IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වතු අධිකාරිවරුගෙන් අනතුරු ඇඟවීමක්

(හැටන් රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇතැයි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසයි.

පවත්නා තත්ත්වය වතු පාලන අධිකාරියේ නිලධාරින්ගේ ජිවිතවල අවදානමක් පවතින බව ද ඔහු පවසයි.  

තලවකැලේ වතු යායේ සහකාර වතු අධිකාරිවරයකුට සහ ක්ෂෙත්‍ර නිලධාරින් දෙදෙනකුට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් පසුගිය දා අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සිය විරෝධය දැක්විම සදහා අද  දින නානුඔය රදැල්ල ක්‍රිඩාංගණ සංකිර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි මේ බව පැවැසීය.

මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති එක්ක සාකච්ඡාවක් කරනවා . සමහර විට සංකේත වැඩ වර්ජනයකට යන්න වෙනවා නිලධාරින් විදිහට , තවමත් ඒ පිලිබදව තිරණයක් නැ .

අපි රාජකාරි කටයුතු සිදු කරන්නේ අපේ පාඩුවේ, තලවකැලේ සිද්ධිය ඉතාමත් අශෝභනයි, එම සහකාර වතු අධිකාරිවරයා එම වතුයායට ඇවිල්ලා මාස තුනක් නැ .

අපි නේද මැදිහත් වෙලා රටට අදායමක් ගෙනල්ලා දෙන්නේ, කොරොනා කාලේ එන්නත් නොමැතිව අපි වැඩ කළා.

මෙවැනි සිදු විම් අයෙත් සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි මිට කලින් ඇමතිවරුන් , වෘත්තිය සමිති එකතු වෙලා සාකච්ඡා කරා , නමුත් එකෙන් කිසිදු ප්‍රතිඵලයක් නැ.

අපිට කිසිදු ආරක්ෂාවක් නැ මේ ක්ෂේත්‍රයේ මෙයට පියවරක් ගන්නැයි අපි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  

 



අදහස් (11)

වතු අධිකාරිවරුගෙන් අනතුරු ඇඟවීමක්

සෙනෙවිරත්න Saturday, 02 October 2021 12:01 AM

ඔන්න දැන්නම් හොඳටම වැටහෙනව ඇති යුද්ධය කලේ ෆොන්සේකා බව, මේවගේ දෙයක් මහින්ද මහත්තයා විපක්ෂයේ ඉන්නකොට සිදු උනානම් මොනවද නොකියන්නෙ?

:       4       5

Perera Saturday, 02 October 2021 12:27 AM

කලකට කලින් වතු අධිකාරිවරයාගේ වාහනේ එනකොට කානු වලට බැහැලා නමස්කාර කරපු කම්කරුවන් අද වතු අධිකාරීන්ට පහර දෙන ගානට දියුණු වෙලා

:       2       8

Kule Saturday, 02 October 2021 03:59 AM

සුද්දගේ කාලේ නම් වඳුරන්ට දැලි පිහි දුන්නේ නැහැ

:       1       7

Demuni Uduwara Saturday, 02 October 2021 04:28 AM

මමත් අවුරුදු ගණනාවකට පෙර වතුවල සේවකයෙක්. රජය මෙම ව්‍යසනකාරී තත්ත්වය දෙස සමීපව බැලිය යුතු අතර දේශපාලනයෙන් තොර ධනාත්මක පිළියම් යෙදිය යුතුය!

:       0       5

වත්සි Saturday, 02 October 2021 08:41 AM

තමන්ගෙන් රටට මෙන්ම රැකියාවට විය යුතු සේවයට වඩා තමාට රටෙන් සහ රැකියා ස්ථානයෙන් ලැබිය යුතු දේ ගැන සිතන්න, ඒවා ඉල්ලා වර්ජන කරන තැනට මිනිස්සුන්ව පත් කළේ වෘත්තිය සමිති. ඒ මානසිකත්වය සහිතව ඉන්න අය මත් වතුරෙනුත් සප්පායම් උනාම ඉතිං තත්ත්වය නරක අතට හැරෙනවා. අපේ රටේ බොහෝ ආයතන, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන නට්ටං වෙන්න, ඒවායේ ඇති දූෂණවලට අමතරව, මේ වෘත්තිය සටන් නමැති කප්පම් වැඩත් හේතුවක්. ගුටි බැට නැතුව ප්‍ර්‍රශ්නයක් විසදා ගැනීමට නොහැකි වී ඇත්තේත් එනිසායි.

