IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වැටුප් විෂමතා ගැටලු විසඳන්න විශේෂඥ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල  මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා  සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු  වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීහු  ඇතුළත් වෙති.

ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටි.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතා  පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025  අයවැයෙන්  පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප්  හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර ඒ සඳහා   කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂඥ කමිටුවට පවරා ඇත.

එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යයැයි විශේෂඥ කමිටුව තීරණය කරන  රජයේ නිලධාරින්ගේ සහාය ලබා ගැනීමටත්, අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටත්, මෙම කමිටුවට හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් වන සිය නිර්දේශ ඇතුළත් වාර්තාව මාස 03ක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදීමටද උපදෙස් දී ඇත.



අදහස් (10)

වැටුප් විෂමතා ගැටලු විසඳන්න විශේෂඥ කමිටුවක්

අරවින්ද මොනරවිල Tuesday, 11 June 2024 07:51 PM

ඡන්දය අවසන් වනතුරු පිනාගේ තව තව කැටයම් ඉදිරියේදී දකින්නට ලැබෙනු ඇත...

:       2       6

Lalla Wednesday, 12 June 2024 12:03 AM

රටේ ඇත්තටම වැඩ කරන ජනතාවට මොනම සහනයක් වත් නෑ. පින්පඩිකාරයින්ට ඔක්කොම සැලකිලි. රටක් ගොඩනැගීම කළ හැකිද?

:       1       3

chandima Wednesday, 12 June 2024 01:09 AM

විශේෂඥයෝ මොකටද ?ඔබතුමා සියල්ල දත් කියලා අර රාලහාමි කියනවානේ ?ඔය මොකක්ද හංගලා මොකෙන්ද ගහන කමිටු සෙල්ලම අපි දැන් හොඳට දන්නවා

:       0       3

B Amarasinghe Wednesday, 12 June 2024 06:06 AM

ඔය කමිටුවේ ඉන්න 9 දෙනාගෙන් පරිපාලන සේවයේ ඉන්න, හිටපු කී දෙනෙක් ඉන්නවද? ඒ ගොල්ලො අනික් අයට සාධාරයක් ඉෂ්ඨ කරනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්

:       0       5

Jagath Pereira Wednesday, 12 June 2024 06:09 AM

මහින්ද කාලයේ නම් එජාප රජය කාලයේ පත්වීම් ලැබූ අයට අසාධාරණයක් වෙන්න පුළුවන් හැටියට තමයි වැටුප් සංශෝධන කලේ .එම ප්‍රශ්නය ගැන කුරුණෑගල වෘත්තීය සමිතියක් අසාධාරණ සිදුවූ අයගෙන් මුදල් එකතුකර වැඩ කලා අන්තිමේ සභාපති මැරිලා ගියා ගැටලුවට වෙච්චි දෙයක් නැහැ සමහරක් අයට පුද්ගලික වනසේ වැටුප් සැකසීම කලත් ප්‍රශ්නය විසදුවේ නැහැ එම ප්‍රශ්නය මට නම් බලවත් අසාධාරණයක් වුනා යහපාලනය අවසන් කාලයේ විශ්‍රාම වැටුප් ලබන අයට වැටුප් වැඩිකරන්න කටයුතු කලත් ඒක වුනත් දේශපාලන බලපෑම් මත එකම සේවයේ එකම තනතුරේ එකම කාලයේ විශ්‍රාම ලැබූ දෙදෙනෙකුට අඩු වැටුප් ලැබූ කෙනාට වැඩියෙනුත් වැඩි වැටුප් ලැබූ කෙනාට අඩුවෙනුත් ලැබීමට කටයුතු කලා ඉදිරියේ වත් එහෙම නොවෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා

:       0       0

nadun Wednesday, 12 June 2024 08:03 AM

මෙම කමිටුවට දොස්තර කෙනෙක් ඉන්න එකෙන්ම පේනවා මෙම කමිටුවෙනුත් මෙච්චර කල් තිබ්බ ප්‍රශ්න විසඳන්න වෙන්නේ නෑ කියලා. මීට කලින් තිබ්බ ජාතික වැටුප් ප්‍රතිපත්තිය හදන එකට පාදෙණිය ඇතුලු GMOA නඩය රිංගලා තමයි ඔක්කෝම අවුල් වුනේ. දොස්තරලා කවදාවත් කැමති නැ.. තමන්ගේ වැටුපට ආසන්න වැටුපකටවත් වෙන වෘත්තිකයෙක් එනවාට. ඒ නිසා තමා පාදෙණිය ඇතුලු GMOA නඩය ජාතික වැටුප් ප්‍රතිපත්තියට රිංගල තමන්ට ලොකුම හැන්දෙන් බෙදා ගත්තේ. ඒ නිසා තමා ආධුනික දොස්තර කෙනෙක්ට අවම වැටුප ලක්ෂ 2.5 වෙනකොට පශු වෛද්‍ය, දේශීය වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකර වගේ වෙනත් විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට සමස්ත වැටුපම රු 80,000කට සීමාවෙලා තියෙන්නේ. ඒ නිසා තමා රටේ ආර්තිකයට සෘජුවම සම්බන්ධ වෙන වෘත්තිකයො ඔක්කොම රටවල් අත හැරලා ගියේ මීට අවුරුදු ගාණකට කලින්. ඉන්න අය තෘප්තියෙන් රැකියාව නොකරන්නේ... මොකද ඔය අනිත් වෘත්තිකන්ටත් වෙනත් රටවල් වල ඉහළම පිලිගැනීමක් තියෙනවා. ඒ නිසා තමා මේ රටේ ආර්ත්කය මෙහෙම වැටුනේ. මුලු රටේම සියලු ක්ෂේත්‍ර අවුල් වෙලා තියෙන්නේ...

:       1       14

Bandu Wednesday, 12 June 2024 09:52 AM

නදුන් මහතාගේ ප්‍රකාශය හරියටම හරි

:       2       3

J R Randeniya Wednesday, 12 June 2024 10:04 AM

පත්කරපු සාමාජිකයන් බැලුවම පේනව උන් මේක තවත් අනනව කියල. මුන් දන්න කෙංගෙඩියක් නෑ. උන්ගේ සේවාවට විතරක් බෙදා ගනී.

:       0       2

චන්දිම Wednesday, 12 June 2024 12:22 PM

අන්න බලන්න ඉස්සරහට තමන්ගේ වියදමට සල්ලි මදි වෙන්න කලින් රුපියල් කෝටි අටසිය ගානක් වෙන් කරගත්තා. පොහොට්ටු රැලට කිව්වා විතරයි පට ගාලා කරලා දුන්නා. මේවා එහෙම නෙවෙයිනේ ටිකක් ඇද ඇද කල් දදා ශේප් කරකර ඉන්න ඕනෑ නේද?

:       1       0

විපරමා Wednesday, 12 June 2024 06:07 PM

නා නා ප්‍රකාර කමිටු නම් පත් වෙනවා. ඒ වුණාට වැඩක් වෙන පාටක් නැහැ. කාලය සහ මුදල් කා දැමීමක් විතරයි සිද්ද වුනේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 128 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2530 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 931 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 526 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1577 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site