(දයාරත්න ඇඹෝගම සහ යොහාන් භාසුර)
ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් ජය පිරිත් සජ්ජායනයක් අනුරාධපුර, කොරකහවැව පළාත් සභා පුහුණු මධ්‍යස්ථානයේදි ඊයේ සිදු කෙරිණි.
‘‘නීති ගරැක රටක් දැහැමි පාලනයක්” උදෙසා ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් සිදුකළ මෙම ජය පිරිත් සජ්ජායනයට මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කළහ.
අනුරාධපුර පාරම්පරික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, ලෝටස් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ, පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ සහ පඩුවස්නුවරල රත්මුළුකන්ද පුරාණ රජමහා විහාරාධිකාරී මායාකඩවර ධම්මික ස්වාමීන් වහන්සේලා අනුශාසනාවන් සිදු කළහ.
මෙම අවස්ථාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මාලින්ද, එම පක්ෂයේ ජාතික සංවිධායක සුදත් ජයසිංහ යන මහත්වරැ සහ ජාතික භික්ෂු සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් වජිර රූපසිංහල, ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ජයලත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විජයදාස රාජපක්ෂ මහතාට සෙත්පතා ජය පිරිත දේශනා කරති
Priyantha Dissanayake Monday, 02 September 2024 01:40 PM
ඔබතුමා කෙරේ පැහැදීමක් තිබෙනවා සහ යම්කිසි විශ්වාසයක් තිබෙනවා. නමුත් ඔබතුමා තේරුම් නොගත් දෙයක් තිබෙනවා. පැමිණිය යුත්තේ ඔය ආකාරයට නොවෙයි මැතිතුමණි. ඔය ක්‍රමයට මෙවර නොවෙයි තව පනස්වරක් ඉදිරිපත්වුවත් ජනාධිපති වෙන්න බැහැ. ඔබතුමත් සරත්ෆොන්සේකා මහතා වගේ හරිම අදූරදර්ශී තීරණයක් කරගෙන තිබෙන්නේ... මැතිතුමනි, හිතන්න සාරධර්ම, සිංහලකම, බෞද්ධකම, උගත්කම, හැදිච්චකම, දක්ෂකම, ජනප්‍රියත්වය, පිරිසිදුභාවය, ශිෂ්ඨ සම්පන්න සැබෑ බෞද්ධයෙක් ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ විශ්වාසය, ආශිර්වාදය, බෞද්ධ ජනතාවගේ විශ්වාසය, ආශිර්වාදය දිනාගත්, තහවුරු කරගත් එවන් සුවිශේෂ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ අතක ඇඟිලි තරම්වත් දැයි සැකයි. ඒ තරම් දුර්ලභ පිරිස අතර කෙනෙක් ඔබතුමා. ඔබතුමා සුවිශේෂයි. ඔබතුමාගේ අසලකින්වත් තියන්න බැරි ගෝඨාභය, මෛත්‍රීපාල සිරිසේන වගේ අය ජනාධිපති වූවා. ඔබතුමා මේ ඉදිරිපත්වූ ක්‍රමය වැරැදියි මැතිතුමනි. ඔබතුමා මෙතැනට ඇද දැම්මේ මෛත්‍රිපාල සිරිසේන උන්නැහේ එතුමා හරිම අදූර දර්ශීයි. ඔබතුමා 21 වැනිදාට තේරුම් ගන්න. ඉන්පසු බොහෝම ඉවසීමෙන් සහ මෙතෙක් රැකගත් පිරිසිදු චරිතය මතු මතුවට ගුණධර්ම රැකගන්න මතු ජනාධිපතිවරණයක ජය ඔබතුමාට හිමියි...