IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘විජයදාසගේ පත්කිරීම නිත්‍යනුකූල නෑ‘

(කේ බුද්ධික කුමාරසිරි)

විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ සහ කීර්ති උඩවත්ත මහතාට ලේකම් ධූරයේ කටයුතු කිරීමට බාදා කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින නියෝග කළාය.

එසේම විජයදාස රාජපක්ෂ මහතා සහ කීර්ති උඩවත්ත මහතා අදාල තනතුරවලට පත් කිරීම සදහා සදහා පැවැත් වූ විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවද මෙහිදී අධිකරණය තීරණය කරන ලදී.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් සොයිසා යන මහත්වරු විසින් තම පක්ෂයේ විධායක සභාව මගින් සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත මහතා පත් කරගෙන ඇති බැවින් ඒ සදහා බාදා පැමිණවීම වළක්වන ලෙස ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය වෙත ඉල්ලීමක් කර තිබූ එම අවස්ථාවේදී අදාල බාධා කිරීම් නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් පැනවීය.

මේ අතරතුර වග උත්තරකාර පාර්ශවය මගින් අදාල වාරණ නියෝගය ඉවත් කරන ලෙස දිසා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් වූ ඉදිරි නඩු විභාගය ජුලි මස 09 වෙනිදා යළි කැදවීමට නියමිත වේ . 



අදහස් (4)

‘විජයදාසගේ පත්කිරීම නිත්‍යනුකූල නෑ‘

Prabha Friday, 31 May 2024 12:53 PM

හිටන් විකුණලා තියෙන්නේ අනුන්ගේ ඉඩමක්ද?

:       0       35

Hafeel Friday, 31 May 2024 02:09 PM

අවසානයේ මෙයා ගිහින් නතර වෙන්නේ කොහේ හරි මරණාධාර සමිතියක සභාපති ධුරය අරගෙන. කාලයක් රනිල්ව විවේචනය කළා, කාලයක් රාජපක්ෂලා විවේචනය කළා, කාලයක් සිරිසෙනව විවේචනය කළා, පසුව මොනවා හරි ඇමැති මස් කටුවක් අරගෙන නැවත ලජ්ජා නැතුව ඔවුන් සමග එකතු වෙනවා...

:       0       17

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 02:47 PM

මහ ලොකු ජනාධිපති නීතිඥයා, නීති විශාරදයා, කරන්නේම නීතියට පටහැනි දේවල්, මෙයාගෙන් නීතී උපදෙස් ගන්න අයට අබ සරණයි...!

:       0       13

විපරමා Friday, 31 May 2024 02:54 PM

ඩීල්දාස කියන්නේ නිකම්ද? තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් ගත්තු කෙනෙක්.

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1146 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2151 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1029 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2488 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site