IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විගණකාධිපති රටටම දුන් ආදර්ශය

(දයාසිලි ලියනගේ)

මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න මහතා ආයතනයේ තිබි පරණ වාහනයක් සිය රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු රාජ්‍ය සේවකයනට ආදර්ශනයක් දුන්නේය.

රාජකාරි කටයුතු සඳහා පාවිච්චි කිරීමට රුපියල් ලක්ෂ 10ක කුලී පදනම මත වාහනයක් ගැනීමට මුදල් අමාත්‍යංශය පවා අනුමැතිය ලබා දි තිබුණි.

රට අසීරුතාවට පත්ව සිටින මොහොතක රජයේ නිලධාරීන් ආදර්ශයක් දිය යුතු බව ප්‍රකාශ කර ඇති විගණකාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ ඇති පාවිච්චි කළ පරණ වාහනයක් තම රාජකාරී කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බව වාර්තා වෙයි.



අදහස් (55)

විගණකාධිපති රටටම දුන් ආදර්ශය

චාමර Monday, 25 April 2022 08:04 AM

අරගල කරන දරුවනේ, ස්තුතියි...! .

:       2       3

පියසිරි Monday, 25 April 2022 08:21 AM

බදු නැතුව වාහන ගන්න දුන්නු පර්මිට් වලින් ගත්තු තමන්ගේම වාහනයක ආවා නම් හරිනේ... ලෝකෙට පේන්න ශෝ දාන්නේ නැතුව සත්‍ය වශයෙන්ම ආදරේ නම් බදු නැතුව ගත්තු වාහනවල එන්න. ඉන්ධන දීමනාවත් ආපහු දීලා තමන්ගේ අතින් ඉන්ධන ගහලා...

:       5       3

ලංකාපුත්‍ර Monday, 25 April 2022 08:34 AM

ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්... ඇත්තටම මම දැකලා තියෙනවා ඔය කියපු ක්‍රමයට වාහනයක් ගත් නිලධාරිනියක් තමන්ගේ ආයතනයේ සංචිත වාහනයක් තමා යටතේ සිටින කෙනෙකු නමට වෙන්කර ගෙන, එම නිලධාරින් සමග තමන්ගේ රාජකාරි සඳහා යනවා.. නමුත් මාසය අන්තිමේ ගතමනාවත් ගන්නවා. වසර පහකට වරක් බලපත්‍රය ගන්නවා. බලපත්‍ර වාහනය දෙන්නේ මොන කෙන්ගෙඩියකටද? අනාගත රජයක් යටතේ මෙම පහසුකම් සියල්ලම නතරකළ යුතුයි.

:       1       5

සුජිත් පල්ලේවත්ත Monday, 25 April 2022 08:35 AM

ආදර්ශමත් රාජ්‍ය සේවකයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය. වැඩිපුරම දූෂණ, වංචා සිදුවෙන්නේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරින්ගෙන්... දේශපාලකයින් ගෙදර යවලා විතරක් මේ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. සියලුම රාජ්‍ය ආයතනද සුද්ද කළයුතුයි. මුලින්ම ශ්‍රී ලංකා රේගුව සුද්ද කළ යුතුයි. ආනයන කරන බඩුවල මිල 50%කින් පමණ පහළ දැමිය හැකි මේ ආයතනය ආනයනය කරුවන්ගෙන් ලබාගන්නා අල්ලස් නැවත්තුවෝතින්...

:       1       9

pakeer Monday, 25 April 2022 08:39 AM

හොඳ ප්‍රවණතාවයක්, දැන් බලමු අනිත් අය කොහොමද කියලා..?

:       0       11

Bunny Preena Monday, 25 April 2022 08:43 AM

අපේ අනික් රාජ්‍ය අමාත්‍යාංශවල සිටින නිලධාරියොයි, මන්ත්‍රීවරුයි, ඇමැතිවරුයි, ඒ ගොල්ලන්ගේ භාර්යාවොයි මෙතුමාව ආදර්ශයට ගත්තොත් හොඳයි.

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 April 2022 08:51 AM

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට ඔබතුමාවන් දේශහිතෛෂී ලක්පුතුන් ඉමහත් වාසනාවක්... ලබාදුන් වටිනා උසස් ආදර්ශයට අනේක වාරයක් ස්තුතියි.

:       0       10

Almeida Monday, 25 April 2022 09:09 AM

අපේ ආචාරය සර්...!

