(අංජුල මහික වීරරත්න)
නැවත වැඩ වර්ජනයක් ඇති වුවහොත් වරාය අධිකාරියේ ටග් යාත්‍රා සහ කුඩා යාත්‍රා සේවය බිඳ වැටීමට ඉඩ නොතබන බව ටග් යාත්‍රා හා කුඩා යාත්‍රා නියමුවන් (Pilot) ගේ සංගමය රජයට පොරොන්දු වී තිබේ.
එම සංගමය රජයට පොරොන්දුවී ඇත්තේ වරාය අධිකාරියේ නියමුවරුන්ගේ සංගමය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත් සතියේ මුණ ගැසුනු අවස්ථාවේදීය.
ඊට නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද සහභාගී වී සිටියේය.
කොළඹ වරාය ඇතුළු මෙරට වරායන් වෙත පැමිණෙන විශාල නෞකා වරාය ජැටි වෙත රැගෙන එනු ලබන්නේ මෙම ටග් යාත්‍රා මගිනි. එසේම පිටත වරායේ නවතා පහසුකම් ලබා ගන්නා නෞකාවල කපිතාන්වරු සහ කාර්ය මණ්ඩලය ගෙන එනු ලබන්නේ ද කුඩා යාත්‍රා මගිනි.
එම යාත්‍රා පදවනු ලබන්නන් නියමුවරුන් ලෙස හදුන්වන අතර ඔවුන් ගේ සංගමයේ නිලධාරීන් මෙලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මුණ ගැසී තිබුණි.
ඉකුත් 15 දා පැවැති වැඩ වර්ජනයට මෙම සංගමය ද එක්ව සිටි අතර ඔවුන් වෙනුවට නාවුක හමුදාවේ යාත්‍රා යොදවා නෞකා වෙත අවශ්‍ය පහසුකම් හා සේවා ලබාදීමට රජය කටයුතු කටයුතු කළේය. පසුව මේ පිරිස නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු සාගල රත්නායක මහතා මුණ ගැසුණේය.
මුලින්ම ඔවුන් වැඩවර්ජනය නිසා ඇතිවූ අපහසුතාවය වෙනුවෙන් රජයට කණගාටුව පළ කර ඇති අතර පසුව ඔවුන් තමන්ගේ රාජකාරි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත. මූල්‍ය ගැටලුවලට මෙි මොහොතේ විසදුම් ලබාදිය නොහැකි බව දන්වා ඇති සාගල රත්නායක මහතා යළි යළිත් මේ සේවය බිඳ වැටෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග වෙත යාමට රජයට සිදුවන බව දැනුම් දී ඇත.
එහිදී නියමු සංගමය කියා ඇත්තේ යලිත් එවැනි බිද වැටීමක් සිදු නොවනු ඇති බවය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැඩවර්ජනයක් ආවොත් ටග් යාත්‍රා සීරුවෙන්