(අංජුල මහික වීරරත්න)
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ මිලක් ලබා දෙමින් ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණයක් සිදු වන පරිදි මිලගණන් තීරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර, අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය, මිල්කෝ ආයතනයේ මෙහෙයුම් හා එහි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්‍රදේශවාසීන්ගෙන
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට
උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහ
මුතුපන්තිය ධීවර ගම්මානයෙ මැදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
වගා හානි වන්දි ඉක්මනින් දෙන්න නියෝග
Ran Tha Friday, 07 March 2025 06:33 AM
වගා හානි ටික ඉක්මනට අරගෙන වී ටික ඉක්මනට ඩඩ්ලිට දෙන්න මගෙ දයාබර ගොවි මහතුනේ...