:       0       19

naleen Monday, 25 April 2022 09:20 AM

මාධ්‍යය ඉස්සරහට ඇවිත් හතර අතට බනිමින්.., කටින් රට දියුණු කරන රාජ්‍ය සේවකයින්ට හොඳ ආදර්ශයක්...

:       0       19

swene Monday, 25 April 2022 09:32 AM

ඉතා හොඳ ආදර්ශයක්. ඔබතුමාට වුවත් මසකට ලක්ෂ 10 ක් ගෙවා වාහනයක් බදුගන්නවයි කියන එක ඉතාමත් අසාධාරණයක්... මෙවැනි දේවල් අනුමත කිරීම තුළින් රජයේ වියදම් කොතරම් වැඩිවෙනවාද? මහ පොළවේ පය තියන දේශපාලකයින් සහ නිලධාරි පැලැන්තියක් ඇතිවේවා...! පෙන්වා ඇති ආදර්ශය දිගටම පවත්වාගෙන යන්න. සියලු රට වැසියන් ඔබව අගය කරනු ඇත.

:       0       23

Ajith Monday, 25 April 2022 09:44 AM

මේක ආදර්ශයක් වෙන්නේ කොහොමද? කරන්න ඕනෑ තමන්ට පවරලා තියන රාජකාරිය හරියට කරන ඵක. ඵ්ක නොකර පයින් ගියත් වැඩක් නෑ...

:       22       6

Lalith M Monday, 25 April 2022 09:46 AM

ඊට වැඩිය හොඳ නැතිද..? ඔහුට මාස්පතා දීමනාවක් දීලා කැමැති වාහනයක් මිලදී ගන්නට කීම. පුද්ගලික අංශය කරන විදිහට... ඒක රටට ලාබයි. වාහනය නිලධාරියාට අයිතිය...!

:       5       9

කිරි පුතා Monday, 25 April 2022 09:46 AM

දැන් එළියට බැහැලා සිංදු කියන හිටපු විගණකාධිපතිතුමත් මෙවැනි ආදර්ශ දීලාද දන්නේ නෑ රාජකාරි කළේ...? නැත්නම් ඉන්නකොට පුළුවන් තරම් කාලා දැන් සිංදු කියනවාද දන්නේ නෑ. ගොඩක් අය එහෙමනේ...!

:       5       16

චන්දිම Tuesday, 26 April 2022 06:20 PM

කිරි පුතෝ, දැනගන්න.. ඒ මනුස්සයා පෙන්ෂන් ගියේ එදා ආණ්ඩුව ඒ මනුස්සයාගේ පඩියවත් හදලා දුන්නේ නැතුව තිබෙද්දී...!

:       0       0

SL #GoGota# GoMahinda# Monday, 25 April 2022 10:13 AM

අවුරුදු 5න් 5ට පර්මිට් ඉල්ලන ඩොකාලයි, පර්මිට් එකෙන් ගන්න වාහනේ ආයෙමත් ආයතනයට රෙන්ට් කරලා තමන්ම දුවන CEB ඉංජිනේරුවොයි, අවුරුදු 5-5 පර්මිට් අරගෙන ඒවා විකුණන අනිකුත් රාජ්‍ය නිලධාරිනුයි, මේ රට ණයවෙලා හරි තමන්ට වාහන පර්මිට් ඉල්ලන අනිත් ලොක්කොයි, ඒවා විකුණගෙන කන 225 හොරුත් එක්ක ඩීල්දාගෙන අවසර ගත්තු සේවක සංගමුයි, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලැබෙන පර්මිට් එක විකුණලා අමාත්‍යාංශයට අලුතින් වාහනයක් අරගෙන ඒකේ සැපගන්න ඇමති හොරුයි ඉන්නකල් මේ රට හදනවා බොරු... මෙතුමාට ගොඩක් පින් සහ මේ වගේ තීරණයක් ගැනීම ගැන අපගේ ආචාරය...!!!

:       3       27

A.G.Ranaweera Monday, 25 April 2022 10:13 AM

විශිෂ්ඨයි...!

:       0       15

මැක්ස් Monday, 25 April 2022 10:17 AM

අන්න මිනිස්සු...! ජනාධිපතිවරයා ළංකළ යුත්තේ මෙවැනි විශිෂ්ට රාජ්‍ය නිලධාරීන් මිස කාබාසිනියාකාරයින් නොවේ. ස්තුතියි මැතිතුමනි.., ඔබතුමා නියම ආදර්ශවත් නිලධාරියෙකි. රාජ්‍ය සේවයට පමණක් නොවේ, පුද්ගලික අංශයේ ආයතනවලටත්....!

