(මහින්ද නිශ්ශංක)
උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා ප්‍රකාශ කිරීමට විරෝධය දක්වා වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට සංගමයේ විධායක සභාව තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
වර්ජනය සියයට 90 කට වැඩියෙන් සාර්ථක බව පැවසූ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පෙරවරුවේ දුම්රිය බලධාරීන්ට ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය 12 ක් පමණ බවද පැවසීය.
ඡායා ශාන්ත රත්නායක
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වැඩබලන ජී.එම්.ආර්ට රියැදුරන්ගෙන් පිළිතුරක්
රංබොඩ Wednesday, 10 July 2024 01:30 PM
වේවැල පෙන්වා මොවුන්ව මේච්චල් කරන්න බෑ. වැඩ වැරීම් වලට ඇබ්බැහි වෙච්ච මිනිසුන් . වේවැලෙන් ගහන තුරු මොවුන් නතර වෙන්නෙ නෑ. හැබැයි මාසෙ අන්තිමට පඩියත්.ගන්නවා
ධම්මික Wednesday, 10 July 2024 01:56 PM
තුවාලේ තියෙන මිනිහා විතරයි තුවාලේ අමාරුව දන්නේ. නොදන්නා දේවල් වලට කට නොදා හිටියොත් හොඳයි.
de silva Wednesday, 10 July 2024 02:05 PM
මාසයක් දුම්රිය දිවුවේ නැතිවුණත් කමක් නැහැ... මේක රීසෙට් කරලා පිළිවෙලක් කරලා, ජනතාවට කාර්යක්ෂම සේවයක් සලසන්න කටයුතු කරන්න.. ජනතාවට නිසි සේවයක් නොකර නිකම්ම ඉඳලා මාසේ අන්තිමට පඩි ගන්න, වැඩවර්ජන කරන සියලුම රජයේ සේවකයෝ එලවලා දමන්න ඕනේ... මේ කාලකන්නි නිසා අපි හැමදාම මහ මග නිකරුනේ රස්තියාදු වෙනවා... අපගේ ජීවිතත් කාලකන්නි වෙනවා. රනිල් නෙමේ කවුරු වුණත් මේ අයට දඬුවම් දීලා හදලා ගන්නවා නම් කැමැතියි... කරුණාකර මේ කාරණයේදී දේශපාලනය පැත්තකට දමලා, ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සලසා ගැනීම පිළිබඳව සියලුම පක්ෂ කටයුතු කළ යුතුයි. අතලොස්සගේ දීමනා වෙනුවෙන් අපි හැමෝම, හැමදාම දුක් විඳින්න අවශ්‍ය නැහැ...
sanath Wednesday, 10 July 2024 02:39 PM
ගොවියෝ වර්ජනය කරහම සහල් මිල ඉහළ දමනවා, දුම්රිය වර්ජනය කරාම පඩි වැඩි කරනවා... ගුවන්තොටුපලේ කුලී රථ මාෆියාව ගෙම්බර් දැම්මාම ඒකට එන පොදු ප්‍රවාහනය, පික් මී එක නතර කරනවා.. නිතරම සුළුතර මාෆියා සංවිධාන මගින් රටේ බහුතරයකගේ ජීවන තත්වය කඩා වට්ටන විට මහ ජනතාව හැමදාම නිහඬව ඉන්නේ නැහැ..
ජයනාත් Wednesday, 10 July 2024 03:59 PM
ප්‍රශ්නය කියන එක තමන් විතරක් දිහා බලා තීන්දු ගන්න එක වැරැදියි. සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් තිබුණානේ පහුගිය කාලේ තෙල් ටිකක් නැතිව... කීයට හරි තෙල් ගන්න දැන් තිබුණාට රජයේ සේවකයින්ගේ ආදායම් වැඩිවෙලා නැහැ. එදා දවස් කුලිය 2000... අද වෙනකොට 3500 යි. ඒත් රාජ්‍ය සේවකයින් ටිකට එහෙම ආදායමක් නැහැ. අනුන්ගේ ප්‍රශ්න දිහාත් බලන්න පුරුදු වෙමු. මමත් රාජ්‍ය සේවකයෙක් නොවුණත් එහෙම හිතන්න වෙනවා...
Lalla Wednesday, 10 July 2024 07:11 PM
කරුණාකර මාස කිහිපයකට දුම්රිය නවතා හෝ මොවුන් ගෙදර යවන්න...
kotiya Wednesday, 10 July 2024 11:50 PM
ඔන්න ඔය ලබ්බේ සේවය නවත්තලා දාපල්ලා. මොන මඟුලක්ද. කවදාවත් ලාභ ලබන් නැති ආයතනයක්. හැමදාම ස්ට්‍රයික්. නැත්තන් පීලී පැනලා. ඔය රෙද්ද නවත්තලා දාපුවාම අඩුගානේ අපිට ගහන බදු ටිකවත් අඩුකරන්න පුළුවන්. එතකොට බඩු මිළවත් අඩු වෙයි.
Asanga thiththagalla gamage Thursday, 11 July 2024 10:21 AM
මේ යූනියන් කාරයෝ කාටවත් රට ගෙනියන්න දෙන්නෙ නැත. මුන්ට තමා වෙඩි තියන්න ඕනා දඩි නීති පමුනවන්න ඕනා. සේවයෙන් නෙරපන්න ඕනා කාලකන්නි.