IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


වැඩ හරිදැයි බලන්න ජනපති වෙලංවිටට

(සුජිත් හේවාජුලිගේ )

ගම සමග පිළිසදර පළමු වැඩසටහන පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගම්මානයේ චාරිකාවක අද ( 26 ) නිරත විය.

ගම සමග පිළිසඳර පළමු වැඩසටහන වෙලංවිට ග්‍රාමයේ දී පැවැත්වුණේ ඉකුත් සැප්තැම්බර් මස 25 වැනිදාය .

එම වැඩසටහනේ දී ජනතාව පෙන්වා දුන් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට එදින උපදෙස් දුන්නේය.

එම උපදෙස් හරියාකාරව ක්‍රියාත්මක වී ඇද්දැයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා එම ගම්මානයට මෙසේ පැමිණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා එම ගම්මානයට පැමිණියේ ගම සමග පිළිසඳර වැඩසටහන පවත්වා හරියටම මාස හතකට පසුවය.

ජනතාව ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව යුද හමුදාව විසින් ඉදි කෙරුණු කොටබෝගස් ගන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේය.

හපුතලේ සිට වෙලන්විට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම ද ඊයේ සිදු කෙරිණ. නිරීක්ෂණ චාරිකාවේ නිරත වු ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ජනතාව ගෙන් තොරතුරු විමසීය.

(පෙර)



අදහස් (16)

වැඩ හරිදැයි බලන්න ජනපති වෙලංවිටට

saman Monday, 26 April 2021 12:20 PM

කාටත් අමතකවන "ගමට" පැමිණ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කර දීමට තැත් කිරීම හොඳ දෙයක්.

:       44       103

විජිත් Monday, 26 April 2021 12:50 PM

රජයේ උත්සව, ජනයා එකරාශි වීම් තහනම් කියලා පෙරේදා හමුදාපති කියන්න ඇත්තේ කට කහනවට වෙන්න ඇති. දැන් නන්දසේන කරන්නේ කුමක්ද..? ජනයා එකරාශිවෙලා නැතිද..? මේ අවස්ථාව රජයේ වැඩක් නොවෙයිද...? මහකකුලුවා පොඩි පැටවුන්ට කියනවාලු කෙලින් යන්න කියලා. ආ.. මට වැරදිලා.. මම මේ ඉන්නේ ගම්කබරයින්ගේ බයිලන්තෙනේ...

:       59       55

ලුම්බිණි Monday, 26 April 2021 01:10 PM

සමාවෙන්න. රටේ හැමතැනම කොරෝනා කියලා ඔබතුමාට දන්වලා නැතුව ඇති මම හිතන්නේ...

:       47       45

chithralMonday, 26 April 2021 01:57 PM

මෙයා ගමට ගෙනෙන්නේ කොරෝනා නොවේ... වෙන එකක්...

:       33       33

නිමල් Monday, 26 April 2021 01:20 PM

පිස්සු හොඳ එක වගේනේ...

:       51       39

ගමේ කොල්ලා Monday, 26 April 2021 01:23 PM

අම්මෝ මාස හයට කෙරිලා තියෙන සංවර්ධනය තරම. ඔය ගානට අවුරුදු තුනට මොනවා කරන්න බැරිද අප්පා... ඔය ගමනට ගිය වියදමෙන් තව වැඩ කීයක් කරන්න තිබුණාද කියලා නං දන්නේ නෑ. කොහොම වුණත් දැන් ඇහෙන කතා බස්වල හැටියට "වැඩ හරිදැයි බලන්න ගමේ මිනිස්සු කොළඹ එන දවස" වැඩි ඈතක නෑ ඔන්න.

:       51       46

amare Monday, 26 April 2021 02:04 PM

අනේ මන්දා, මේ ජනාධිපති එයාගේ හපුයියන් ටිකත් අරගෙන කැලෑ කපමින්, කොරෝනා බෝ කරමින් රට වටා ගමනේ යයි. මොලයේ අස්පට් එකක් වත්ද? නැතිනම් ඥාණා අක්කාට වුණු බාරයක් වත්ද?

:       51       43

Rata Perata Monday, 26 April 2021 02:37 PM

කොච්චර වුණත් ඉස්සරවෙලා හිටිය ග්‍රාමසේවකට වැඩිය මේ ග්‍රාමසේවක හොඳයි. අපේ පැත්තෙත් බෝක්කුවක් හදන්න තියෙනවා. කරුණාකර ඇවිල්ලා බලන්න.

:       53       35

ප්‍රසන්න Monday, 26 April 2021 02:38 PM

හරිම වේදනාකාරී වගේ.. කමක් නැහැ හිතයටින් හරි සතුටු වෙනවා නම්...

