IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විජයදාස සමාව ගනියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොව්ඩ් සමයේදී මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව  ගැන ඉස්ලාම් ජනතාවගෙන්   තමා සමාව ඉල්ලා සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස  රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23)  පැවසීය.

මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමෙන් ඒ ජනතාවට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ   විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මමත් විදේශ කටයුතු ඇමතිතුමාත් ඊයේ අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා.  කොවිඩ් සමයේදී මුස්ලිම් අයගේ දේහ අාහනයේදී අනුගමනය කරපු බලහත්කාර ප්‍රතිපත්තිය ගැන  කතා කළා. අපි ඒක ඉදිරිපත් කළේ  ජල සම්පාදන අමාත්‍යාංශය දීපු වාර්තාව අනුවයි. ඒ අනුව එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය   අනුමත කළා. අපි ඒ තීරණයට  වගකිවයුතු අය නොවුණත් එදා   ආණ්ඩුවේ තනතුරු නොදැරුවත්  ඒ අවස්ථාවේදී වෙච්ච දේ පිළිබඳව  ඉස්ලාම් ජනතාවට කණගාටුව පළ කරනවා.



අදහස් (13)

විජයදාස සමාව ගනියි

G agith Tuesday, 23 July 2024 05:19 PM

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පළවෙනි වගකීම ඉටු කරා වගේ කියලා මට හිතෙනවා...

:       0       2

Hafeel Tuesday, 23 July 2024 05:31 PM

දැනට මෙම අපරාධය කරලා අවුරුදු තුනකට ආසන්නයි. දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු කියල කියමින් සමාව ඉල්ලන්න එක බොරු වැඩක්. මුස්ලීම් ප්‍රජාව රවට්ටලා චන්ද ගන්න කරන අසාර්ථක උත්සාහයක්. අනික සමාව ඉල්ලන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්නම ඕනද? කාටත් තේරනව මේක චන්ද ගන්න කරන අසාර්ථක උත්සාහයක් බව. ඔයාල ජාතීන් අතර බේදය ඇති කළා. කවදත් අපිත් එක්ක හිටපු මුස්ලීම් රටවල්, ජිනීවාවලදී රජයට එරහිව චන්දය ප්‍රකාශ කළා.

:       2       0

lanka Tuesday, 23 July 2024 05:31 PM

කරේ එකෙක්, සමාව ඉල්ලන්නේ වෙන එකෙක්

:       0       1

fairoos Tuesday, 23 July 2024 05:36 PM

ළමයාවත් කොනිත්තලා තොටිල්ලත් නලවනවා .මොනවා කරලත් මේ සැරේ චන්දෙ නම් ලැබෙන්නේ නෑ

:       0       0

රංබොඩ Tuesday, 23 July 2024 05:41 PM

ඔය ටයි කෝට් ගළවලා සත පහක් බිමට දාලා ගන්න වගේ හිටිය නම් මීට හොඳයි . නිවට කමෙත් සීමාවක් තියෙන්න ඕන. ඡන්ද බලාගෙන රෙදි උස්සනවා

:       0       0

Akram Tuesday, 23 July 2024 06:00 PM

චන්දෙ කිට්ටුවුනාමද විජේදාස මහත්තයාට මුස්ලිම් ජනතාවගෙන් සමාවගන්න හිතුනේ ? වැරදි කරලා සමාව ගැනීම හොඳයි, හැබැයි මේපාර අපේ චන්දෙ දෙන්නේ මාලිමාවට.

:       1       0

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 06:20 PM

අනේ ඔයා බබාද ? ඒ ආණ්ඩුවේ වගකීම් නොදැරුවේ තමන් ඉල්ලුව අමාත්‍යාංශ ගෝඨා නොදුන් නිසා නොවෙයිද ? එහෙම නැතුව ඒ ප්‍රතිපත්ති වලට විරුද්ධව සිටියා නම් විරෝධය පල කරලා එලියට බහින්න තිබුණා නේද ? එහෙම නොකර දැන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලන්න මතක් උනේ ඔවුන්ව රවටලා චන්ද ගන්න හිතාගෙන නොවෙයිද ? ඕවට රැවටෙන ජනතාවක් නැහැ හලෝ ජම්පරය අදින්න හිත හදා ගන්නවා.

:       0       0

Jude Fernando Tuesday, 23 July 2024 08:01 PM

දැන් ඉතින් ඡන්දයක් ළඟයි නේද? සුළු ජාතින් සතුටු කරන්න ඕන දෙයක්.

:       0       1

dupul Tuesday, 23 July 2024 08:45 PM

දැන් ඔයාල එයාලට ඡන්දෙ දෙනවද?

:       0       1

B Amarasinghe Tuesday, 23 July 2024 09:50 PM

මම හිතුවේ පාර්ලිමේන්තුවේ දී අධිකරණය ගැන කල කතාවලට කියලා

:       0       0

අනිල් Wednesday, 24 July 2024 05:37 AM

ඉදිරි මැතිවරණ අරමුණු කර ඔය මිනිසුන් රවටන්න කරන උත්සාහයන්ට දෙවියෝ සමාව දෙයිද?

:       0       1

කිරු Wednesday, 24 July 2024 11:07 AM

මැතිවරණයක බලේ. හොරකම් කල සල්ලි වලටත් ඔය විදියටම කැබිනට් අනුමැතිය අරගෙන සමාව ගත්තා නම් තමයි හොඳ

:       0       1

Bamunuarachchi Friday, 26 July 2024 03:46 AM

සමාව ගත්තේ ජනාධිපති අපේක්ෂකයෙක් මිසක් සිංහල බෞද්ධ ජනතාව නොවෙයි. කොවිඩ් කාලේ ජනතාවගේ ආරක්ෂාවට කලයුතු දෙයක් කලා. එසේ කිරීමේදී ආගම ජාතිය සැලකිල්ලට ගත යුතූ නැත. ඔය මිනිස්සු කොවිඩ් කාලේ පාරේ කෙල ගසමින් ගියහැටි අපිට මතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 303 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 23 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1375 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 83 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1637 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35262 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site