(රන්ජන් කටුගම්පොළ)
මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන් ඹහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිවයුතු එවකට මිරිහාන ප්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් හමුදා සෙබළාට ගෙවන ලෙසට නියෝග කළේය.
ඊට අමතරව රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක් පෙත්සම්කාර හමුදා සෙබළාට ගෙවන ලෙස ද රජයට නියෝග කළේය.මෙම තීන්දුවේ පිටපතක් නීතිපතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණයෙන් නියෝග කෙරිණ.
මිල්ලව රංජිත් සුමංගල මහතා විසින් ගොනුකොට තිබූ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරී බණ්ඩාර, හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අජිත් වනසුන්දර එවකට එම ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විසනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.
පෙත්සම්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකි 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් ත්‍රීවීල් රථයකින් පැමිණ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ප්‍රදේශයේ කනත්තක් වෙත රැගෙන ගොස් ඇත.
එහිදී හමුදාවෙන් රැගෙන ආ ආයුධ සම්බන්ධයෙනුත් විවිධ සොරකම් සම්බන්ධයෙනුත් ප්‍රශ්න කර ඇත. මිරිස් ගෝනියක් ඔලුවේ දමා පහර දෙමින් පෙත්සම්කරුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.
පසුව මිරිහාන පොලිස් ස්ථානයට පෙත්සම්කරු රැගෙන ඇවිත් ඇති අතර එවකට ප්‍රදේශයේ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණ පෙත්සම්කරුව නිරුවත් කර ඔහුගේ ලිංගේන්ද්‍රයට සිද්ධාලේප ආලේප කරන ලෙසටද නියෝග කොට ඇත.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි
Sachith Thursday, 14 December 2023 12:58 PM
පොලිස්පති වෙන්න සුදුසුකම් සපුරනවා වගේ
C.K.Lankaputhra Thursday, 14 December 2023 01:09 PM
මෙතුමා දේශපාන ලොක්ක කිවුවොත් මුලු රටේම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උනත් උල්ලන්ගනය කරන ජාතියේ කෙනෙක්.
රට පෙරට Thursday, 14 December 2023 02:12 PM
රජයේ නිළධාරියෙක් දඩයකට ලක් වුනොත් ඔහුට සේවයේ යෙදීමට අවසරයක් නැහැ කියලා හිතෙනවා අපි බලමු මේ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ තීරණය මොකක්ද කියලා
Lankaputha Thursday, 14 December 2023 02:28 PM
ගුටිත් කාලා වන්දිත් දීපු එකම පොලිස්පති
wedageThursday, 14 December 2023 03:05 PM
වන්දි තවම දීල නෑ වන්දි ගෙවන්නයි කියල විතරයි.
ජේ.ජේ.අනෝමාThursday, 14 December 2023 07:49 PM
අනිවාරයෙන්.වන්දි.ගෙවිය.යුතුයි.වැරද්දක්.කලොත්.කව්රුවු.උනත් වැරැද්ද.වැරැද්දමයි
SUGATH Thursday, 14 December 2023 02:42 PM
ගෝල්ෆේස් අරගලයට ගහපු වෙලාවේ මෙයා හැසිරිච්ච හැටි විලි ලැජ්ජයි. පොලිස් ඉතිහාසයේම නැතිව ඇති මේ වගේ නින් දිත ආකාරයට ක්‍රියා කරපු පොලිස්පති වරයෙක්.
චන්දිම Thursday, 14 December 2023 02:45 PM
උසාවියක වැරදි කරුවකු වි දඬුවම් ලැබූ අයකුට පොලිසියේ කොස්තාපල් තනතුරකටවත් බඳවා ගන්නේ නැහැ නේද? එතකොට මෙතුමාට පොලිසියේ ඉහලම තනතුර දරන්න මේ රටේ නීතියේ ප්‍රතිපාදන තියෙනවද? මන්දන්නේ නැහැ කියන්න මේක ශ්‍රීලංකාව නිසා මහා අමුතු දේවල් වෙනවා. මතකද උඩුගම්පොලට ජේ ආර් සලකපු විදිය. හැබැයි ජේ ආර් ට නම් එදා නීතියක් තිබුනේ නැහැ හිතුනු දේ කොරා. ඒ කාලේ මිනිස්සුත් ඒවා ගැන කතා කොරන්න ගියේ නැහැ බයට. දැන් රටේ මිනිසුන් එදාට වඩා දියුණුයි.
Neville Rajapathirana Thursday, 14 December 2023 02:55 PM
මානව හිමිකම් කඩ කල රාජ්‍ය සේවකයෙක්ට විරුද්ධව අදාල ආයාතනය විනය ක්‍රියා මාර්ග ගත යුතුයි. එබැවින් මොහුව වැඩ බලන පොලිස්පති ධූරයෙන් පහකර සේවය අහිටුවා මොහුට විරුද්ධව පරික්ෂණයක් ආරම්භ කල යුතු නමුත් පිනා කපුටාට බය නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ.
පිටරැටියා Thursday, 14 December 2023 03:08 PM
වැඩ බලන පොලිස්පතිකමට වත් සුදුසු නැති කෙනෙක්.දේසපාලුවන්ට කඩේ යෑම තමා එකම සුදුසුකම.
dayananda Thursday, 14 December 2023 03:14 PM
කලින් හිටිය මිනිහානම් පොල්ම පිති මිනිහම ගියා ඇතියයි මිනිහටම හිතී දැන් ඉන්නා එකාගේ ජඩ සක්කිලිම ගතී අලස් රනිල් සාගලටම කැපෙනු ඇති
hashitha Thursday, 14 December 2023 03:22 PM
එක ඉදිරියට පොලිස්පති වෙන්න සුදුසුකමද?? බල්ලට ගිය පොලිසිය. වෙන කෙනෙක් මෙහෙම නිතිය ඉදිරියෙ වැරඩි කරුවකු වුනොතින් මොකක්ද ගන්න පියවර??
Deepal Nirosh Thursday, 14 December 2023 03:44 PM
ගැටළුවක් නැහැ සර්, වැඩ බලන තනතුරේ ස්ථිර කිරීම සඳහා අනිවාර්ය සුදුසුකමක් සම්පූර්ණ කළා කියල හිතාගමු. දැන් අද හෙටම සේවය ස්ථිර වෙනවා.
ලසන්ත Thursday, 14 December 2023 03:46 PM
පොලිසියේ ඉක්මනට ඉක්මනට ඉහලට ගිය බොහෝ අය ගැන හොයලා බැලුවොත්, ඒ ඔක්කොම ඔයවගේ තමයි. එකවල්ලේ කුරෝලු වෙච්ච කලටි.
ජේ ආර් නානා Thursday, 14 December 2023 03:48 PM
ජනතාවාදී අදහස් වලට ඩිස්ලයික් දාන සෙට් එක අද නිවාඩු වගේ. නැත්නම් සිරිකොතෙන් ඒ අයට පඩි හම්බෙලා නැද්ද දන්නේ නැහැ
HELAYA Thursday, 14 December 2023 04:39 PM
කාටත් අමතක වෙලා... අපි ඉන්නේ ඉන්දියන් සාගරේ... අමුතු ඇටේ කියලා... !
Perera Thursday, 14 December 2023 11:50 PM
ලංකාවේ අපරාධ කාරයෝ පාලනය කරන රටක්...! මොවුන් හූරන් කාපුවායින් ලක්ෂ 5 ගෙවන එක සොච්චමක්...!
Nisha Friday, 15 December 2023 08:29 AM
මෙහෙම මන්ද බුද්ධිකයෙකුටද පොලිස්පති කම දුන්නේ