(යොහාන් භාසුර)
ගබඩා වැටලීමෙන් බාරයටගත් සීනි මෙට්‍රාක්ටොන් 90,683 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 906 කට අධික ප්‍රමාණය වෙළෙඳ අමාත්‍යංශය හරහා ජනතාවට පාලන මිලට ලබාදීමට කටයුතු කරමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම සීනි තොගයෙන් මෙට්‍රාක්ටොන් 13,500 ක් පමණ මේ වන විටත් පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කර ඇති බව කී මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඉතිරි තොග අවශ්‍යතාව අනුව වෙළෙඳපොළට යොමු කරන බව ද සඳහන් කළේය.
වැටලීම්වලින් බාරයට ගෙන ඇති සමස්ත සීනි තොගයේ ඇතැම් තොග වෙළෙඳපොළට සැපයීමට නියමිත තිබූ අතර සමහර තොග සඟවා තිබූ ඒවා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලෙස තමන් එම තොගය පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය මැදිත්වීම පමණක් කරන බවත් කීය.
පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කිරීම වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආහාර කොමසාරිස්වරයා හරහා ක්‍රියාත්මක වන බව පැවසූ මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා පාරිභෝගික කටයුතු අධිකාරිය ද සීනි පාලන මිලට ඇත්තවශයෙන්ම ජනතාවට ලැබීම සදඟා විශාල කාර්යක් කරන බව සඳහන් කළේය.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ උපදෙස් අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතාගේ මැදිහත් වීමෙන් ගබඩා වටලා මෙම සීනි තොගය බාරයට ගත්තේය.
අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර
මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසි
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැටලීම්වලින් බාරයට ගත් සීනි කිලෝ ලක්ෂ 906 ජනතාවට
සෙනෙවිරත්න Monday, 13 September 2021 03:34 PM
අපොයි රණවිරුවන්ට ගිය කලක්, තරු පටි ගහගෙන ඉන්න පින්තූර, රටේ ගබඩාවල සීනි අල්ලනව, වෙන රටවල සතුරන් ජයගන්න අය. ඒත් කමක් නැහැ මේ ගජමිතුරන් රඟක නාට්‍යයේ නලුවො වෙලා.
පිටිගල මිලානෝ Monday, 13 September 2021 03:57 PM
ඔක්කොටෝම ඉස්සෙල්ලා රටට බිලියන් ගානක් වංචා කරපු සීනි හොරාව අල්ලලා ඉන්න...