:       0       32

sunil Monday, 25 April 2022 10:23 AM

ඔය කුලියට ගන්න යන වාහනය තියෙනවා නේද? අනිවාර්යෙන්ම ඕක දේශපාලන හෙන්චයියන් ගේ වාහනයක්.

:       2       21

චිරන්ත Monday, 25 April 2022 02:21 PM

බොහෝවිට පවුලේ කෙනෙකුගේ එකක් වෙන්න පුළුවන්.. සමහරක් අය තමන්ගේ වාහනය නෑයෙකුට පැවරීම ලිඛිතව කර පාවිච්චිය තමන්ම කරනවා. සමහරක් අය රජයෙන් ස්වයං රැකියා ණය ගැනීමටත් මෙහෙම ලිපි බැංකුවට ඉදිරිපත් කරනවා.

:       0       1

ravin Monday, 25 April 2022 10:31 AM

දන්නා තරමින්, ඕනෑම රාජ්‍යයක් තුළ විගණකාධිපති තනතුර, අනිකුත් සියලු දෙනාට ඉහළින් සිටිනවා... ඔහුට ඉහළින් සිටින රාජ්‍ය පාලනයේ සිටින්නේ ජනාධිපතිවරයා පමණකි. විගණකාධිපතිගේ මෙම ක්‍රියාව අනිකුත් බත් බැලයින්ට උතුම් ආදර්ශයක් වේවා...! 

:       0       23

Rex Perera Monday, 25 April 2022 10:37 AM

මේ ගෞරවනීය පුද්ගලයාට අපගේ ආචාරය... අපේ රට වර්තමානයේ මුහුණ දී ඇති ගැටලුවලින් නිදහස් වෙන්න මෙතුමාව අනුගමනය කළ යුතුයි.

:       0       22

#Go 226 Home# Monday, 25 April 2022 10:42 AM

මාසෙකට ලක්ෂ 10ක් වියදම් කරලා මෙතුමාට දෙන වාහනය මොකක්ද දන්නේ නැහැ. ලීටරෙන් කි.මී. 20-22ක් කරන, ටොයෝටා කොරොල්ලා හයිබ්‍රිඩ් එකක් නම් වෙන්න බැහැ. ඩොලර් හිඟාකෑවත්, කන්න නැතත් රාජ්‍ය සේවකයින්ට බී.එම්.ඩබ්., ලෑන්ඩ් කෘෘසර් ඕනේ රටක් මේක...!

:       0       18

මහින්දපාලMonday, 25 April 2022 02:30 PM

මෙහෙම ලීටර් එකකින් කි.මී 20-22 පාවිච්චියට ගන්නේ සාමාන්‍ය ජනතාවයි. නමුත් රජයේ ආයතන ඔය වාහනයක් ධාවනයට සටහන් කරන්නේ ලීටර් එකට කි.මී 10ට අඩුවෙන්.. කැබ් එකක් නම් 3ත් 4ත් අතර තමයි. මෙය ඇත්තද කියලා රජයේ ආයතනවල වාහන ධාවන සටහන් බලන්නකෝ...!

:       0       1

ජනතාව Monday, 25 April 2022 10:43 AM

මසකට ලක්‍ෂ දහයක කුලී පදනම මත පෞද්ගලික අංශය වාහන ගන්නෙත් නැහැ. මෙලහකට මේ විදියට බලවතෙක්ගේ වාහනයක් දාලා බලවතා ඕකෙන්ම ෆිනෑන්ස් එකත් ගෙවපුවාම වාහනය ඔහුටම කවදා හෝ අයිති වෙනවා...!

:       0       14

akalanka malabe. Monday, 25 April 2022 10:51 AM

එතුමා මේක ප්‍රතික්ෂේප කරපු එක හරි... ඒත් මේකට අනුමැතිය දුන්නු මුදල් අමාත්‍යාංශ ලොක්කා කවුද බලන්න ආසයි.

:       0       25

සකල ගුරු Monday, 25 April 2022 05:01 PM

අනුමැතිය දෙන්නේ ඉල්ලීම මතයි... එහෙම ඉල්ලීම කරන්න නීතිරීති හදලා තියෙන්නේ විගණකාධිපති ඇතුළු රජයේ ඉහළම නිළධාරින් විසිනි. හිටපු හා සිටින විගණකාධිපති දෙදෙනා හැරෙනවිට අනෙක් අය මේවාට අකැමැත්තක් නැහැ කියලා හිතෙනවා.

