IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

( ඉන්දිකා රාමනායක සහ ඩී.ජී.සුගතපාල)

අහංගම දික්කුඹුර මාර්ගයේ පාංචාලිය විදුහල අසලදි  වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ දික්වැල්ල   දඹගස්ආර  පදිංචිකරුවකු වන ලියන පටබැඳිගේ  කසුන් චාමර නමැති 26හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු දික්වැල්ල වලස්ගල පදිංචි මිතුරකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇති අතර පසුව ඔහු වැලිගම රෝහලට ගෙන ගොස් ඇත.  ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවත් ඔහු සමග සිටි මිතුරාට  තුවාල සිදුව නැති බවත් පොලිසි පවසයි.

ඝාතනය ලක්වු පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයකු බවට තොරතුරු අනාවරණයවි ඇති අතර මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක් හේතුවෙන් සිදු කරන ලද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ පැවැත්විමට නියමිතව තිබු අතර අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටි.එච්.බන්දුල මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 

 



අදහස් (1)

වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

චන්දන Sunday, 05 June 2022 06:51 AM

හැමදේම වැඩි වෙන එකේ මිනී මැරුම් වැඩි නොවුනොත් තමා පුදුමෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1290 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2105 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4594 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 798 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1787 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23975 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site