:       0       10

chandanaSaturday, 02 October 2021 10:45 AM

සම්පූර්ණ ඇත්ත. මේ රට දියුණු කරන්න බැරි ප්‍රධාන හේතුව වෘත්තීය සමිති තමයි. සමස්ථ රටේ සමාජ සංවර්ධනය, සමස්ථ ආර්ථික සංවර්ධනය, ජාතික ආරක්ෂාව වගේ දේවල් වලට වඩා මූලික අයිතිවාසිකම් තනි පුද්ගල අයිතිවාසිකම් බලාත්මක නොකල යුතුයි. රටක සමාජයක ඉදිරියට යන පිලිවෙලක් තියෙනවා. ඒ් කියන්නෙ කවුරුහරි රස්සාවෙන් ඉවත්වුනොත්, මියගියොත්, ඒ් අඩුව පුරවන්න ඊළග කෙනෙක් සමාජයේ ඉන්නවා. ඒ්ක නිසා පුද්ගලයා නොව වෘත්තිය ඉස්මතු කල යුතුයි. රැකියාවේ ඉන්න කෙනා ඒ්කෙ අයිතිකාරයා කියලා හිතන ඒක, තමන් විතරයි ඉන්නෙ කියල හිතන ඒක, තමන් විතරයි දන්නෙ කියන ඒක, වෙන කෙනෙක්ට ඉඩ නොදෙන ඒක දැඩි නීති රීති වලින් වලක්වන්න ඔ්නේ. මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන රටවල් තම රට අභ්‍යන්තරයේ කරන්නේ ඒහෙම තමයි.

:       0       4

අරුණ Saturday, 02 October 2021 11:59 AM

ඕනෑම ආයතනයක් සංවර්ධනය වෙන්න නම් තම තමන්ගේ නායකයට මුල් තැන දෙන්න, ගරු කරන්න, ඉගෙන ගන්න ඕනෑ. ඒ අතින් වතු කම්කරුවන් වැරැදියි. හැබැයි වතු අරාජික වෙලා තියෙන්නේ කම්කරුවන්ගේ වැරදි වලට වැඩිය මහත්තුරුන්ගේ හොරකම් නිසා. එක්කෝ බෙහෙත් ටික, පොහොර ටික, උදලු පිහි තමන්ගේ ගෙදර ගෙනියනවා. නැත්නම් නම දාලා වෙන කොහෙවත් දිස්ත්‍රික්කයක තියෙන තමන්ගේ ගෙදර වගා කරන්න වත්තේ මිනිස්සු යවනවා. එකඑක මහත්තුරු තම තමන්ගේ හොරකම් වහගන්න තමන්ට පහළින් ඉන්න මහත්තුරු කරන වැරදි දැක්කේ නැහැ වගේ ඉන්නවා. කම්කරුවොත් ඕවා දන්නවා. මහත්තුරුත් හොරකම් කරන එකේ අපි මොකටද වැඩියෙන් වැඩ කරන්නේ කියලා කම්කරුවන් ඕනෑවට එපාවට වැඩ කරනවා. තමන්ට පහළින් ඉන්න කෙනාට උපදෙස් දෙන්න නම් තමන් පිරිසිදු වෙන්න ඕනෑ. එතකොට පහළින් ඉන්න අය එයාලටම හිතිලා මහත්තුරුන්ට ගරුකරයි...

:       0       4

Lalith M Saturday, 02 October 2021 01:44 PM

වතු කොටස්කර සේවකයන්ට නිවාස සඳහා දීම වහාම නතර කරන්න. සේවක නිවාස වතුවලට පිටින් ඉදිකර අයිතිය වතුවලට පවරන්න. නැතිනම් අනාගතයේදී දැවැන්ත ප්‍රශ්නයකට රටට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්ත ජාතිවාදී දේශපාලනය නැවත හිස එසවීම නියතය.

:       0       7

Sameera Saturday, 02 October 2021 06:11 PM

වෘත්තිය සමිති බොහොමයක් කරන්නේ දේශපාලනය! ආයතනයේ හෝ වෘත්තීය දියුණුව සදහා සේවක අභිප්‍රේරණයක් සිදු නොවේ.

:       0       3

Gamarala Saturday, 02 October 2021 06:40 PM

අනතුරු ඇගවීම්, තර්ජන ගර්ජන ඉවරයක් නැහැ

:       0       1

ජනතාව Saturday, 02 October 2021 10:19 PM

ඡන්දෙ ලංවෙනකොට දෙන සේවක පඩි වැඩිවීම් ඇත්තෙන්ම ප්‍රායෝගික නොවෙන්නෙ ලෝකයේ අඩු මිලට අනිත් හැම රටක්ම තේ හා අනෙක් සේවා සපයන නිසයි. අප රටේ එන හැම ආණ්ඩුවකම මුදල් පරිපාලනයේ දුර්වලතාවය හේතුවෙන් අද අපි ඉතා ඉහල මිලකට තත්වයෙන් බාල භාණ්ඩ හා සේවා ලබාදෙන්න නැඹුරු වෙලා. ලංකාව යනු ආර්ථිකය මෙහෙයවීමේ නොහැකියාව මත ලෝකයේ වලපල්ලට ගිය රටක් කියල තව අවුරුදු කිහිපයකින් උනත් මොන හිතකින් කියන්නද? නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1795 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 368 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 779 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4720 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 614 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3562 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site