(නිමල කොඩිතුවක්කු)
දේශපාලන කුමණ්ත්‍රණ, ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (2) පැවැසීය.
රජයේ වැඩපිළිවෙළ දරා ගැනීමට නොහැකි ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිස් මිත්‍යාව පතුරවමින් ආඩපාලි නැගුවත් ණය ගෙවමින් ගම දියණු කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
කොල්ලූපිටියේ පිහිටි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේද කීය.
‘‘ගම්පෙරලිවය වැඩසටහන යටතේ තවත් කෝටි 10 ක මුදලක් සෑම මැතිවරණ කොට්ඨාසයකටම ලබා දී ඇතැයි යනුවෙන් මාධ්‍ය වාර්තා පළවුණා. ලංකා ඉතිහාසයේ ගම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා වැඩිම මුදලක් වාර්ෂිකව ලබා දුන් එකම රජය වර්ථමාන රජයයි.
2019 වසරේ මේ වනවිට උතුරු නැගෙනහිරත් ඇතිව සෑම මැතිවරණ කොට්ඨාසයකටම අපි රුපියල් කෝටි 30ක් බැගින් වැය කරලා තියෙනවා. ඉදිරි සංවර්ධන වැඩකටයුතු සඳහා තවත් රුපියල් කෝටි 10ක් සෑම මැතිවරණ කොට්ඨාසයකටම ලබා දෙන්න රජය තීරණය කර තිබෙනවා.
දින 52 කුමන්ත්‍රණය නිසා අපි බලාපොරොත්තු වූ ආකාරයට ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ජනතා ඉල්ලීම් මත කිසිම භේදයක් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටියත් නැතත් සෑම මැතිවරණ කොට්ඨාසයකටම දේශපාලන පක්ෂ පාට භේදයක් නැතුව ජනතාවගේ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් කෝටි 10ක් වැය කරලා තියෙනවා.
ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම තවත් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් ලැබෙනවා. මේ ගැන මේ රටේ ජනතාව සතුටු වෙන්න ඕන. මේ ව්‍යාපෘතිවල ප්රතිලාභ එක්සත් ජාතික පාක්ෂිකයාට පමණක් නෙමෙයි පාට, පක්ෂ භේදයක් නැතුව හැමෝටම මේ අවස්ථාව ලැබෙනවා.
ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල මේ සැප්තැම්බර් මාසයේ අපි ගෙවන්න නියමිතයි. ණය ගන්නවා වගේම ණය ගෙවනවා කියන එකත් විශාල අභියෝගයක්. ඒ ණය ගෙවන්න අවශ්‍ය මුදල් අපිට තිබෙනවා.
සමහරු කිව්වා සැප්තැම්බර් වෙද්දී මේ රට බංකොළොත් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. සැප්තැම්බර් වෙද්දී අපි ඒ ණය මුදල ගෙවලා ග්‍රාමීය සංවර්ධනය සඳහා තවත් කෝටි 10 ක් ලබා දෙනවා.
රටේ අමාරුකම් තියෙද්දි මෙහෙම මදල් ලබා දෙන එක ගැන සතුටු විය යුතුයි. මේවා මේ දේශපාලඥයන්ට ගෙදර අරන් යන්න දෙන සල්ලි නෙමෙයි. මේ සල්ලි දෙන්නේ ජනතාවටයි.
මේ මුදල් ගමට යනකොට ගමේ ආර්ථිකය, ශක්තිමත් වෙනකොට ගම සංවර්ධනය වෙනකොට දේශපාලඥයන්ට පෞද්ගලිකව ඡන්දෙට වියදම් කරන්න සල්ලි දෙනවා කියලා දැන් බොරු ප්රවෘත්ති මවනවා. විපක්ෂයේ දේශපාලඥයන් හිතන තරම් පහසුවෙන් අද මිත්‍යාව පතුරවන්න බැහැ.
රට ගැන හිතන ගම ගැන හිතන මේ රජය ගමේ තියෙන අඩුපාඩුකම් හදාගන්න කරන ආයෝජන අද රටට දැනිලා තියෙනවා. ඒ දැනෙන එකේ වේදනාව තමයි බන්ධුල ගුණවර්ධන වැනි දේශලපාලඥයන්ගේ කටින් පිටවෙන්නේ.
