෙසේ වෑන් රථය සොරාගෙන පළාගොස් තිබුණි .
පසුදා උදෑසන අවදි වී බලද්දි වෑන් රථය අස්ථානගත වී ඇති අයුරු දැක ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ නිවෙස අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු යතුරුපැදියකින් පැමිණ එය ව්‍යාපාරිකයාගේ නිවසට යාබද අතුරු මාර්ගයක සගවා වෑන් රථය මෙසේ සොරා ගෙන යන අයුරු දැක තිබේ.
ඒ අනුව සගවා තිබු යතුරු පැදිය රැගෙන යාමට යළි සැකකරු පැමිණෙනු ඇතැයි විශ්වාස කළ පොලීසිය ඒ අවට ආවේක්ෂණ රාජකාරියෙන් පොලිස් නිලධාරීන් යොදවා රැකවලා සිටියදී යතුරු පැදිය රැගෙන යාමට සැකකරු පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
සුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව සොරා ගත් වෑන් රථය බෙලිහුල් ඔය ප්‍රදේශයේ පාළු වත්තක සඟවා තිබී සොයාගෙන තිබේ.
එහිදී සැකකරු පොලීසියට පවසා ඇත්තේ " අනේ සර් මම ගොඩක් ආදරයෙන් රැක බලාගත්තු වාහනයක් මේක. සල්ලි ප්‍රශ්නයක් නිසා විකිණුවේ. නමුත් මට ලෝභ හිතුණා වාහනය විකුනපු එකට. ඒ නිසයි මම අරගෙන ගියේ " යනුවෙන් පවසා තිබේ.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විකිණු වාහනයට ලෝබ සිතී යළි උස්සලා