(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
එම සුපිරි වෙළඳසැල දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මහර අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව මෙම දඩය පැන වූ බවත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙලදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් නියම කර ඇති බවත් එම අධිකාරිය පවසයි.
සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල වැටලීම් 140 කට වැඩි ප්‍රමාණයක් කර ඇති අතර තවදුරටත් එම වැටලීමි දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරට සඳහන්න් කරයි.
ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වැඩි මිලට සහල් වික්කාට ලක්‍ෂ 10ක දඩයක්
නිදහස් බුවා.... Monday, 27 January 2025 10:03 PM
තණමල්විල බලහරුව පැත්තේ කුඩා වීමෝල් හිමියන් 285 ට රතු කැකුළු විකුනනවා. ඒ පැතිවල් ඉන්න දුප්පත් තමන්ගෙම එවුන්ව හූරන් කනවා. පාරිභෝගික අධිකාරිය ගමටත් යන්න ඕනේ. ක්ෂණික වැටලීම් වැඩි කරන්න ඕනේ. වැඩි හරියක් හාල් හංගලා තියෙන්නේ මහා පරිමාණ මෝල් වල , කඩවල නෙවෙයි, පොඩි මෝල් ගොඩක ... පොඩි කඩ ගොඩක... ආණ්ඩුවට බැණ බැණ ගිණි ගණන් වලට විකුනනවා
sakra Tuesday, 28 January 2025 08:05 AM
වෙළෙන්දෝ දැනගන්න ඕන තමන්ට ප්‍රමාණවත් ලාභයක් නැතිනම් තමන්ගේ කඩයේ සහල් විකුනන්නේ නැතිව ඉන්න .
Jayathilake J Tuesday, 28 January 2025 10:54 AM
කළුතර දොඩන්ගොඩ සේන සුපර් සිටි එකේ සහල් පාලන මිලට වඩා වැඩි මිලට විකුණ අතර සහල් දමා දෙන සිලි උරයටත් මුදලක් අයකරනවා.. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුයි
Kamal Koyrala Tuesday, 28 January 2025 12:05 PM
අවුරුදු 2500 කට වඩා ඉතිහාසයක් ඇතැයි කියන මහ ජාතිය, ජාතියම සූරන් කන සහ කාපු හැටි තමා මේ දවස්වල පේන්නේ.
Sarath Tuesday, 28 January 2025 12:56 PM
ඔය විදිහටම ගම්පහ, යක්කල, මිරිස්වත්ත ,බැලුම්මහර පැත්තත් බලන්නකෝ