LOLCෆිනෑන්ස්, 2021 ගෝලීය සම්මාන ප්රදානයේ (Global Brand Awards 2021) නමවැනි කලාපයේදී “වඩාත් විශ්වාසවන්ත මූල්‍ය සේවා සන්නාමය” සහ “වඩාත් නව්‍යකරණය වූ මුල්‍ය සේවා සන්නාමය” ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීය.
LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රමුඛතම මූල්‍ය හස්තය වන LOLC ෆිනෑන්ස්, මෙලෙස ගෝලීය - බැංකු නොවන මූල්‍ය සේවා අංශයෙන් 2021 වසර සඳහා තේමා දෙකක් යටතේ ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකාවේ එකම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස පිළිගැනීමට ලක්වී ඇත.
Global Brandsනවතම බැංකු සහ මූල්‍ය සම්මාන ප්රදානයේදී LOLC ෆිනෑන්ස් පීඑල්සී මෙරට ශක්තිමත් මූල්‍ය සේවා පද්ධතියක් ක්‍රියාත්මක කරලීම උදෙසා වූ නවෝත්පාදනය, විශිෂ්ටත්වය, තිරසරභාවය, කාර්ය සාධනය මෙන්ම ස්ථාන 139 ක් මගින් දිවයින පුරා ක්‍රියාත්මක බෙදාහැරීමේ ජාලය හරහා ප්‍රදර්ශනය කළ පුළුල් විශේෂඥතාව ඔස්සේ පෙරමුණට පැමිණුනි. පෙර අත්නොදුටු පහසුවක් සමඟ පෞද්ගලිකත්වය සුරැකීම, දත්ත ආරක්ෂාව, සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් මඟින් පාරිභෝගිකයන් LOLCෆිනෑන්ස් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය ද මෙහිදී පිළිගැනීමට ලක්ව තිබේ.
මෙම සම්මාන තිළිණ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් LOLCෆිනෑන්ස් හි (අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී) කොන්රඩ් ඩයස් මහතා මෙසේ පැවසීය. “පීඩාකාරී ගෝලීය වසංගතයක් මධ්‍යයේ, විශිෂ්ට සම්මාන තිළිණ එකක් නොව දෙකක්ම ජයග්‍රහණය කිරීම අප සැබවින්ම ගෞරවයට පාත්‍ර වීමක්. පසුගිය දශක කිහිපය පුරා අත්පත්කර ගත් අපගේ විශ්වසනීය මූල්‍ය විසඳුම්වල ස්ථාවරභාවය සහ නව්‍යභාවය සංකේතවත් කරන මෙය අප සමාගම ලද දැවැන්ත පිළිගැනීමක් මෙන්ම විශිෂ්ට අනාගතයක් උදෙසා ලද වේගවත් ප්‍රවේශයක්. අපගේ අගනා ගනුදෙනුකරුවන් සහ කැපවූ කාර්ය මණ්ඩලය කෙරෙහි රඳා පැවැත්ම සහ විශ්වාසය අපි තවදුරටත් ශක්තිමත් කරන්නෙමු. මෙම සම්මාන තිළිණ දෙක තුළින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සංකේතවත් කරන අතර, දිවයිනේ පරිපූර්ණ ආර්ථික වාතාවරණය වැඩිදියුණු කිරීම උදෙසා එය නිසැකයෙන්ම ඉවහල් වනු ඇති.”
-සටහන- චමින්ද මුණසිංහ
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘වඩාත් විශ්වාසවන්ත” සහ ‘‘වඩාත් නව්‍යකරණය වූ’’ මූල්‍ය සේවා සන්නාමය LOLCෆිනෑන්ස්