IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑ‘

(ඩයනා උදයංගනී)

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

රටක් නිසි දිශානතිය කරා මෙහෙයවීමේදී රටේ සියලු දෙනාගේම සහය බලාපොරොත්තු විය නොහැකි බවත්, වෙනස් නොවන අය දෙස බලා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති දේ අථැර දමන්නට සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලුදෙනා සතුටු කිරීම නොවන බවද ජනාධිපතිවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා අදහස් දක්වමිනි.

අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචන කරන්නට පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැතැයිද ප්‍රකාශ කළේය.

දුෂ්කර කාල හැමදාමත් එකසේ පවතින්නේ නැතැයි ද කී රාජපක්ෂ මහතා එවැනි කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍ය බවත්, අන් අයව මානසිකව වට්ටන පුද්ගලයන් සමාජයට කරන්නේ උපකාරයක් නොවන බවද කිවේය. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (38)

‘වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑ‘

Sunil Friday, 04 February 2022 09:20 AM

සිඟමන් යදිමු සාගින්දර නිවන්නට, එනමුත් මගේ රට ලෝකෙන් උතුම් රට... එයයි සෞභාග්‍යයේ දැක්ම...

:       0       4

නිමල් Friday, 04 February 2022 09:38 AM

කකුළුවා කෙලින් යන විදිය කියලා දෙනවා...

:       0       6

Senarath Friday, 04 February 2022 10:05 AM

එතකොට අසුබ කරලා තියෙන්නේත් දැන් අපිමද? කොහෙන් හරි "අලි ටෝක්" එකක් උස්සන් ඇවිල්ලා කියවන එක විතරයි මුන්දෑ දන්නේ...

:       0       7

Narada Friday, 04 February 2022 10:26 AM

බොහෝ ශ්‍රී ලාංකිකයින් අකැමැති තිත්ත ඇත්ත.

:       8       4

Hafeel Friday, 04 February 2022 10:34 AM

අවුරුද්දේ එක් දවසක් පමණයි රටේ නිදහස සමරන්නේ. අනිත් 364 දවසම රට විකුණන්න කටයුතු කරන්නේ. මේකද දේශප්‍රේමය... ජනාධිපති විසඳුම් වෙනුවට විවේචන කරන පිළිබඳව මහ ලොකුවට කිව්වාට, කාබනික පොහොර සම්බන්ධව විෂය භාර විද්වතුන්ගේ අදහස් පැත්තකට තල්ලු කරලා, වෛද්‍ය සංගමේ ලොක්කාගේ ලණු කාලා දුප්පත් ගොවීන්ව අපහසුතාවට පත්කළා. රටේ ඡන්ද දායකයින් අවුරුදු 74ක්ම දුෂ්කර කාලයක්මයි ගත කළේ... ඒක අමුතුවෙන් කිවයුතු එකක් නොවේ. දැන් යන ගමන දිහා බැලුවත්, මේ දුෂ්කර ජීවිතයෙන් මිදෙන ලකුණු නම්, පේන්න නැහැ. මේ ප්‍රධාන පක්ෂවලින් කවදාද රට නිදහස් වෙන්නේ, අන්න එදාට තමයි සැබෑ නිදහස සහ හොඳ කාලය උදා වෙන්නෙත්...!!!

:       22       15

Lankaputha Friday, 04 February 2022 11:06 AM

දැන් ඔක්කොම හරිද? කාර්යය සහ වගකීම?

:       1       7

Nihal Friday, 04 February 2022 11:22 AM

ඒක ඇත්ත. පහුගිය රජය කිසි වගකීමක් නැතිව රසායනික පොහොර තහනම් කරලා කාබනික නාඩගමක් නටන්න ගිහින් රට නන්නත්තාර වුණා. ඒ මදිවට තව අවුරුදු දෙකක් කල් ඉල්ලුවා. ඔබතුමා වගේ වගකීමක් ඇතිව වැඩ කරන කෙනෙක් තමයි අපිට ඕනෑ.

:       5       8

Bamunuaeachchi Friday, 04 February 2022 12:16 PM

ඒක තමයි 1940 ගණන් වල ඉඳලා වාසුලා ඇතුළු වාමාංශික නායකයින් වැඩකරන ජනතාවට ඉගැන්නුවේ. උඩට උස්සපු උදැල්ල කණිසම වැදුණානම් පොළවට නොගහා පැත්තකින් තිබ්බා. අන්තිම පස් පිඩැල්ල කැපුවේ නැහැ.

:       12       3

Perera Friday, 04 February 2022 12:54 PM

අනේ යන්න, ඔයා ඔයාගේ වගකීම ඉෂ්ඨ කරලා තියෙන්නේ...!

