‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ට සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය.
රූපවාහිනියෙන් පෙනී සිටිමින් පුටින් කියා සිටියේ, යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ සෙසු ‘වැග්නර්’ සාමාජිකයන් මියයෑම කනගාටුවට කරුණක් බවය. යෙව්ගෙනි ප්‍රිගොෂින්, වැරදි තීරණ ගත් කෙනකු බව ද පුටින් පැහැදිලි කළේය. ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කිරීමට ද ජනාධිපති පුටින් අමතක නොකළේය.
යෙව්ගෙනි ප්‍රිගොෂින්, කලක් පුටින්ගේ සමීපතමයෙකි. මීට මාස කීපයකට පෙර ඔහු පුටින්ට, රුසියානු රජයට සහ හමුදාවට අභියෝගයක් විය. ඒ, රුසියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරමිණි.
ගුවන් අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පුටින්ටය.
පුටින්, යෙව්ගෙනි ප්‍රිගොෂින් ඝාතනය කළේ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා අනුමාන කරයි.
හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘වැග්නර්’ ලොක්කා ගැන පුටින් අදහස් දක්වයි
Bamunuarachchi Friday, 25 August 2023 05:32 AM
හා හා නියමයි පුටින් මහත්තයෝ. මටත් පොඩි කාලෙම කියා දීපු දෙයක් තමයි තරහකාරයට ගහන්න ඕනේ නම් ඌ සමග යාලු වෙන්න කියලා.
Perakum Friday, 25 August 2023 06:42 AM
පුටින් මෙවැනි ප්‍රකාශයක් කලේ නැත්නම් තමයි පුදුම විය යුත්තේ. ඒත් ඔහුට එරෙහිව එල්ලවන චෝදනාවෙන් නිදහස්විය නොහැක. ඒ සදහා පුටින් කලයුත්තේ මේ සියලුදෙනා යානය බිමදමා දිවිනසාගත් බව ඔප්පු කිරීමයි.
Perera Friday, 25 August 2023 08:14 AM
රාජපක්ෂලා ආපහු බලයට ආවොත් ඔය ටිකම තමයි අනික් එවුන්ටත් වෙන්නේ
Bamunuarachchi Saturday, 26 August 2023 05:44 AM
පෙරේරා උන්නැහේ හොඳටම බය වෙලා. රාජපක්ෂලාට පලි ගන්න ඕනේ නම් බලයට එන්නම ඕනේ නැහැ. බලය පාවිච්චි කරනවා නම් ප්‍රේමදාසට වැඩි බලයක් ඝෝඨාභයට තිබුණා. අපි ඝෝටාට බලය දුන්නේත් හිට්ලර් විදිහට බලය පාවිච්චි කරන්න. නමුත් කළේ නැහැ... ඒකයි අපට තිබෙන ප්‍රශ්නය...
Perakum Saturday, 26 August 2023 06:59 AM
කවුද ඉතින් බලය දෙන්නේ.? ඒත් අපිම නේ. ඡන්ද දායකයා බුද්ධිමත්ව කටයුතු කොට ජඩ දේශපාලුවන් එලවා දැමීමට කටයුතු කළ යුතුයි…!
රට පෙරට Friday, 25 August 2023 11:05 AM
සතර අඅපායක් ගැන කියනකොට ඒවා තියෙන්නෙ කොහෙද කියලා අහන්න වෙනවා ඒත් හරියට සොයා බැලුවොත් ඒවා මේ පෘථිවිය තුලින් දකින්නට පුළුවන් දැන් බලන්න අපායේ ගින්නේ පිලිස්සෙනවා කියනවා ලෝකයේ බෝම්බ ගැහුවා නම් වෙන්නෙ මොකක්ද දැන් බලන්න ලංකාවෙ රිය අනතුරු වලින් දින පතා කොපමණ මිය යනවාද කී දෙනෙක් කපාකොටා මරණයට පත්කිරීම වෙනවාද අපායේත් මිනිස්සු කපනවා කොටනවා නේද අපායේ ප්‍රධානියා යම රජු යමපල්ලො ලවා කොපමණ පීඩාවට පත්කරනවාද බලන්න එහෙම බැලුවම අපාය තියෙන්නෙ මේ ලෝකයේ නේද
Gunawardena Friday, 25 August 2023 11:31 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා බුදුන් වදාරලා තිබෙනවා නේද?