(අංජුල මහික වීරරත්න)
රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයකදී ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටක් ලෙස ලැබු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “දියවර දිරිය” ජාතික ධීවර සම්මේලනය අමතමිනි.
දිවයින පුරා ප්‍රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ
ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැටුණු ආර්ථිකයක් වසර දෙකෙන් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි
DHARMATILEKE Sunday, 11 August 2024 12:23 PM
මට ඒකෙ දැනෙන්නේ නැත්නම් ඔය හිස් වචන කියලයි මම කියන්නේ... අපි ණය කාරයෝ කරලා ගොඩනගන ආර්ථිකය හිඟාකෑමක් මිස වෙන දෙයක් නෙවෙයි.
රංජිත් Sunday, 11 August 2024 12:33 PM
ඒ කියන්නේ සෑර් දැං අපි ලෝකෙට ණය නැත්ද? එහෙමත් නැත්තං ගෙදරට මරගාතේද?
Rata Perata Sunday, 11 August 2024 12:51 PM
මේ මනුස්සයා මේ කරන ජනතාව මුලා කිරීම වහාම නැවැත්විය යුතුයි. බිලියන ගණන් ගෙවන්න තිබුණු ණය ගෙවන්න තිබුණු ණය ගෙවන්න බෑ කියලා කල් ඉල්ලගෙන කියනවා. ආර්ථිකය හැදුවලු.. ගෙවන්න තිබුණු ණය ගෙව්වේ නෑ... විතරක් නෙවෙයි... මේ මනුස්සයා තව ඩොලර් බිලියන 4ක ණයත් අරගෙන...
Pradeep Kumara Sunday, 11 August 2024 01:14 PM
ආර්ථිකය කොයිතරම් ස්ථාවරද කියනවානම් පුළු පුළුවන් හැමෝම රට අතහැරලා යනවා. එහෙම බැරි අය නොකා නොබී, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන නොමැරී බැරි කමට ජීවත් වෙනවා. නමුත් ගජ මිතුරු කල්ලිය බදු වංචා කරමින් දිනෙන් දින මඩි තර කර ගන්නවා. සංඛ්‍යා ලේඛන වලට අනුව ආර්ථිකය ස්ථාවර ඇති. නමුත් ඒක රටේ මිනිස්සුන්ට දැනෙන්නේ නැත්නම් ඇති වැඩක් තියනවද?
Asanga Sunday, 11 August 2024 01:17 PM
ඇත්තද අම්මපා... මාර මැජික් එකක්නේ මෙයා කරලා තියෙන්නේ. එතකොට තවතවත් ණය අරගෙන නෙවෙයිද? මෙයා හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද? තවම...
Lankika Sunday, 11 August 2024 01:19 PM
අනේ යන්න... පච කියන්නේ නැතිව... ගත්තු ණය එහෙම්මමයි.
Lakmal Sunday, 11 August 2024 01:32 PM
හරි ගැස්සුවා... අරලියගහ මන්දිරේ සජිත්ගේ ඇඳ...!
පොඩිඑකා Sunday, 11 August 2024 01:41 PM
අඩේ අප්පා.., මම බෝම අමාරුවේ අෂ්තාවර කරපු රට මේ යෝදයා කාටත් හොරෙන් තනියම ස්ථාවර කරලා... කැතයි හොඳේ...!
ගමේ එකාලා Sunday, 11 August 2024 03:08 PM
රටේ ආර්තිකය බන්කොළොත් කෙරුවේ ඔය කියන දූෂිත දේශපාලුවන්ම තමයි. හතර අතේ ණය වෙලා, ජනතාව මත උහුලන්න බැරි තරමට බදුබර වැඩි කරලා ආර්තිකය ගොඩ දාපු හැටි නියමයි...
කීර්ති Sunday, 11 August 2024 03:13 PM
හරි ගැස්සුවා? හිඟා නොකා හිඟා කනවා..!
නිශාන්ත Sunday, 11 August 2024 03:43 PM
හරි ගස්සපු පාටක් නම් පෙන්නේ නෑ. ඒත් අවුරුදු 75ක් තිස්සේ මේ රට වට්ටපු හැටි නම් මැවිලා පේනවා...!
ජයනාත් Sunday, 11 August 2024 05:34 PM
කොහේද මහත්තයා එහෙම වෙලා තියෙන්නේ. බදු වැඩි කලා. එච්චරයිනේ. කෙරෝනා කාලේ ලංකාවට ආපු විදෙස් ශ්‍රමිකයින් ආපහු ගිහිල්ලා සල්ලි ටිකක් එවනවා. කොරෝනා නිසා රටට ආපු නැති විදේශිකයින් දැන් ආපහු එනවා. මේක රනිල්ගේ විජ්ජාවක් නෙවෙයි. ආර්ථිකය වර්ධනය කරන්න අපනයන ආර්ථිකය වැඩි කළාද? රටේ නිෂ්පාදන අඩු මිසක් වැඩි වුනේ නැහැ. නිකං බොරුවට මිනිස්සු රවටන්න එපා. රට තවමත් ප්‍රපාතයේ තියෙන්නේ...
පිටරැටියා Monday, 12 August 2024 02:00 AM
මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, අපේ රට හිගාකන ජාතියක් බවට පත්කරපු දූෂිත නායකයෝ ඉන්නෙත් ලන්කාවේ පමණයි .
Nishan Monday, 12 August 2024 04:31 AM
ඒ ඔබතුමා වගෙ දක්ෂයෙක් හිටපු නිසයි. ඒක අපේ වාසනාව. අනිත් රටවල් වල ඔබතුමා වගේ බය නැතුව ඉදිරියට ඇවිත් අභියෝග බාර අරගෙන වැඩ කරපු නායකයෙක් නැති නිසා අදටත් ඒ රටවල් බංකොලොත්. රටේ ජනතාව මේ ඇත්ත තේරුම් අරන් ඉන්නේ.
fairoos Monday, 12 August 2024 11:39 AM
හොඳට තිබුණු රට වට්ටපු පොහොට්ටුවේ අය එතකොට?