(අංජුල මහික වීරරත්න)
වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළේය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡ වැඩසටහන් මාලාව අතරතුරදී ය.
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේක
බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති.
රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින
දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ බීඩී නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ පහකට අධික ව්‍යාජ බීඩි සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ කච්චේරික් වටලා එහි තිබී ජාතික හැඳුනුම්පත් , ආදායම් බලපත්‍ර , ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් හා ඒවා
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වැඩ වර්ජන නැතුව සෞඛ්‍ය සේවය හදමු
karolis Thursday, 06 February 2025 02:51 PM
වැඩවර්ජන කරන කොට තියෙන අමාරුව දැනෙන්නේ දැන් නේද? කල කම් පලදෙනවා
අමා Thursday, 06 February 2025 02:51 PM
මුං, කටින්ද දන්නෑ මෙහෙම කියන්නෙ.
රම්බොඩ Thursday, 06 February 2025 03:02 PM
වැඩ වර්ංනය කළ අය දැන් පාර්ලිමේන්තු වේ.
casmir Thursday, 06 February 2025 03:04 PM
අනිවාර්යෙන්ම පුළුවන් .මොකද දැන් වෘර්තිය සමිති අටෝගෙන අවුරුදු 76ක්ම රට නැතිකරපු කණ්ඩායම ඉන්නේ පාර්ලිමේන්තුවේ . දැන් කට්ටියට දැනෙනවා නේද වර්ජන වලින් රටක නිෂ්පාදනයවත් , සේවාවල්වත් හදන්ඩ බැහැ කියල.
pubudu Thursday, 06 February 2025 04:02 PM
දැන්වත් තේරෙනවද කවුද රට පස්සට ගෙනිච්චේ කියලා. එන අවුරුදු 5 වැඩ වර්ජන නැතුව තියෙයි.
wca Thursday, 06 February 2025 08:27 PM
ඉස්සර මේවා මෙහෙම කතාකරලා කෙරුවේ නැහැනේ. ඇමැතියාට හරි ඔවුන්ගේ ගෝලයින්ට හිතුණා. වැඩේ කෙරුවා. පස්සේ තමයි ප්‍රශ්න විසඳන්නේ... ඉතින් බයියන්ට, ටෝයියන්ට රිදෙනවා තමයි. මේකට ඩිස්ලයික් වැටෙයි අව්ලක් නෑ...!
කුමාර Thursday, 06 February 2025 11:06 PM
අනේ බං රෙද්දක් ඇදන්ද මේවා කියන්නේ ඒ දවස්වල හැමදාම වැඩවර්ජන ඒවා පස්සේ හිටියේ කව්ද කියලා ජනතාව දන්නවා. වේදිකාවල ගහපු පච දැන් කරගන්න බැරුව දගලනවා. ඒකට පැරණි කියමනක් තියෙනවා කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේනවා කියලා මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒක.
Roni Thursday, 06 February 2025 11:12 PM
මුන්ට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. කටින්නම් නෙමෙයි කතා කරන්නේ. වෙන කොහෙන් හරි.
Wijekoon Friday, 07 February 2025 01:44 PM
තන්හාවට දොඩම් ගොඩ බදාගත්තා වගේ ආණ්ඩුව කොරන්නයි වර්ජන කරන්නයි දෙකක් බැහැ. වර්ජනය කියන්නේ තනිකරම රටේ සංවර්ධනය අඩාල කිරීමක් තමයි. අනේ පිංසිද්ද වෙයි දැන්වත් රටපෙරට ගෙනියන්න ඔය දෙකෙන් එකක් කරපල්ලා...