(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ බොරළුගොඩ පාර අංක 294/05 හි පදිංචි අමරසේකරගේ අනුර සම්පත් අමරසේකර නමැති පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයකු බව පොලිසිය කියයි.
කැලණිය සරසවියේ කථිකාචාර්යවරියක වන සිය බිරිඳ හා වෛද්‍ය දියණිය ඇතුළු පවුලේ ඥාතීන් සමග ආහාර ගනිමින් සිටියදී සැහැල්ලු ආහාරයක් ගැනීමට බව පවසා වඩේ එකක් ආහාරයට ගනිද්දී එක් වරම කැස්සක් හටගෙන තිබේ .පසුව එම කැස්ස නැවැත්වීම සඳහා විවිධ ප්‍රථමාධාර ලබා දුන්නද එය නොනැවතී ක්‍රමයෙන් අසාත්මික තාවයකට පත්ව තිබේ.
පසුව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇතිි බවයි. පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම මූලික රෝහලේදී (21) දා සිදුකිරීමට නියමිතව තිබුණි.
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්රව්
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඩයකින් ආ මාරයා අධ්යක්ෂ බිලිගනී
chamara Thursday, 21 November 2024 12:32 PM
කඩ කෑම හොදට දන්න තැනකින් ඇරෙන්න වෙන නොදන්නා තැන් වලින් කන්නේ බලාගෙන. ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිත බව දන්නේ කොහොමද?