(යොහාන් භාසුර)
ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන විකාශන අධිකාරි පනත මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස අහිමි කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන අසාර්ථක උත්සහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (31) පැවසීය.
අධිකාරි පනතේ දළ සැකැස්ම බැලූ බැල්මටම කිසියම් වූ විධිමත් කතාබහක් හෝ සාකච්ඡාවකින් තොරව ඉතා පටු සිතුවිලි රටාවක කොටුවී සැකසූ ලියවිල්ල් ලෙස හඳුනාගත හැකි බව කියන චරිත හේරත් මහතා එය පනතකට අදාළ පුළුල් දැක්මක් හෝ නිශ්චිත ඉදිරිපත් කිරීම්වලින් හෝ අර්ථදැක්වීම් වලින් තොර කිසියම් වූ විශ්‍රාමික මනසකින් සැකසූ ඉතා ප්‍රාථමික ලියවිල්ලක් ලෙස දැක්විය හැකි බව ද සඳහන් කළේය.
මෙම පනත සැකසීමේදී පවතින කර්මාන්තයක් ලෙස හඳුනා නොගෙන අලුතින්ම රට තුළ මාධ්‍ය ක්ෂේත්‍රය ස්ථාපිත කරන්නාක් මෙන් කටයුතු කර ඇති බවත් මෙය සෘජුවම භාෂණලේ නිදහස හකුන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඒ මහතා කීය.
මෙහි 3 වැනි වගන්තියේ විකාශන අධිකාරී කොමිසමේ සංයුතිය සහ එහි පත්කිරීමේ සැලැස්ම විග්‍රහ කරන බව කී මහාචාර්යවරයා එහි ඝණපූර්ණය ලෙස සභාපතිවරයා ඇතුළු තිදෙනෙක් ලෙස නම් කර අමාත්‍යංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිල බලයෙන් පත්වීමට නියමිත බව ද සඳහන් කළේය.
ඝණ පූරණය තිදෙනෙක් වීම නිසා සභාපතිවරයා සහ නිලධාරීන්ට එක්ව ඕනෑම තීන්දුවක් ගැනීමට හැකිවීම ඉතාම දුර්වල සහ නැවත නැවතත් සංවාදයට බඳුන් කළ යුතු තත්වයක් බව කී ඒ මහතා පැවසුවේ ඕනෑම නාලිකාවකට එරෙහිව ඉතා සීමිත සහිත පුද්ගල සංඛ්‍යාවක් එක්ව තීන්දු කිරීම ඉතාම නුසුදුසු කටයුත්තක් ලෙස දැක්විය හැකි බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (31) එසේ පැවසීය.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විකාශන අධිකාරි නව පනත භාෂණයේ නිදහස අහිමි කරනවා
Sampath Wednesday, 31 May 2023 07:50 PM
දැන් ඕවා කියලා වැඩක් නෑ... ලැබුණු ස්වර්ණමය අවස්ථාව විහින් නා ගත්තේ ඇතුලේ හිටපු අය කටවහන් හිටිය නිසානේ දැන් නහයෙන් ඇඬුවට ඵලක් නැහැ...
Peduru Wednesday, 31 May 2023 10:36 PM
මොනවා උනත් මෙරටේ විද්‍යුත් මාධ්‍යය පාලනය කල යුතුමය. උන් කරන්නේ උන්ට ඕනෑ දේ පමණයි. උන්ට ඕනෑ එකා බලයට ගේන්න කඩේ යයි. ලමයින්ට කිසිම වැඩදායක දෙයක් නැත. කසි කබල් ඒවගේම තරුණයන් නොමග යවන ටෙලි නාට්‍ය පෙන්වයි. රටේ ප්‍රවුර්ති කියන්නේ වියාකරණ නැතුවය