:       3       12

සනත් ඉතාලිය Friday, 04 February 2022 01:59 PM

හොඳ කියමනක් සර්... ඔබගේ දැක්ම නිවැරදියි. අවශ්‍ය සුදුස්සන් ළංකර ගැනීමයි. 69 ලක්ෂයේ තවමත් ඔබ ගැන විශ්වාසෙන් ඉන්නේ. ආ මග කෙටියි, යා යුතු මගදුරයි... ඔහොම යමු කකුලෙන් අදින්නෝ ගානියා බැරිස්ටර්ගෙන් පටන්ගෙන නොකියා විදුලිය විසන්ධි කරන තැන දක්වාම කළේ කුමන්ත්‍රණ. ඉදිරියටහ් නානා ප්‍රකාර බිල්ලන් එනවා...

:       11       45

දාස Friday, 04 February 2022 02:48 PM

මිනීමරුවන් නිදහස් කිරිමත් වගකීමේ කොටසක්ද?

:       12       38

BamunuarachchiMonday, 07 February 2022 12:04 PM

ඒක ජේ. ආර්ගෙන් අහන්න. ජේ ආර් තමයි එක සැරේ පළාත් සභාවක හිටපු, මරණීය දණ්ඩනය ලැබූ මිනිස්සු දෙදෙනෙක් එකවර නිදහ්ස් කළේ. මේ රජය කිසිම මිනීමරුවෙක් නිදහස් කළේ නැහැ... අධිකරණයට බලපෑම් කර අහිංසකයින් මිනීමරුවන් කළ අය..., ඔවුන්ගේම ප්‍රබල සාක්ෂි මත නිදහස් කළා... ඒක අසාධාරණ නැහැ නේද?

:       1       0

Sathayapala Friday, 04 February 2022 03:11 PM

මහ කකුළුවෝ ඇදේට යන ගමන් පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා.

:       24       18

ජූඩ් Friday, 04 February 2022 03:14 PM

වැඩ කෙසේවෙතත් කතාව නම් සුපිරියටම කවුරු හරි ලියලා තියෙනවා..

:       15       18

godfrey Friday, 04 February 2022 03:43 PM

ඔබතුමාගේ සැමරීම. පාස්කු ප්‍රහාරයේ අය නිදහසේ සිටීම, මිනීමරුවන් නිදොස්කොට නිදහස් කර නිදහසේ සිටීම, ලොකු ලොකු හොරුන්ගේ නඩුවලින් ඔවුන් නිදොස්කොට නිදහස් කර නිදහසේ සිටීම, වචන වැරැදියට කතාකළා යැයි කියා ඔවුන්ව හිරේටම දමා හිරේම අවුරුදු ගණන් සිටින්නට නිදහස දීම, රටේ වටිනා ඉඩකඩම් ටික විකුණා රට නිදහස් කිරීම, කෘෂිකර්මාන්තය උඩු යටිකුරු කර ගොවියාටම පණ නසාගන්නට නිදහස දීම, මෙකී නොකී තවත් දැ තුළින්, ඔබ රටට බිහිවූ අති දක්ෂ ජනපතිවරයකි. ඔබ ජාතිය ඇමතීම අපට ලොකු ආඩම්බරයකි, අභිමානයකි.

:       20       10

මැක්ස් Friday, 04 February 2022 04:15 PM

අති විශිෂ්ඨ කතාවක්. පසුගාමී විපක්ෂටත්, එහි අනුගාමික කමෙන්ට් කොටන්නන්ටත් කණට ගැහුවා වගේ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ ඉන්න වැඩ නොකරන නිකමුන්ටත් ඉගෙන ගන්නවා නම් හොඳ කතාවක්. ක්‍රියාත්මක තලයේදී, රටට අවගමනයම පතන, වගකීම් නොව අයිතිවාසිකම් ඉල්ලන පිරිස බලසම්පන්නයි. රෙඩ් ටේප් එමටයි. එම නිසා ජනාධිපතිතුමනි, ගමන ටිකක් අමාරුයි. ඒත්, පසු නොබා ඉදිරියටම යමු.

:       11       29

ajith Friday, 04 February 2022 05:27 PM

ජනතාව අසරණ කර වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම ඒකාබද්ධ සංගම්වලට තිබෙන එකම හැකියාව...!

:       11       9

අරුණ Friday, 04 February 2022 05:55 PM

අම්මපා...!

:       7       9

පිටිගල මිලානෝ Friday, 04 February 2022 08:00 PM

ලියා දීපු වචන විතරයි.. තේරුමවත් හිතට ගන්නේ නැතුව ඔහේ සැඟවුණු කියවන බනුව බලාගෙන කියවනවා. අර ඊයේ, පෙරේදා දාපු තද කටහඬ මේ පාරත් දාලා අවුල් කරගන්න එපා කිව්වේ ශුදේවද? කින්ස්ලිද...?

:       15       12

Piyal Friday, 04 February 2022 08:36 PM

නන්දසේන, ඔබට මේක කරන්න බෑ.. කරුණාකරලා ඉක්මනට ඡන්දයක් තියන්න...

:       18       14

ජගත් ලියනගේ Friday, 04 February 2022 08:36 PM

අනේද කියන්නේ? ඕක අපිට වෙන්න ඇති කියන්නේ... නේද?" ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට " ...

