( තිළිණි ද සිල්වා )
සුරාබදු නීතිය උල්ලංඝනය කිරීමේ වරදට නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවමින් ව්‍යාපාරිකයින් තිදෙනෙකුගෙන් වැඩිපුර අයකර ගෙන තිබූ රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ඔවුන්ට ආපසු ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු සිව් දෙනෙකුට අභියාචනාධිකරණය අද (9) නියම කළේය.
සුරාබදු පනත ඉක්මවා යමින් තමන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට එරෙහි මෙම ව්‍යාපාරිකයින් තිදෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.
සුරාබදු පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නිලධාරීන්ට අභිමත පරිදි දඩ මුදල් නියම කළ නොහැකි බවද ප්‍රකාශයට පත් මෙම නඩු තීන්දුවේ සදහන් වේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
නානුඔය සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ආර්.එච්.මේරි පෙරුමාල්, ජේ.අයි.ජේ.සී චෙට්ටි සහ කේ.කුගබාලන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
ප්‍රධාන සුරාබදු නිලධාරි ආර්.එම්.සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.බෝදරගම, හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හෙට්ටිආරච්චි, සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන නැමැත්තන් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන්වේ.
2014 වසරේදී පෙත්සම්කරුවන්ගේ මත්පැන් හළ වැටලූ සුරාබදු නිලධාරීන් සුරාබදු පනත උල්ලංඝනය වන වරදක් කිරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 50 ක් ගෙවන ලෙසට වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ට පවසා ඇත.
පසුව එම මුදල ලක්ෂ 40 දක්වා අඩුකර ඇති අතර පෙත්සම්කරුවන් එම මුදල ගෙවා තිබේ.
එවැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණ දඩ මුදලෙන් 80% ක මුදලක් වැටලීම් කරන නිලධාරීන්ගේ ත්‍යාග මුදල් සදහා එකතු වන බවද සදහන් වේ.
කෙසේ වුවද සුරාබදු පනතේ 56 වැනි වගන්තිය යටතේ අය කළ හැකි දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් බවද, එය ඉක්මවා දඩ මුදල් අය කිරීම වැරදි සහගත බවද නඩු තීන්දුවෙහි දැක්වේ. එබැවින් වැඩිපුර මුදල් ආපසු ගෙවිය යුතු බව තීරණය කර ඇත.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩිපුර අයකර ගත් ලක්ෂ 36 ක් ගෙවන්නැයි සුරාබදු නිලධාරීන්ට නියෝග