(දයාරත්න ඇඹෝගම සහ ලේකම්ගේ අනුර)
තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක (35) නැමති වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයා නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම වෛද්‍යවරයා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටිති.
මියගිය වෛද්‍යවරයා සිය නිල නිවසේ තනිව ජිවත්වු බව පොලිසිය පැවසිය.ඔහු මිට දින දෙක තුනකට පමණ මිය යන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.ඔහුගේ මළ සිරුරේ බාහිර වශයෙන් කැපුම් කෙටුම් වැනි තුවාල දක්නට නොමැති බවද පොලිසිය පැවසිය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ ම
‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්ස
කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරී
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේව
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තට
කිලිනොච්චිය පෙරියකුලම් වැවේ දියේ ගිලීමෙන් දෙදරු පියෙකු ඊයේ (29) දින මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වකුගඩු වෛද්‍යවරයා අභිරහස් ලෙස මියයයි
අප්පුහාමි Tuesday, 13 June 2023 05:49 PM
අඹුසැමි දෙදෙනාම වයිද්‍ය සේවයේ සිටින විට දෙදෙනාම එක්කෙනාට එක්කෙනා බොහෝවිට දුරස්ථව ඉන්නවා එහෙම වුනාම මානසිකවත් ප්‍රශ්න ඇතිවෙනවා පවුලේ සාමය සතුට නැහැ කියන්න පුළුවන් සියලු වයිද්‍යවරු එහෙම නැහැ ඉතින් මෙහෙම වන්වෙලා සිටින අය මෙලොවත් දුක් විදිනවා පරලොවදීත් එහෙම වෙන්න පුළුවන් ඔවුන්ට සතුටක් නැහැ බුදුහාමුදුරුවෝ දේශනාකලේ සංතුස්ට්ඨී පරමං ධනං කියලා තමයි ඔවුන්ට ඒක නැතත් අපිට නිතර දකින්නට ලැබෙනවා ඇගලුම් කම්හල් සේවකයින් .ඔවුන් දෙදෙනෙක් විවාහ වෙලා දරුවෙක් ලැබුනම කරන්නෙ බිරිඳ සේවයෙන් ඉවත්වෙලා දරුවො රැකබලාගෙන් සිටීම තමයි ඔවුන් ඉතාමත් සතුටින් ඉන්නවා ඔවුන් ළග සමගිය තියෙනවා පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්ධිරේ කියලා තමයි අන්තිමේ කියන්න වෙන්නෙ