:       15       11

Demuni Uduwara Saturday, 05 February 2022 04:41 AM

අපිත් ඔබට මෙසේ කියනවා..! නැගෙනහිර ප්‍රහාරයේ මහමොලකරුව හෙළිකරන්න..!

:       39       13

HarshaSaturday, 05 February 2022 02:52 PM

නැගෙනහිර ප්‍රහාරය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

:       4       17

Demuni Uduwara Saturday, 05 February 2022 05:13 AM

සර්ව සුබවාදී කතාවක්...!

:       10       16

nimal Saturday, 05 February 2022 08:44 AM

ඉස්සෙල්ලා තමුන්ගේ වගකීම හරියට කරා නම් හොඳයි.. රටක ජනාධිපති කෙනෙක්ගේ වගකීම තමුන්ගේ හෙන්චයියන් දාලා විරුද්ධ පක්ෂවලට බිත්තර ගැහීමද?

:       34       22

Deepal Saturday, 05 February 2022 09:15 AM

අයියෝ සල්ලි... මෙන්න මෙයාගේ වගකීම කියලා දීපල්ලා කවුරුහරි...

:       11       24

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 February 2022 09:26 AM

මේ සම්බන්ධව නීතිවේදී භාරත තෙන්නකෝන් මහතා විසින් " මෝටිවේශන් අප්පච්චි " යනුවෙන් වීඩියෝවක් යූටියුබ් එකේ විකාශය කොට තිබෙනවා. ඉතා හොඳ විග්‍රහයක්...!

:       48       13

Nuwa Saturday, 05 February 2022 09:57 AM

වගකීම් අමතක කොට නිදහස් උත්සවවල කතා කිරීමත් සුදුසු නෑ..

:       25       17

Bunny Preena Saturday, 05 February 2022 10:54 AM

සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යථාර්ථය තේරුම් අරගෙන යමක් විග්‍රහාත්මකව සිතන්නට පොළඹවන කතාවක්...

:       17       49

PereraSaturday, 05 February 2022 11:32 AM

හා.. දේශප්‍රේමියා... ගිහින් ඩොලර් අතහරින්න... ලංකාවේ කාට කාටත් පිල්ලි ගහන්න.

:       34       12

ජූඩ් Saturday, 05 February 2022 11:57 AM

අපරාදේ කියන්න බෑ. වැඩ බැරි වුණාට කතාව නම් කවුරු හරි සුපිරියටම ලියලා දෙනවා.

:       23       18

Shan Saturday, 05 February 2022 02:15 PM

මෙහෙමත් මිනිස්සු..! 

:       11       7

විපරමා Saturday, 05 February 2022 07:34 PM

කාලයක් පුද්ගලික ගුවන් විදුලි සේවයේ ඉඳන් පවුල් පාලනේ අයව විවේචනය කරපු කෙනා දැන් ගෝඨාට හේත්තු වෙලා. කතාව නියමෙට ලියලා දීලා.. 69 ලක්ෂයක් ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්ටපු කෙනා වගකීම්, අයිතිවාසිකම් ගැන කතාකිරීමත් විහිළුවක්...!

:       13       6

fairoos Sunday, 06 February 2022 12:28 PM

සියලුම නඩුවලින් නිදහස් කිරීමත්, ඔබතුමාගේ වගකීමේ කොටසක් වෙන්න ඇති...

:       17       7

BamunuarachchiSunday, 06 February 2022 01:34 PM

විනිසුරුවන් හැර මේ රටේ වෙන කවුරුවත් නඩු අහන්නේ නැහැ. බොරුනඩු වලින් නිදහස් කිරීම විනිසුරුවන්ගේ වගකීමයි. විනිසුරුවන් නඩු අහපු නිසයි අර හම්බයින් කීපදෙනා නිදහස් වුනේ. මම නඩු ඇසුවා නම් ඔවුන් කපෝතියි.

:       8       6

fairoosMonday, 07 February 2022 02:31 PM

බමුණගේ බෝම්බ බිම ඇනිලත්, මුහුණේ දැලි ගෑවිලා නැහැ වගේ...

:       0       3

sharm warn Monday, 07 February 2022 10:15 AM

මට පේන්නේ ලොක්කගේ ප්‍රවෘත්තිවලට විරුද්ධ අදහස් කියන අයට අකැමැත්ත පලකරන්න මුදල් ගෙවා යොදවපු කාලකණ්ණි හරක් ටිකක් ඉන්නවා. පුන්නක්කු කන නිසා රටේ ප්‍රශ්නවත්, රටේ හානියවත්, ආර්ථික හානියවත්, අදාළ නැතිව ඇති.

:       0       1

ganegoda Monday, 07 February 2022 10:07 PM

මැතිවරණ පොරොන්දු අමතක කරලා පිස්සු කෙලින එකා ගැනද ඔය කිවුවේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 1 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 205 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 288 0

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 58 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 395 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 161 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 719 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site