IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වටදාගෙයත් පුපුරුවන්න හදලා?

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්‍රික  ග්‍රිල් වැනි නවීන මැෂින් යොදා ගනිමින් පුරාණ ගල කීප තැනකින් විඳ පුපුරා හැරීමට උත්සාහ කර ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති . උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කළහ.

කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් හෝ නිදන් හොරු කණ්ඩායමක් වටදාගෙය පුපුරවා හැරීමට උත්සාහ ගෙන ඇති ඇති බව සැක කරන බව ද උන්වහන්සේ කීහ.

වටදාගේ ආරක්ෂාවට, පොලිස් නිලධාරින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ,පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් ද යොදවා සිටියදී මෙසේ ඓතිහාසික ස්ථාන විනාශ වී යාමට ඉඩ හැරීම බලවත් වරදක් බව ද සමිත හිමියෝ පැවසූහ.

විශාල පිරිසක් වටදාගෙයි ආරක්ෂාවට සිටියත් ඔවුන් ආරක්ෂාව ලබා දීමට අසමත් වී ඇතැයිද මේ සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයහා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද දැනුවත් කරන ලද බවද සමිත හිමියෝ කීහ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම මේ නිදන් හොරුන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවද තම සංවිධානයේ ඉල්ලීම නොසලකා හැරියොත් එහි ප්‍රතිඵල මීට වැඩිය භයානක විය හැකියැයිද කී සමිත හිමියෝ ඓතිහාසික පොළොන්නරු රාජධානියේ දළදා මළුවේ ඇති වටදාගෙය අපේ රටේ වටදාගෙවල් අතර කලාත්මක වටදාගේ වශයෙන් හැඳින්වෙන බව ද අවධාරණය කළහ.



අදහස් (9)

වටදාගෙයත් පුපුරුවන්න හදලා?

කිරිපුකා Monday, 02 October 2023 09:09 PM

නිකම් පඟරනැට්ටන් රජ වෙලා වගේ. රටම අරාජික වගක් තමයි දැනෙන්නේ...

:       0       0

Gunapala Monday, 02 October 2023 10:33 PM

මේකේ ඉන්න ආරක්ෂක හා පොලිස් තැන් ඉන්නේ පුරාවස්තු බලාගෙන පරස්සම් කරනවාට වඩා කරන්නේ මෙතැනට එන කෙල්ලන්ගේ, සුද්දියන්ගේ ඇඟවල් බලබලා ආශ්වාදයක් ලබාගන්න එකයි...

:       0       0

sisira Monday, 02 October 2023 10:58 PM

වටදාගේ ආරක්ෂාවට, පොලිස් නිලධාරින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් කිසිවකු පැමිණ නොමැති බවක් පෙනෙන්නට ඇත. රජයේ ආයතන 4ක් නිලධාරීන්ට නොව වටදාගේ ආරක්ෂාව එක ආයතනයකට වගකීම බාරදෙන්න...

:       0       0

චාන්දනී Tuesday, 03 October 2023 06:18 AM

ඔතනට ආරක්ෂක කටයුතු සදහා යොදවා සිටින එවුන්ට නිධානයක් ලැබුනොත් නොගෙන සිටීවිද නැත්නම් ඔහොම දෙයක් වෙන්නෙ කොහොමද කියලා විමර්ශනය කලොත් හොදයි

:       0       0

C.K.Lankaputhra Tuesday, 03 October 2023 06:57 AM

ඔය වැඩේ අර මයිල් ගහවත් හොල්ලන්න බැරි කුරුනෑගල හිටපු නගරාධිපති වරයා වෙන්න බැරිද?

:       0       0

Malika Tuesday, 03 October 2023 08:35 AM

මේ හොරු ඔක්කෝම ඉන්නේ දියවන්නාවේ. මුන් ගාවයි මේ ඕන කරන බඩු තියෙන්නේ. ආරක්ශාවට ඉන්නෙත් එයාලගේ අයමයි. බඩුත් හොරුන්ගේ, නඩුත් හොරුන්ගේ. කාට කියම්දෝ මේ අවනඩු.

:       0       0

Bunny Preena Tuesday, 03 October 2023 09:41 AM

ඇවංකව රාජකාරි නොකරන මෙවනි පුද්ගලයින් ගෙන් අපි කනගාටු විය යුතුයි. ඔවුනුත් නිදන් හොරුන් දෙන සල්ලි වලින් යැපෙන අයද කියල සැකයක් මතු වෙනවා. එහෙම නැතිනම් මුර සංචාරයෙ යන්නෙ නැතුව හොඳට කකා බිබී මුරකුටිය එතුලටම වෙලා ඉන්නවා ඇති. රාත්‍ර කාලයේ හොඳට නිදා ගන්නවාත් අතී. එහෙම පිරිසක් ඉන්න තැනක 'වටඩාගෙය ' උස්සගෙන යන්ට පුලුවන් නම් මෙලහකට එකත් කරල. මේවගෙ පිරිසක් එක්ක ඉතින් කොහොමද පුරාවස්තු රැක ගන්නෙ.

:       0       11

Dhammila Tuesday, 03 October 2023 01:05 PM

මම පොළොන්නරු වටදාගෙය බලන්න ගිය වෙලේ ගැමියෙකු කී පරිදි මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු මැදිහත්ව හමුදාව යොදවා වටදාගෙය නිධන් කර තිබූ වටිනා දේපල ගොඩ අරන් තියනවා ඔහුගේ පාලන කාලය තුල

:       0       0

Buwa Wednesday, 04 October 2023 01:34 PM

ෂුවර් එකටම දේශපාලන සම්බන්ධයක් ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1588 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 470 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 173 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 261 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 127 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 84 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39987 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site