:       0       0

Hafeel Monday, 25 April 2022 11:03 AM

ඔබතුමා රටට වටිනා ආදර්ශයක් සහ ආරම්භයක් හඳුන්වා දුන්නා. ඊළඟ මැතිවරයේදී ගතවූ අවුරුදු 45ක් රට විනාශ කළ ප්‍රධාන පක්ෂවල් පරාජය කරලා ඔබතුමා ප්‍රමුඛ ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගනිමු...

:       0       17

Dinesh Herath Monday, 25 April 2022 11:05 AM

ශ්‍රේෂ්ඨයි...!

:       0       14

ආර්.ඇම්.සරත්චන්ද්‍ර Monday, 25 April 2022 11:07 AM

බොහෝම හොඳයි, මේවාගේ පිංවත් දරුවන් කලාතුරකින් දකින්න පුළුවන්... බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ පිහිට නිරතුරුව ලැබේවා පතමි..

:       0       22

Dharmatileke Monday, 25 April 2022 11:26 AM

බොහෝම කලාතුරකින් බිහිවෙන නිලධාරියෙක්... මාගේ ප්‍රශංසාව ඔබට. බොහෝ කාලයක් සේවයේ ඉන්න.

:       0       24

Sampath Bandara Monday, 25 April 2022 12:02 PM

සර්, ඔබට මාගේ ප්‍රණාමය...!

:       0       19

දාස Monday, 25 April 2022 12:02 PM

විජේසිංහ උන්නැහේට වඩා හුඟ‍ාක් ඉහළින් ඉන්න මහත්තයෙක් බවයි පේන්නේ...!

:       4       24

සරත් ජයනන්ද රාජපක්ෂ Monday, 25 April 2022 12:06 PM

ඔබවැනි රාජ්‍ය නිලධාරියෙක් මෙරට සිටීම පවා සමස්ථ ශ්‍රි ලංකික ජනතාවටම ආඩම්බරයකි... විගණකාධිපතිතුමනි, මෙම පුවතට කිසිඳු ලාංකිකයෙක් මෙතෙක් ප්‍රශංසාවක් පලකිරිමට ප්‍රමාදවිම ගැන මා ඔබතුමාගෙන් ජනතාව වෙනුවෙන් සමාව අයැදිමි.

:       0       16

Adrian Ferth Monday, 25 April 2022 12:06 PM

ඒකට අර කයිවාරුකාර ගාමිණී විජේසිංහ, රට හදන්න පොර ටෝක් දෙන ගමන් නිලවාහනේ තියෙද්දී මාසෙකට ලක්ෂ පහමාර ගානේ තවත් වාහනයක් රජයේ මුදලින් කුලියට ගත්තේ...!

:       1       17

Siri Monday, 25 April 2022 12:33 PM

මාගේ ප්‍රණාමය...!!! 

:       0       11

කපිල Monday, 25 April 2022 12:37 PM

එතකොට විගණකාධිපති ඉල්ලන් නැතුවද දන්නෑ කුලියට වාහනයක් ගන්න මුදල් අමාත්‍යංශය දැන්වීම් දැම්මේ...

:       5       8

Dinesh Monday, 25 April 2022 12:43 PM

සර් ඔබට මගේ ආචාරය...!

:       0       11

Mahesh Monday, 25 April 2022 01:26 PM

හිස්වැසුම් ගලවා ආචාර කරමි...

:       0       10

Bunika damayanthi Monday, 25 April 2022 01:32 PM

ඔබතුමා වගේ අයට තමයි දෙවිවරු කියන්නේ...!

:       0       10

Chaminda Monday, 25 April 2022 01:37 PM

ඔබවැනි රාජ්‍ය නිලධාරියෙක් මෙරට සිටීම පවා සමස්ථ ශ්‍රි ලංකික ජනතාවටම ආඩම්බරයකි.

:       0       9

දයානන්ද Monday, 25 April 2022 02:13 PM

මෙවැනි ආදර්ශමත් තීරණ ගැනීම මේ රට අගාධයට වැටෙන්න ඉස්සර ගත්තා නම් ඉතාමත් ශ්‍රේෂ්ඨයි. එසේවුවත් ඔබේ ආදර්ශමත් ක්‍රියාව රටටම ආදර්ශයක්...

:       0       2

Upali Somachandra Monday, 25 April 2022 02:19 PM

හොඳ මහත්මයෙක්...

