(ඩයනා උදයංගනී)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරී සඳහා නොගෙන්වන පෞද්ගලික අංශ සේවකයින්ට වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500ක් ගෙවීමට හාම්පුතුන්ගේ සංගම් සමඟ ඇතිකරගත් එකඟතාවය සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
පෞද්ගලික අංශයේ සේවකයන්, හාම්පුතුන්, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර කොරෝනා තත්ත්වය හේතුවෙන් රැකියාවට නොපැමිණෙන අයට වැටුපෙන් 50% ක් හෝ මසකට 14,500ක් ගෙවීමට විදේශ සබඳතා, රැකී රක්‍ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එකඟතාවක් ඇතිකරගෙන තිබූ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම එකඟතාව ජූලි මාසයෙන් අවසන් වූ අතර එය සැප්තැම්බර් මාසය දක්වාම දීර්ඝ කිරීමට විදේශ සබඳතා, රැකී රක්‍ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සමහර ආයතනවලට තවමත් කැඳවන්නේ සේවකයින්ගෙන් කොටසක් පමණක් බැවින් නොකැඳවන සේවකයින් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ඒ අනුව එම සේවකයින්ට වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක් යන කොන්දේසිය අනුව වැඩිම මුදලක් ලැබෙන ගෙවීම හිමිවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැටුපෙන් අඩක් ගෙවීම සැප්තැම්බරය දක්වා