ඉස්සර අපිට කිව්වේ මුකුත් කරන්නේ නැහැ කියලා. දැන් අද කියනවා දෙනවා වැඩියි කියලා. ගම වෙනුවෙන් වැඩිම මුදලක් ලබා දුන්නේ මේ රජයයි. මේ ව්‍යාපෘති වලට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල අපි වැය කරලා තියෙනවා.
ඒ නිසා විපක්ෂය මොන තරම් ආඬපාළි නැගුවත් අපි ණයත් ගෙවනවා වැඩත් කරනවා කියලා කියන්න කැමතියි’’ යැයිද ඔහු එහිදී පැවසීය.
ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි
ajith Monday, 02 September 2019 10:20 AM
එහෙනම් එම අගමැතිතුමා ජනාධිපති කරමු. මොකටද ඇමතිවරු පස්සේ යන්නේ...
Raveendra Monday, 02 September 2019 10:30 AM
හරි හරි ඔව් ඔව්... මහ බැංකුවට ඇඩ්රස් නැතිවෙන්නම දුන්නෙත් සිංගප්පූරුවෙන් ඇවිල්ලනේ. එ්කත් නිවැරදියි. එතකොට "මේ හිඟන්නෝ " විතරයි ලංකා ඉතිහාසයටම වැඩකරලා තියෙන්නේ "අනිත් හිඟන්නෝ " කිසිදෙයක් කරලා නැහැ. ඒ නිසා මේ හිඟන්නන්ට ඡන්දය දෙන්න කියලා නොකියා කියන්නේ... වරෙව් වරෙව් " හැතිකරය , නුඹලා 225ම "
මුණසිංහ Monday, 02 September 2019 12:04 PM
එහෙනම් දැන් ගම පූර්ණ වශයෙන් සංවර්ධනය වෙලා ඇති නේද? අපිට ඒ බව හොඳට පේනවා. මොවුන් මේවා කියන්නේ ලංකාවේ ඉන්න අපට වෙන්න බැහැ. දේශපාලකයින්ට ලැජ්ජා නැති බව කියන්නේ ඇත්තම තමා.
ලංකෝනිස් Monday, 02 September 2019 12:40 PM
ඔබතුමාගේ උපන්ගමටද ඇමතිතුමා වැඩිම මුදලක් වියදම් කලේ...? අපේ ගමට නම් කිසිම දෙයක් වෙලා නැහැ. මට මතක් වෙනවා. පොළව පලාගෙන ගොස් වැටුණි. මෙලොව සතුනි, ඉන් බොරුකීම නරකය. මම කියන දේ හරි නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කයේ සියළු ග්‍රාමසේවා වසම්වල විස්තර ගෙන්නා බලන්න...
hema Monday, 02 September 2019 02:09 PM
වැඩිම මුදලක් තම මන්ත්‍රීන්ට පමණක් වෙන් කළ ලෝකයේ බිහිවූ එකම රජය මෙයයි... ගිනස් වාර්තාවකි.
siri Monday, 02 September 2019 07:45 PM
මෙයට පසුගිය ටිකේ කලේ,'වෙනද ජනදිපතිගේ ඔඩොක්කුවේ ලැගපු එක විතරනේ'.
lion Monday, 02 September 2019 10:01 PM
කය්වරුවා නවත්වන්න ඕකෙන් 1/2 වැඩ හෙන්චියන්ගේ සාක්කුවට යන්න ඇති.හැමදාම මේ රටේ එකී උනේ .දේශපාලන හොරු පෝසත් උන .අපි රට බංකොලොත් උන .
Ruwan Tuesday, 03 September 2019 02:38 AM
ඈ......මොන ගමටද බොලේ ඒ. .. ?
Sunil Tuesday, 03 September 2019 02:51 AM
wen kala mudalen wedak wela nehe.
mp Tuesday, 03 September 2019 04:25 AM
වැඩි මුදලක් ගමට වෙන් කළා නම් ඇයි ගමේ මිනිසුන්ට බොන්න වතුරවත් නැත්තේ? වැඩි මුදල් යොදල තියෙන්නේ දේශපාළුවන්ටයි.
Bamunuarachchi Tuesday, 03 September 2019 05:06 AM
වියදම් වෙච්ච ඒවා විගණනය කරනවාද? ගණන් හිලව් පෙන්වනවාද? වත්කම ප්‍රකාශය දීලාම වැඩ පටන් ගත්තොත් හොඳයි නේද?