:       0       5

Jagath Monday, 25 April 2022 02:48 PM

ස්තූතියි මහත්මයා... ඔබතුමා වැනි රාජ්‍ය නිලධාරීන් රටට වාසනාවක්...

:       0       4

නිශාන්ත Monday, 25 April 2022 03:31 PM

ජවිපෙ එදා රටට දුන් ආදර්ශ ඉදිරියට ගෙන යෑමක්.. විය යුත්තේ එයයි.

:       0       4

DISSANAYAKE Monday, 25 April 2022 04:28 PM

වාසනාවට රත්නපුර විතරක් නෙවෙයි, කොහෙත් නිල්මැණික් මතුවෙනවා. ඔපදාලා ගත්තොත් අපි ගොඩ.

:       0       3

ලංකාපුත්‍රMonday, 25 April 2022 05:16 PM

ලංකාව කියන්නේ නිල් මැණිකක් තමයි, ඔක්කෝමලා ඒක වහලා දාලා ගෝනි කඩමාල්ලක් දමාගෙන බුදියනවා. සිතන්නකෝ අපිට නැත්තේ මොනවද කියලා...? මෙකල නම් ගල්අඟුරු නැහැ තමයි. නමුත් ලංකා භූමියේ ඛනිජ තෙල් තියෙන්න පුළුවන් (ඒ නැතත් සුද්දා හදලා දුන්නු තෙල් ටැංකිවලින් ප්‍රයෝජනයක් ගත්තානම් හැමදාම ගොඩ තමයි නුවණැත්තන්ට පමණයි) හතර වටේ මුහුද තිබුණත් පිටරටින් මාලු ගේනවා. වියළි දණ්ඩක් වුවත් පැලවේ කිව්වට එළවලුත් රටින්ම ගේනවා. එහෙම කරන්නේ රේගු ආදායම් ගන්න කියලා කෙනෙක් කියලා තිබුණා. තවත් මොනවා කියන්නද? ඒ නිසා දැනට සිදුවෙන අරගලය යටතේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමට ජාතික ප්‍රතිපත්ති සකසා නව පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරමු. පවතින අධ්‍යාපන ක්‍රමය වෙනුවට නිෂ්පාදනය සඳහා යොමුවන අධ්‍යාපනයක් ඇතිකරමු. නව තාක්ෂණය පුහුණු කරවමු...

:       0       0

දිසා.....ගම්පහ. Monday, 25 April 2022 04:51 PM

දූෂිතයින්, වංචනිකයින්ගෙන් පිරි රටක, ඔබවැනි නිලධාරින්ද සිටීම වාසනාවන්...!

:       0       3

අජිත් කුමර Monday, 25 April 2022 04:58 PM

මේ වගේ රත්තරං ලංකා පුත්‍රයින් දහස් ගාණක් ලක්මවට ලැබෙන්න ඕනෑ. බුදු සරණයි...!!!

:       0       3

Vgd Monday, 25 April 2022 05:21 PM

ලංකාවේ හැම ආයතනයකම කරන්න ඕනෑ. සිරිමාවෝ මැතිණියගේ කාලේ තිබුණු ශ්‍රී ටැක්ස් එක ගහන්න ඕනෑ. ටෙන් මිලියන් ඉඳලා ටැක්ස් ගහන්න ඕනෑ. ඒක ගොඩක් දේවල්වලට විසඳුමක් වෙනවා. බලමු කරයිද කියලා...!

:       0       0

තට්ටයා Monday, 25 April 2022 06:32 PM

සියලුම රාජ්‍ය නිලධාරින්ට ඉතා අගනා වූ ආදර්ශයක්...!

:       0       1

සුමතිපාල Monday, 25 April 2022 07:33 PM

හොඳ සැබෑ දේශ හිතෛෂී මහත්මයෙක්... ජයවේවා.! ඔබ රටට හොඳ ආදර්ශයක්...!

:       0       1

M. S. Perera Monday, 25 April 2022 07:45 PM

සර් ඔබට මගේ ආචාරය... ඔබ අනික් අයට හොඳ උදාහරණයක්...

:       0       1

Neil Wednesday, 27 April 2022 10:15 AM

ජයවේවා ශ්‍රී ලංකා !!!!!........

:       0       0

sudesh Wednesday, 27 April 2022 12:34 PM

දෙවිපිහිටයි...!

:       0       0

wasantha Wednesday, 27 April 2022 12:36 PM

විශිෂ්ඨයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 361 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 423 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 500 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 79 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 352 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1368 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site