:       12       21

vikum Monday, 26 April 2021 02:58 PM

අන්තිමට සර්ට ඇමරිකාවත් නැති වුණා (මම හිතන විදියට) අපිට රටත් නැති වුණා. එ්ත් සර් කැසට් වගේ ගැසට් ගැහුවට වැඩක් වුනේ නැහැ. පාලකයෙක් විදියට ඔහුද ස්වකීය අසාර්ථකත්වය ප්‍රදර්ශනය කර අවසන්ය. අනික ජනාධිපතිවරයෙක් ගමින් ගමට යමින් මේ කරන විකාරය නවත්වලා, රාජ්‍ය නිලධාරින් ඒ සඳහා යොදවන්න...

:       48       32

kamalMonday, 26 April 2021 03:23 PM

ලංකාවේ ඔය කියන රාජ්‍ය නිලධාරින් තමන්ගේ රාජකාරිය අකුරටම කරනවා නම්, අද රටේ මහජනයාට තිබෙන ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. ඒවා කෙරෙන්නේ නැතිනිසා තමයි ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් සිදුවිය යුතුදේ කෙරෙනවාද යයි සොයා බලන්නේ...

:       26       65

vikumMonday, 26 April 2021 04:57 PM

නියම තැනට ආවා, රටේ පාලකයා දැනගන්න ඔනි විනිවිධ භාවයෙන් යුතුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවීම හා ක්‍රියාත්මක කරවීමට, අනික වැඩ නොකරන පිරිස හැබැව, එත් නීතිය ක්‍රියාත්ම කිරිම, නීතිය බලාත්ම කිරීම, වැඩ නොකරන පිරිස සේවයෙන් පහ කිරීම ජනාධිපති විසින් රාජ්‍ය ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කළ යුතුය, රට හදන්න අවශ්‍ය නම් පමණයි, විදේශයක ජීවත්වන මම අත්විදින තත්වය පමණයි මෙහි සහටන් කරනුයේ...ඔබලාට ලෝකය පේන දුර ජනාධිපතිගේ සීමව පමණයි, අන්න එක තමයි වැරදුණ තැන ලංකාවට...

:       1       4

Thilina Monday, 26 April 2021 03:50 PM

මේ රටේ මිනිස්සුන්ට මොනවා කළත් වැරදියි. ගමට ගියොත් අහන්නේ රටේ ජනාධිපති මොකටද ගමට යන්නේ කියලා.. නොගියොත් අහන්නේ ජනාධිපති මන්දිරයේ සීතල කාමරේට වෙලා මොනවද කරන්නේ කියලා.. ප්‍රේමදාස ජනාධිපති මෙහෙම කරපු එක හරි කියන අයම ගෝඨාභය කරනකොට වැරදියිලු.. හරි නායකයෙක් කියන්නේ පල්ලෙහාම තැනට ගිහින් වැඩකරලා ආදර්ශය දෙන එක.. මේ රට කවදාවත් ගොඩගන්න බැරි ඇත්තටම හැමදේම විවේචනය කරකර කිසිමදේක කිසිම හොඳක් නොදකින මිනිස්සු නිසා. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් මේ රට ගොඩගන්නවා බොරු..

:       35       162

sekaraMonday, 26 April 2021 04:40 PM

සම්පූර්ණ ඇත්ත. සමහරෙක් සිතන්නේ ජනාධිපතිතුමා ගමට යාම ඒ තනතුරට කරන මදි පුංචිකමක් කියායි. ඊට හේතුව විය හැක්කේ ඒ අයගේ තිබෙන වහල් චින්තනය විය හැකියි.

:       32       83

sathisMonday, 26 April 2021 05:10 PM

දේශපාලුවන්ට,ජනාධිපතිට ,අගමැතිට දෙකට තුනට නැමිලා බයාදු විදිහට වඳින මෝඩ ජනතාව මේ රටේ සිටිනකම් මේ රට වැටෙනවා දිගටම වැටෙනවා.

:       0       4

Bamunuarachchi Tuesday, 27 April 2021 01:19 AM

දැන් ඡන්ද දායකයින්ට කියන්න බැහැ ඡන්දේ ගන්න විතරයි ගමට ආවේ කියලා. මෙහි වටිනාකම දන්නේ ගමේ ඉන්න මිනිස්සු. ඔබට ඡන්දය ලේබෙන්නේ විරුද්ධව කතා කරන ගොබ්බයින්ගෙන් නොවෙයි ගමේ මිනිස්සුන්ගෙන්. මේක චීන අගමැතිත් කරපු කර්තව්‍යක්.

:       4       1

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 166 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 70 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 133 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 252 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 426 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට
2024 නොවැම්බර් මස 06 69 0

බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 7 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site