(රොමේෂ් මධුෂංක)
යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවකු මියයාමත් සමගින් ගම්වාසීන් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත.
වඩුක්කොඩ්ඩෙයි පොලීසිය මගින් මීට දින 4 කට පෙර කිසියම් සොරකමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයේ තබා තිබූ අතර සැකකරුවන්ගේ ඥාතීන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සමබන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලයට පැමිණිළි කිරීමෙන් පසුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය ඔවුන් මල්ලාකම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී ඔවුන් යාපනය බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් අධිකරණයෙන් ලැබුනු නියෝගයකට අනුව යාපනය බන්ධනාගාරයට ඇතුල් කිරීමෙන් පසුව එක් සැකකරුවකු අසනීප තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
කෙසේ වෙතත් මිය ගිය සැකකරුගේ ඥාතීන් වඩුක්කොඩ්ඩෙයි පොලීසියට චෝදනා කරමින් පවසා ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද පහරදීමෙන් මෙලෙස මිය ගොස් ඇති බවටය.
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වඩුක්කොඩ්ඩෙයි පොලිසිය ආරක්ෂාව